බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණට ඇප ලබාදීමේ ඉල්ලීම සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) තීන්දු කළේය.
2011 වසරේදී සිදුකළ මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපති සමග ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රගීත් චතුරංග සහ ඩබ්ලිව්.චතුරංග යන අය රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට ඇප ලබාදෙන්නේ මොකටද ? ප්‍රසිද්ධියේ ස්ත්‍රී දුෂණ කරලා , මිනිමරලා , ප්‍රදේශයේ ජනතාවගෙන් කප්පම් අරන්, ඒගොල්ලන්ට ඇප දුන්නොත් එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයන් ඔවුන්ට කප්පම් ගෙවන්න වෙනවා. ජනතාව ජිවත් වෙන්නේ බයෙන්, කොටිම්ම කියනවා නම් මොවුන් පාතාල නායකයන් (නදී)
අලුත් ආණ්ඩුවෙන්ම වැඩේ දෙමු..!! (අ)
මොහුට දීපු දඬුවම මදි මගෙ හිතට නම්. මොහු මේ හෝටලයට සහ එම ප්‍රදේශයේ සහ රටේ සංචාරක ව්‍යාපාරයට කළ හානිය රුපියල් කෝටි 50 කට වැඩියි. නම වෙනස් කළත් එම හෝටලයට තවම සංචාරකයෝ එන්නේ නැහැ.මොහුට ඇප දෙනවා කියන්නේ එම ප්‍රදේශය නැවත භීතියට පත්කරවන්නකි. එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් ජිනිවා වලදී අපේ බෙල්ලට තොණ්ඩුව දමයි.රුසියන් තරුණිය දුෂණය කළ නිසා රුසියාව ජිනීවා වලදී අපේ කකුලෙන් අදිනු ඇත. කරුණාකර මේ පුද්ගලයාට ඔහුට නියමවූ කුඩුවේ ඉන්න හරින්න.එය රටටත්, තංගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත්, ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් ගුණදායකය (නි)
මොන ඇපද? මේ අපරාධය කරපු බවට මෙච්චර ඔප්පුවෙලා තියෙද්දී. මෙයාව එල්ලුම් ගස් යවන්න ඕනේ මෙයාගේ ගුරු අප්පොච්චිට උන ගැනෙන්න. (නදී)
මෙයාව එල්ලුම් ගස් යවන්න .(අ)
ඇප ලබා ගැනීමට අහවලා අගමැති කරමු. (නදී)
අවරුදු 7ක් හිරේට ගිය මිනිහ ඇප ඉල්ලනවා. මාර රටක් මේක. ඇපත් කැන්සල් කරලා මරණ දඩුවමයි නියම කරන්න ඕනේ. වටිනා ජීවිතයක් විනාසකලා. ඒ අසරණ කාන්තාව දුෂණය කළා, ජාත්‍යන්තරයෙන් රටට කළු පැල්ලමක් එක්කළේ මෙයා. නියම දඩුවම මරණ දඩුවමයි. දේශපාලන හයිය ඉසමුදුනෙන් පිටවෙන්න දඩුවම් කරන්න ඕනේ (නදී)
මේ වගේ අයට මොන ඇපද (නදී)