(ෂෙහාන් චාමික සිල්වා)
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බල කර සිටින බවයි.
දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අද (16) නියෝග කළේය.
හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ පරීක්ෂණ මෙහෙයවලා මේක ඇක්සිඩන්ට් එකක් කියලා තීන්දු කළා නේද ?? දැන් සිහිය විකල් වෙලාද කොහෙද ??
කල අය එයානේ දන්නේ එක පොලිසියට කියන්න කියන්න රට වටේ හොයන්න ඕනේ ද ?
බොහොම වැදගත් ප්‍රකාශයක්. දන්නවනේ කවුද කලේ කියලා.? උපදෙස් දුන්නේ කියලා.? විස්තරේ කියන්න. වැඩේ කොටින්ම ඉවරනේ. බිත්තරේ රකින්නේ නැතිව.
පිස්සු කතා කියන්න එපා. එතකොට UNP එක බලය ගන්නේ කොහොමද?
සැබෑ මිනීමරුවා? ඒ කියන්නෙ මේක හදිසි අනතුරක් නෙමේ මිනී මැරුමක්. ඒ විතරක් නෙමේ මිනී මරුවා කව්ද කියලත් අනුර සේනානායක මහත්තයා දන්නවා කියන එකනෙ.
ඔයා ඇත්ත කීවානම් ඉවරයිනේ මහත්තයෝ....
දැන් මේක අනතුරකින් නොවූනු වග පැහැදිලියි එකනේ මෙයා කියන්නේ නියම ඝාතකයන් අත්අඩංගුවට ගන්න කියලා.
එහෙම නම් එය රිය අනතුරක් නොව මිනී මැරුමක් බව පෙනියනවා.
ඔයාම කියනව දැන් මිනීමැරුමක් කියලා. ඇයි ඕක ඒ දවස් වල කියන්න අමතක උනාද? දැන් ඔයා නම කීවත් වැඩක් නෑ. මිනීමරුවන් අත්අඩංගුවට ගන්නෙ නෑ. මොකද කාටවත් නියම යුක්තිය ඉටු කරන්න නෙවෙයි තමන්ගෙ දේශපාලන අවශ්‍යතාවය ඉටු කරන්නයි ඕන.
මේක මිනී මැරුමක් වග පැහැදිලියි දැන්නම්....
මෙයා දැන් ඇත්ත කියනවා. එකත් අධිකරණය තුළදී. මේ නඩුව තව තව කල්ගන්නත් වෙන්න බැහැ. මෙතකන් රිය අනතුරක් කියල කියපු මෙයා, දැන් මිනීමැරීමක් කියල අධිකරනය තුලදීම කියල. ඉතින් තවත් මොනවට ප්‍රමාද කරන්නේ?
රජයට ප්‍රශ්න වැඩි වෙන කොට තාජුඩීන් වලපල්ලෙන් එළියට ගන්නවා
සැබෑ මිනීමරුවා තාප්පයයි.
කොහොමද උසස් තනතුරු , අසාධාරණ පොහොසත් වීම් , තරු පටි වලට ගිජු වුනු නිසා තපින තෙපිල්ල .... මේවා දෙසපාලුවන් වෙනුවෙන් රෙදි අපුල්ලන , එවුන්ට කඩේ යන අනෙක් තරු පටි කාරයොත් තේරුම් ගන්නවානම් තමයි හොඳයි ...
විශේෂයෙන් පොලිස් නිලධාරියෙකුගෙන් වෙන්න ඕනේ මධ්‍යස්ත අවංක ජනතා සේවයකුයි . මොහු කෙරුවෙම එ්කේ අනෙක් පැත්තයි..මොහු එදා සහෝදරයන්ගේ බලයෙන් තරු පටි ගහගෙන සිංහ වෙස් ගත්තට මොකද අද නරි ගානට පත්වෙලා පෙනවනේද අධිකරණයෙන් ඉල්ලා සිටින දෙය ..මේවගේ සිංහ වෙස් ගන්න අනෙක් එවුන්ටත් වෙන්නේ මේ ටිකමයි ..