බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතන නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශන ලබන සිකුරාදා (11) අරඹන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය නියෝග කළාය.
දෙසතියකින් තීන්දුව දීමට අදහස් කරන බව ද ඕ කීවාය.
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ පැමිණිල්ලේ අවසන් සාක්කි සටහන් බ්‍රහස්පතින්දා උදේ ලැබුණු බවත්, දේශන පැවැත්වීමට පෙර ඒවා අධ්‍යනය කළ යුතු බවත්ය.
ලබන සිකුරාදා වන විට විත්තිකරුවන්ගේ ප්‍රකාශ සහ සාක්කි සම්පිණ්ඩන දේශන අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
කුරාම් ෂේක්ගේ පෙම්වතිය වන වික්ටෝරියා කෙළෙසීයැයි ද තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිමක් චෝදනා ලැබ සිටිති.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග ද වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාන්තාවට සාධාරණයක් ඉටුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)
සාධාරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටිමු (නි)
නිදොස්කොට නිදහස් කරාවි.මෙයාට දඩුවම් දෙන්න කලින් නීතිපති නිදහස් කරයිද දන්නේ නෑ. දේශපාලන බලය බොහොම වැඩියිනේ. (ස)
ලංකාවේ නිතිය ගැන විශ්වාසය තබන්න පුළුවන් වෙන තවත් අවස්ථාවක්. (අ)
මහ ජනතාව සහ ලෝකය බලා සිටිනවා මේ තීන්දුව දෙනතුරු. අපි විශ්වාස කරනවා අපේ ගරු අධිකරණය හරි තීන්දුව දෙයි කියලා. මිනීමරුවන් සහ දුෂකයන් තුරන් කරන්න ගරු අධිකරණයේ තීරණය හරිම වැදගත්. (නි)
මට නම් හොඳටම විශ්වාසයි මෙයාලට මරණ දඬුවම ඒකාන්තයි කියලා. පස්සේ යහපත් කල්ක්‍රියාව නිසා එළියට එන එක වෙනම වැඩක් (නි)
මමත් හරිම සතුටු වෙනවා එල්ලුම් ගහ හෝ ජීවිත කාලයටම හිර දඩුවම් ලැබුණොත්. අපි බලා සිටිමු නීතියේ සාධාරණය කොහොමද කියලා (නි)
නීතිගරුක හැම රටක්ම මේ තීන්දුව කෙරෙහි අවධානයෙන් ඉන්න බව කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)
මෙතන අදහස් දක්වා තිබෙන උගත් නීතිගරුක මහ ජනතාව මේ නඩුවේ ජුරි සභාව වගෙයිනේ (නි)
පෙනෙන විදියට මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙයි වගේ (නි)
සෝමා නෝනා , ඉන්දික ඔයාල හරි. මුළු ලෝකෙම බලා ඉන්න නඩු තීන්දුවක්. ලංකාවේ උසාවිය හා නිතිය තවම ක්‍රියාත්මක වන බව ලෝකෙට පෙන්වන්න හොද අවස්තාවක්. නියත වශයෙන්ම දැනට මරණ දඩුවම් ලැබේවි. සමහර විට පසු කාලෙකදී පොදු සමාවක් හෝ ජනාධිපති සමාවක් ලබා වෙනස් වේවි. (නදී)
මරණ දඩුවම ලැබේවා ! (නදී)
රටේ නීතිය ගැන බලන්න තියෙන හොඳම අවස්ථාවක් මේක.(නදී)
පසු කාලෙදී වෙනස් උනත් කමක් නැහැ නිවැරදි සාධාරණ තීන්දුවක් දුන්නොත් අපට ලජ්ජා නැතුව පිට රටක ඉන්න. හැමෝම බලන් ඉන්නේ නඩුවේ තීන්දුව දිහා. (නදී)
පැහැදිලි සහ ඔප්පු කළ හැකි සාක්කි නොමැති හෙයින් සමහර විත්තිකරුවන් නිදහස් වෙන්නත් පුලුවන්. (නි)
මමනම් හරිම සතුටු වෙනවා එල්ලුම් ගහ හෝ ජීවිත කාලයටම හිර දඩුවම්,අපි බලා සිටිමු නීතියේ සදරණය (දී)
අමුතුවෙන් නොකිවුවත් අපිට හිතාගන්න පුලුවන් මොකක්ද තීන්දුව කියලා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මට නම් හරිම බයයි මේ නඩුවේ තීන්දුව මොකක් වෙයිද කියලා (නි)
මොවුන්ට මරණ දඩුවම හොද වැඩි බවයි මටනම් හිතෙන්නේ . (දී)
උළු ගණන් කරන ඒ සුන්දර කාලය දුර නැහැ වගෙයි. (නි)
මරණ දඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
අපේ තාමත් ක්‍රියාත්මක වෙන්නෙ බ්‍රිතාන්‍ය නීතිය. (නි)
වැඩක් නැහැ. ජනාධිපති පොදු සමා කාලය තුල මේ අය එලියේ. (ස)
උපරිම දඩුවම් බලාපොරොත්තු වෙනවා (නි)
මරණ දඩුවම ඔයාලට පිස්සුද කොහෙද මුවෙක් මැරුවොත් අවරුදු 25 යි. මිනිහෙක්ට අවරුදු 5 යි (නදී)
මොනව වෙන්නද........ සුද්දි එයාවම දුෂනය කරගෙන සුද්දව මරල බොරු පැමිනිල්ලක් කරල කියයි....මෙි අහිංසකයින් බෝ පැල වගේ අය නිසා කරපු ලැඡ්චාවට සුද්දිට වන්දි ගෙවන්න කියයි. (ස)
තීන්දු බලාපොරොත්තු වූ ලෙස නොවුණහොත්, ලෝකයා කුමක් කියාවිද? (නි)
කරුණාකරලා උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
තීන්දුව දෙස මුලු ලෝකයම බලාගෙන ඉන්නවා (නි)
තීන්දුව මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)