විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල විගමනික සම්පත් මධ්‍යස්ථානයේ පුහුණුව ලබන මැදපෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් යෑමට නියමිත කාන්තාවන් 121දෙනෙකු ආහාර වර්ජනයක යෙදී ඇතැයි එම කාන්තාවෝ පවසති.
ආහාර සැපයුම් කරුවෙකු හරහා විදේශ සේවා මධ්‍යස්ථානය මගින් සපයනු ලැබූ ආහාර ලබා ගැනීමෙන් පසු රෝගී වූ බව කියන පුහුණුව ලබන කාන්තාවන් 16දෙනකු අඟහරුවාදා (29) රෝහල් ගත කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
පුහුණුව ලබන කාන්තාවන් පවසන්නේ ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත වීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දින 40ක නේවාසික පුහුණුවක් ලබා දෙන බවයි.එම පුහුණුව සදහා එක් කාන්තාවකගෙන් පුහුණු වීමේ ගාස්තු වශයෙන් රුපියල් 13822ක් අය කරන බවත් ඊට අමතරව ආහාර ලබා දීම සදහා රුපියල් 12000ක මුදලක් කාර්යාංශය මගින් අය කරන බවත් ඔවුහු පවසති. තමන්ගෙන් මුදල් අය කර පිරිසිදු ආහාර වේලක් ලබා දීමට කාර්යාංශය කටයුතු නොකරන බව එම කාන්තාවෝ පවසති.
තංගල්ල නගරයේ කාන්තාවක් පසු ගිය දින කිහිපය පුරා දුන් ආහාර ඉතා අපිරිසිදු බවත් පිළුණු ව තිබූ බවත් එම කාන්තාවෝ පවසති. තංගල්ල විගමනික මධ්‍යස්ථානයේ නිළධාරීන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අසරණ බවත් ඉහල නිළධාරීන් ගේ නොසැලකිල්ල හා දරදඩු ප්‍රතිපත්ති නිසා ගෘහ සේවය සදහා පිටත්ව යාමට නියමිත පුහුණුව ලබන කාන්තාවෝ දැඩි පීඩනයකට පත්ව ඇති බවත් කියති. තමන් ආහාර වර්ජනය කරනවිට තංගල්ල කාර්යාලයේ නිලධාරීන් මුදල් එකතු කොට කාර්යාලයේ මුළුතැන් ගෙයි ආහාර පිස තමන්ට කන්නට දුන් බවද එම කාන්තාවෝ පැවසූහ.
පුහුණුව ලබන කාන්තාවන් පවසන්නේ ඔවුනට ආහාර ලබා දීම සඳහා වෙනත් ආයතනයක් පත් කොට පිරිසිදු ආහාර වේලක් ලබා දෙන තෙක් තමන් ආහාර වර්ජනය කරන බවයි. මේ සම්බන්ධයෙන් තංගල්ල විගමනික සම්පත් පධ්‍යස්ථානයේ නිලධාරීන්ගෙන් අප කරුණු විමසුවද ඔවුන් මාධ්‍යයට තොරතුරු ලබා දීමට නොහැකි බව පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු සල්ලි ගන්නේ මොකටද පුහුණුවට? මේවා රජයේ වගකීම්. විදේශ විනිමය එවන්නේ ලංකාවටද? නැත්නම් ඉන්දියාවටද? (නි)
දුප්පත් මිනිස්සුන්ට කරන මේ වැඩ වලට නිලධාරින්ට හොඳක් වෙන්න හොඳ නැහැ! (නි)
නැතිබැරිකමට රට යනවා මුළු සේසතම උගස් තියලා. එ්කෙනුත් රජය ගන්නවා. ඒත් දෙන්නේ කුණු කෑම (නි)
එහෙම කියලා බැහැ. බලෙන් හරි කෑම කවලා සෞදියට යවන්න (නි)
මැද පෙරදිග හාම්පුතුන් අපේ අසරණ කාන්තාවන්ට නොසලකන එක පුදුමයක් නොවෙයි අපේ ලංකාවේ තිරිසන් නිලධාරිනුත් එහෙම කරනකොට. අපේ කාන්තාවන් ලංකාවට විදේශ විනිමය උපයාදීමෙන් කරන සේවය ඇගයීමට ඒ අය ලංකාවට ආපසු එනකොට රෙඩ් කාපට් වෙල්කම් දෙන්නයි වටින්නේ. ගුවන් තොටුපලේදීත් ඒ අයට හරියට හිරිහැර. (හේ)
.ලිවීමට බොහෝ දේ හිතට ගලාගෙන අහවත් හිතට දැන්නේ වේදනාවක් පමණි!!! (ම)
පව් අසරණ කාන්තාවෝ ටික. මේ අය සල්ලි තිබිලද මේ දහස් ගනන් ගෙවන්නේ, එහෙම අයටවත් පිරිසිදු ආහාර ටික්ක දෙන්න තරම් උවමනාවක් නැහැ ඉහල යයි කියන නිලධාරින්ට.(හේ)
පුහුණු වීමේ ගාස්තු වශයෙන් රුපියල් 13822ක් අය කරන්නේ මොනවටද? (හේ)
ඇයි මේ දකුණේම මේ දේවල් සිද්ද වෙන්නේ. (හේ)
