
(අංජුල මහික වීරරත්න)
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදු වී තිබිණි.
මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය.
මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.
COMMENTS
අනේ හොඳයි
ඉරානය ලංකාවට අපනයනය කරන තේ?
රනිල් කෙරුව ලබු ගෙඩියක් නැහැ කියලා තව පැහැදිලි මදිද?
මෙන්න තවත් සුභ ආරංචියක්. හෙට ජනාධිපතිට රටේ ජනතාව අමතන්න පුළුවන්. ඔහුගේ ගෝලයන්ට කිරිබත් කාල, රතින්ඤා පත්තු කරලා විනෝද වෙන්න පුළුවන්.
යුරෝපයේ සිලොන් තේ, සිලෝන් කුරුදු කිව්වම රත්තරන් වගේ නමක් හැබැයි අපේ අයට වටිනාකමක් නෑ අපි අපනයනය කරන තේ ඒ රටවල්වල අංගය එකතුකරලා ආයෙත් විකුණනනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 5-10ක් වටිනාකම තියෙන තේ දෙන්නේ ඩොලර් බිලියන 1-2 වගේ ගානට