IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තංගලු ඝාතන ඇපෑල ඔක්තෝබරයේ

බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදට කොළඹ කොලම මහාධිකරණයෙන් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කළ වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපති සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචාන පෙත්සම් දෙක ඔක්තෝබර් 06 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) දින නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන මහත්මීන් හමුවේ සලකා බැලිණි.

සම්පත් විදානපතිරණ, උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය, ප‍්‍රලීත් චතුරංග සහ ළහිරු කැලූම් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ළිහිල් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් වැඩි කරන්නැයි ඉල්ලා නීතිපති අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කළහ.

2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් කෙළෙසූ විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම විය.



අදහස් (0)

තංගලු ඝාතන ඇපෑල ඔක්තෝබරයේ

පරාක්‍රම Thursday, 28 April 2016 02:20 PM

ලංකාවේ එවැනි ක්‍රියාකාර කම් නිසා අපි ලෝකයටම ලජ්ජා වට පත් උනෙමු. (ර)

:       0       0

රූපවතී Friday, 29 April 2016 06:30 AM

ජීවිතාන්තය දක්වා හිරේට යොමු කරන්න ..නීති පතිගේ මනසට වැටහේවා මේ තිරිසනුන් අපරටට කළ අවමානය.. (බ)

:       0       0

විජේලතා රාජපක්ෂ Thursday, 28 April 2016 07:42 PM

දිස්නිලන්තයේ පවුල පිටින් යවනවානම් මොවුන්ටත් ඇප තමයි . හරිනම් මරණ දඩුවම දෙන්න ඕනේ එහෙම නැතිනම් සවුදියේ වගේ ගල්ගසා මැරිය යුතුයි (ම)

:       0       0

මනෝජ් Thursday, 28 April 2016 10:37 PM

මෙයාලගේ නරක වෙලාවට අපේ රට ජාතිය ආගම බේරාගත් මහින්ද මහත්තයා පැරදුනානේ. නැත්නම් හිරේ හිටියත් ලිහිල් තමා. (බ)

:       0       0

සුමිත් Friday, 29 April 2016 01:32 AM

මිනි මැරුමක් සහ ස්ත්‍රී දුෂණයක් සදහා නියම කර ඇති දඩුවම හොදටම මදි. ඊට අමතරව මන්ත්‍රී තනතුරු දරමින් , ශ්‍රී ලංකාවට ගෙනදුන් අවනම්බුව සහ අපකීර්තිය . (ම)

:       0       0

ඉන්දු Friday, 29 April 2016 02:59 AM

මොවුන්ට සිර දඬුවම් වැඩි කල යුතුමයි..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site