රට ගියත් ගොඩක් අයට දුක් විඳින්න වෙනවා... මේ රටේ දෙයක් කරගෙන දරුවන්ගේ දුක සැප බලාගෙන රටේම ඉන්න එක තමයි හොඳම....(හේ)
ගෙදර පිරිමියා පිරිමියෙක් විදියට හිතනවා නම් කාන්තාවන්ට මේ දුක් විදින්නට සිදුවෙන්නේ නෑනේ. (හේ)
අහිංසක මිනිසුන්ට කන කෑම වෙල හරියට දෙන්න බැරි කාටද? (නි)
ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් වැටුප් නොමැතිව සහ වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් එක සිය හතළිස් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. මැදපෙරදිග අසරණව සිටින පිරිස් නැවත ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු අතර විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකාවට නැවත පැමිණි පිරිස් පෙන්වා දෙන්නේ. එලෙස මැදපෙරදිග සේවයට ගොස් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මුළු පිරිස දෙසීය දාහතක්. විදේශ රැකියා නියෝජිත ආයතන මැදපෙරදිග බලා යන ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට එල්ල වන තාඩන පීඩන පිළිබඳ සොයා නොබලන බවත් සඳුදා දිවයිනට පැමිණි කාන්තාවක් සඳහන් කළාය.\(බ)
මේ විනාශ කරන්නේ අපේ මව්වරු නේද? රට සුර සැප නැත. දරුවන් හදාගෙන ගෙදර ඉන්න. අඩු පඩියකට උදේට ගිහින් හවස දරුවෝ එක්ක ඉන්න රස්සාවක් හොයාගන්න. (බ)
නොකා නොබී හෝ අපේ දේශපාලකයන්ට සුර සැප විඳින්නට වහල් සේවයට ඔබලා යායුතුමය. රට වෙනුවෙන් ඔබලා කරන්නට යන පිනට පිළුණු කෑම ටිකක් කන්න වීම ගැන ටිකක් ඉවසන්න. මොකද තීරුබදු රහිත වාහන ගැන අපේ සමහර අය ඉවසන ඉවසීම ගැන බලන විට ඕක සුළු දෙයක්නේ. (බ)
“ දේශපාලකයන්ට සහ දේශපාලඥයින්ට පන්දම් අල්ලන නිලධාරීන්ට සුරසැප විඳින්නට වහල් සේවයට ඔබ යායුතුමය“ ලෙස වෙනස් කළා නම් තව හොඳයි වින්ස්ටන්ට්. (නි)
මේ මිනිස්සු එවන සල්ලි වලින් ඒකාලේ නම් සැප වින්දේ ඕක ඇතුළේ හිටිය ඔය කියන නිලධාරින් තමයි. (නි)
රට සේවයට නියම පුහුණුව මේක කියලා බලධාරින් හිතන බැව් පෙනේ. (නි)
මේවාට යන්නේ අසරණ අය නිසා ඒ අයව ගණන් ගන්නෙ නැහැ ඔය කියන නිලධාරින්. උස්තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ මේ වගේ අය තමයි. (නි)
මේ අක්කලා අම්මලා රට ගියේ නැත්නම් මෙහෙ අය කෝටි ගණන් වියදම් කරන්නේ කොහොමද? මේ අය යන්නම ඕනෑ. මෙහෙදි ඉඳුල් බත්. එහෙදි කස පහර. හැබැයි බලන්න කෙනෙක් නැහැ. (නි)
ඉහළ නිළධාරීන්ගේ නොසැළකිල්ල හා දරදඩු ප්‍රතිපත්ති නිසා ගෘහ සේවය සඳහා පිටත්ව යාමට නියමිත පුහුණුව ලබන කාන්තාවෝ දැඩි පීඩනයකට පත්ව ඇති බවත් කියති. මේ තමයි ඇත්ත මම හිත්නනේ. (නි)
අහෝ අපේ රටට වෙලා තිබෙන ඛේදවාචකය! කාට කියමුද මේ අවනඩුව? (නි)
මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. බලන්න ඒ මිනිසුන්ගේ මුහුණු වල තියෙන අසරණකම. (නි)
මේ පුහුණුව ගැන කතාකරලා වැඩක් නැහැ මට නම් (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
හරිම සෝචනීයයි. මේ යුවතියන් රටට සම්පතක්. අපේ රත්තරන් අම්මල ටික අරාබියට විකුණලා සල්ලි හොයන එක නවත්වන්න මේ පාදඩ දේශපාලකයන්ට තවමත් බැරි උනා. මේ යුවතියන් මහන්සියෙන් හම්බකරගෙන රටට ගෙනෙන විදේශ ධනය දේශපාලකයෝ ගසා කනවා මිසක් රටට වුන සෙතක් නැහැ. මේවා සහගහන අපරාධ. (කෞ)