රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුරෙන් ලබාගත් කොටස් හා එක්ස්රේ කොටස් සොයාගැනීමට නැතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පැමිණිලි කළ බව රහස් පොලිසිය අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
තාජුඩීන්ගේ සිරුරෙන් ඉවත්කළ කොටස් සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරගේ වාර්තාවේ සඳහන් පරිදි එම කොටස් මෘත ශරීරාගාරයේ හෝ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිශීතකරණයේ හෝ ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
එම කොටස් දොස්තර සමරසේකර බාරයේ ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස එම මරණ පරීක්ෂණයට සහභාගීවූ දොස්තර රාජගුරු ඔහුගෙන් ඉල්ලා ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියේ තීන්දුවක් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලෝ මේගොල්ලෝ කවුරුත් එකයි වගේ. අපි කට ඇරගෙන බලාඉන්නවා. එච්චරයි. (නි)
මෙලෙසින් අධීකරණමය තීන්දුවක් සඳහා සාක්කිමය වැදගත්කමක් ඇති පටක සාම්පලයක් ආරක්ෂා කරගන්නට නොහැකි රටක, මරණ දණ්ඩණය ගේන්නට පෙර කළ යුත්තේ මෙම නීති පද්ධතිය අදට ගැලපෙන සැකසීමයි , එහි ස්වාධීන බව නැවත ලබා දීමයි (බ)
තාම බැරි වුනා හොද හෝඩුවාවක් ගන්න , මම හිතුවා මෘත දේහය ගොඩ ගත්ත ගමන් සාක්ෂි හරි කියලා , බලා ගෙන ගියාම එ්කත් වැඩක් නැති වුනා . කොහොම හරි වැරදි කාරයා අත් අඩංගුවට ගත යුතුයි නේද ? (බ)
අවුලක් නෑ ජන්දෙ දින්නනෙ..(ම)
දැන් ඔය වාර්තාවෙ තියෙනවගේ කොටස් ටිකක් හොයාගෙන ශීතකරණයේ දෑවානම් ඉවරයි නේ මේවත් ප්‍රශ්නද (අ)
අවුලක් නෑ ඡන්දෙ දින්නනෙ... ආයෙත් ඡන්දයක් එනකොට ගොඩගමු...(බ)
මේවා ඔක්කොම නාඩගම් .. එක එක කාලයට අලුත් අලුත් නාටක රංග දක්වනවා .. කොහොමත් මේක මිනි මෙරුමක් නම් අපරාධ කාරයින්ට දඬුවම් දිය යුතුමයි .. දේශපාලනයක් ගාව ගන්නේ නැතිව (බ)
රටේ නීතියෙන් ගැලවෙන්න පුළුවන් වුනාට ඔය පාපතරයන්ට දෙවියන්ගේ නීතියෙන් කිසි ගැලවීමක් නැහැ. (බ)
හරියට චිත්‍රපටියක් වගේ මට දැනෙන්නේ (නි)
අභිරහස් මරණයක් ලෙස සළකන මේ සිද්ධිය යටගහන්න තවමත් සමහරු හදනවා වගෙයි (නි)
මේක ශර්ලොක් හෝම්ස්ගේ කතාවක් වගේ (බ)
මම එදා නීතියේ සාධාරණය අභියෝගයට ලක්කළා සේම අදත් කියා සිටිනවා වතුර බහිනේ පහළ තැනින් පමණයි කියා. ලොක්කන්ගේ පුත්තු එහෙම ලෙහෙසියෙන් එල්ලුම් ගස් යයිද? දුප්පත් සාමාන්‍ය මිනිහෙක් ඔය මිනීමැරුම කළා නම් ඔහුව එල්ලලා විතරක් නොවෙයි හමගහලා. වැටත් නියරත් ගොයම් කන එකම රට ලංකාව වෙන්න බැරිද? (නි)
අපරාදේ රටක් වටිනා තරුණ වස්තුවක් රටට අහිමිවුණා.ඔය මිනීමැරුමට සහභාහිවුණ කිසිම කෙනෙකුට හොඳක් නොවේවා! දෙවියෝ බලා ගනිත්වා! (නි)