ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ චෝදනා කරති.
වසර 2009 හා 2013 දී දුම්රිය සේවයට බඳවාගත්තද විවිධ දේශපාලනික පළිගැනීම්වලට ලක්වෙමින් මෙතෙක් සේවය ස්ථිර නොකරීමෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි එම සේවකයෝ කියති.
මූලික තාක්ෂණ සේවයේ 11 (ආ) පන්තියේ සේවකයින් ලෙස බඳවා ගැනීමට කළ ඉල්ලීම් මෙතෙක් ඉටුවී නැතැයිද පසුගිය රජය සමයේ විවිධ දේශපාලන කටයුතුවලට බලහත්කාරයෙන් සම්බන්ධ කරගත් බවත් ජර්මානු කාර්මික පාඨමාලාව හදාරා විශේෂ සුදුසුකම් සහිතව සේවයට බැඳී කුණු කාණු සුද්ධ පවිත්‍ර කිරීමටද සිදුවූ බවත් ඔවුහු කියති.
පුර්ණ කාලීනව මෙන්ම වසර දෙක හමාර හා තුන හමාර යන කාල සීමාවක් ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේදී මූලික තාක්ෂණික සේවය යාන්ත්‍රික වෑද්දුම්කරු, සාමාන්‍ය වෑද්දුම්කරු, ඩීසල් වෑද්දුම්කරු මැෂින්කරු, ගෑස් කපන්නා හා තහඩුකරු යන තනතුරු සඳහා විධිමත් පුහුණුව ලබා තිබියදී වෙනත් නුසුදුස්සන්ට දේශපාලනික පත්වීම් ලැබී ඇතැයිද ඔවුහු කියා සිටිති.
දුම්රිය සේවයට අවශ්‍ය ශ්‍රමබල ඌනතාවයට විසඳුමක් ලෙස කාර්මික විද්‍යාලය තුළ වසර 3කට වරක් ශිල්පියකු සඳහා ලක්ෂ 5 ක වියදමක් සිදුකර වසරක් අවසානයේ තාක්ෂණ ශිල්පීන් 100 දෙනකු පමණ පුහුණු කරනු ලබන බවත් එම ශිල්පීන් දුම්රිය සේවයට බඳවා නොගෙන නොපුහුණු සේවයකයින් විශේෂිත චක්‍රලේඛ හා ප්‍රතිපාදන මඟින් ස්ථිර සේවය පිහිටුවීමෙන් වර්තමානයේ පවා 50%ක පමණ අඩුවක් පවතින දුම්රිය සේවය තාක්ෂණ ශිල්පී සේවෙය් කටයුතු පවත්වාගෙන යාමට විශාල බාධාවක් සිදුවී ඇතැයිද එම තාක්ෂණ ශිල්පීහු පෙන්වා දෙති. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලිපි මඟින් මේ පිළිබඳව දැනුම්වත් කර තිබුණද සාධාරණ පිළිතුරක් නොලැබී ඇතැයිද තමන් කම්කරු පත්වීම් මත සේවයට බඳවාගෙන විශාල අසාධාරණයකට ලක්ව ඇතැයිද සඳහන් කරති.
මෙසේ අත්දැකීම් ලබා විශේෂ පුහුණුවක් ලබාගත් තාක්ෂණ ශිල්පීන් ස්ථිර බඳවාගැනීම් සිදු නොකර පමා කරන්නේ කවර උවමනාවකටදැයි ඔවුහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති. දුම්රිය සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම සේවකයින් මාස කිහිපයක් ඇතුළත ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු සිදුකරගෙන යන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම තම තැන ගැන ගන්න කතා- තමන් රටට දෙන තැන ගැන නොකර කතා (බ)
ඔය ඔක්කොමල පහුගිය ආණ්ඩුවට හොදටම කඩේ ගියා (බ)
ආණ්ඩුවේ රැකියාව ලැබුනාම ඔක්කොම උඩින් පහල වෙන්න ඕන කියල තමයි බහුතරයක් හිතන්නේ. පුද්ගලික අංශයේ නම් අදාළ තනතුරේ "වැඩ " පෙන්නන්නේ නැතිනම් ස්ථිර කිරීම් , උසස් වීම් මොනවත් නැහැ. ඉස්සෙල්ල තමන් අදාළ තනතුරට සුදුසු බව කාර්යක්ෂමව වැඩ පෙන්වා ඔප්පු කරන්න. ඊට පස්සේ බැරිය අසාධාරණකම් ගැන කතා කරන්න. (බ)
මෙයාලා මේ එක පාරටම ආවේ කොහොමද (දිල්)
සමන්ති,විශ්ව විද්‍යාල වලට ගිහින් දොස්තර විභාගේ පාස් කරලා දොස්තර කෙනෙක් වෙනවා වගේ තමයි මේකත්. ජර්මන් ටෙක් එකෙන් කරන්නේ දුම්රිය සේවයට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කිරිමයි. හැබැයි පහුගිය ආණ්ඩුව ලොකු වැරැද්දක් කරා දුම්රිය සේවයට. ආණ්ඩුවේ පෝස්ටර් ගහපු කඩේ ගිය ගෝල බාලයෝ පොදි පිටින් දුම්රිය සේවයට දැම්මා. එ්කෙන් උනේ ඉගෙන ගත්ත අයට තැනක් නැති උනා. මේ කියන මමත් ජර්මන් ටෙක් එකේ පාඨමාලාවක් කරලා රස්සාවක් නැතුව පිටරටකට වෙලා දුක් විදිනවා. එ්ක හරියට හොර දොස්තර ලාගෙන් බෙහෙත් ගන්නවා වගේ වැඩක්. දුම්රිය සේවයට වෙලා තියනදේ තේරෙනවද ? (නදී)
මෙහි පුහුණුව ලබන අය දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයට බඳවා ගන්නවා කියල නැහැ නේද ? පුහුණුවෙන් පසු සුදුසු රැකියාවක් සොයාගත යුතුයි නේද? (ර)
කසුන් සමන්තිගෙන් අහන්න එයා ඉපදුණේ කොහොමද කියලා (බ)
කවූරුත් දන්නේ නැනේ හරි විස්තරේ. නොදැන කතා කරන්න එපා. මේ අය අවූරුදු 3 සිට 4 1/2 දක්වා දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන හිමි තැන ඉල්ලන්නේ. (ර)
කසුන්, මෙහි ඉගෙනගෙන අවසානයේදී ප්‍රයෝගික පුහුණුවට යම් යම් ආයතන වලට අනුයුක්ත කරන බව දන්නවාද? (බ)
සමන්ති ඔබ දන්නවද ප්‍රායෝගික පුහුණුව දෙන්නේ කොහෙද කියලා?ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නෙත් දුම්රිය දෙපාර්තුමෙන්තුවේ තියෙන කර්මාන්ත ශාලා වලමයි.(හේ)
දුම්රිය නඩත්තු කරන්න නිසි පුහුණුවක් තිබෙන අය අවශ්‍යයි. (නි)