වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම නිසා සයවන දිනයටත් වතුකම්කරුවන් සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටියි.
මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් චාන්දනී අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනාකර ඇත්තේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති රුපියල් දහසක මුදල පිළිබඳව සලකා බැලීමට ලෝක වෙළෙඳපලේ තේ මිළ ඉහළයන තෙක් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා තරමක් ප්‍රමාදකළ යුතු බවයි.
එතෙක් කම්කරුවන් ආරම්භකර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් වතු වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා ඇත. තවද සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ වතු සමාගම් වලට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත්, පවත්නා තත්වය මත තේ කර්මාන්තය කඩාවැටීමේ අවධානමකට ලක්වී ඇති බවත් වතු හාම්පුතුන්ගේ සංගමය මෙහිදී පෙන්වා දී ඇත.
මෙම යෝජනාවට අකමැත්ත පලකළ වෘත්තීය සමිති නායකයින් සාකච්ඡා වටයෙන් ඉවත්වී නැවත මෙම සාකච්ඡාව මේ මස 15 වන දින දක්වා කල්දමා ඇත.
වතු අධිකාරීවරුන් පෙන්වාදෙන්නේ මෙවර කම්රුවන්ට වැටුප් වැඩිකරන ලෙස යෝජනාකර ඇත්තේ 64% ක වැටුප් වර්ධකයක් බවය. එම වැටුප් වර්ධකය ලබාදුනහොත් තේ කර්මාන්තය කිසිසේත් කඩාවැටීමේ අවධානමින් ගලවාගැනීමට නොහැකි බවද වතු අධිකාරීවරුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුල් වෘත්තීය සමිති නායකයින් ගණනාවක් සහභාගී වී ඇති අැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පතිචාර දාන කවරුත් ව්‍යාපාරය පැත්තෙන් හිතන්නේ නැනේ. ලංකාවට විදේශ විනිමය ලැබෙන අපනයන කිහිපයෙන් එකක් තමයි තේ වගාව. ඒ වණත් දැන් ගොඩක් ව්‍යාපරිකයන් තේ වගාවෙන් ඉවත් වෙනවා ලාබ ගන්න අමාරු නිසා. තේ දළු කඩන අය වැඩ කරන්නේ දවල් 1 වෙනකල් විතරි. තේ ගස් වලට යන නඩත්තු වියදම් බැලුවහම දැනටත් ලබය ඉතාම අවමයි. මේ යන පාරේ ගියොත් ලංකාවේ තේ වගාව නැත්තටම නැති වේවි. (අ)
අහිංසක මිනිස්සු ,මෙයාලට හරියට කෑමවෙලාවක් වත් කන්න පුලුවන්ද රුපියල් 600ට. දෛයිනික පඩියට කුලිවැඩ කරන කෙනෙකුටත් රුපියල් 1200ක් ගෙවනවා, මොකද වෙන්නේ මේ මිනුස්සුන්ට රුපියල් 1000ක් දුන්නම.මෙච්චර කාලයක් තේ කර්මානත්ය කරගෙන ගියේ මේ අහිංසක මිනිසුන්ගේ ශ්‍රමයෙන්, මහන්සියෙන්,කැපවීමෙන්, හාමපුතාලා පාඩු ලැබුවද . ඔයාලා බොරුනේ කියන්නේ.කම්කරුවන්ට සලකන්න, ඔවුන් දිරිමත් කරන්න අවශ්‍යයි ආයතනක දියුණුව කෙරෙහි,උසස් ත්තවයෙන් යුත් තේ නිෂ්පාදනයක් ලැබෙන්නේ එතකොටයි, ඉහල තත්වයකින් නිෂ්පාදනය ,ගැටලුවකින් තොරව ඉහල මිලකට විකුනන්න පුළුවන්,ඔබ පහත් තත්වයන්ගෙන් යුතු තේ නිෂ්පාදනයනට ඉහල මිල නොලැබෙන එක සාමාන්‍ය දෙයක්. (අ)
තේ මිල එන්න එන්න අඩු වෙනවා. යහ පාලනේ ප්‍රතිපල තව ඉදිරියට. (නදී)
මේ රැකියාව අති දුෂ්කර රැකියාවක්. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ලොකු දුකක් මේ මිනිස්සු විඳින්නේ. (අ)
නිලාන් සහ බුවනෙක...ඔය දෙන්නම වැරදි. තිඹිරි ගෙහි සිට මිනී වල දක්වා සියල්ලම කොම්පැනියෙන් කරලා දෙන එකම රස්සාව මේක. ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙනවා. පොඩි එකාට පිටි පැකට් එකේ ඉදන් ඩේ කෙයාර් ඒක පවා දෙනවා නොමිලේ. ඔයාලට පෙන්නේ වැස්සේ තෙමි තෙමී දළු කඩන ඒක විතරයි. ඇත්තෙන්ම මේ මිනිස්සු ලැබෙන පඩිය අනෙක් වරප්‍රසාද ගැන තෘප්තිමත්. ද්‍රවිඩ දේශපාලකයින් ට විතරයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවශ්‍ය. වාසිය ඒ අයටයි. (අ)