බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදට කොළඹ කොලම මහාධිකරණයෙන් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කළ වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපති සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් දෙක ඔක්තෝබර් 06 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන මහත්මීන් හමුවේ සලකා බැලිණි.
සම්පත් විදානපතිරණ, උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය, ප‍්‍රලීත් චතුරංග සහ ළහිරු කැලූම් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ළිහිල් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් වැඩි කරන්නැයි ඉල්ලා නීතිපති අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කළහ.
2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් කෙළෙසූ විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එවැනි ක්‍රියාකාර කම් නිසා අපි ලෝකයටම ලජ්ජා වට පත් උනෙමු. (ර)
ජීවිතාන්තය දක්වා හිරේට යොමු කරන්න ..නීති පතිගේ මනසට වැටහේවා මේ තිරිසනුන් අපරටට කළ අවමානය.. (බ)
දිස්නිලන්තයේ පවුල පිටින් යවනවානම් මොවුන්ටත් ඇප තමයි . හරිනම් මරණ දඩුවම දෙන්න ඕනේ එහෙම නැතිනම් සවුදියේ වගේ ගල්ගසා මැරිය යුතුයි (ම)
මෙයාලගේ නරක වෙලාවට අපේ රට ජාතිය ආගම බේරාගත් මහින්ද මහත්තයා පැරදුනානේ. නැත්නම් හිරේ හිටියත් ලිහිල් තමා. (බ)
මිනි මැරුමක් සහ ස්ත්‍රී දුෂණයක් සදහා නියම කර ඇති දඩුවම හොදටම මදි. ඊට අමතරව මන්ත්‍රී තනතුරු දරමින් , ශ්‍රී ලංකාවට ගෙනදුන් අවනම්බුව සහ අපකීර්තිය . (ම)
මොවුන්ට සිර දඬුවම් වැඩි කල යුතුමයි..(ම)