දිනපතා වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරය පුරා සෙමෙන් වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය අදත් සිදුවේ.
කම්හල් රැසක් වසා දමා ඇති අතර නෙලූ තේ දළු කම්හල් ඉදිරිපිට ගොඩගසා ඇත.
වතු කම්කරුවකුගේ දැනට වැටුප රුපියල් 600කි. වැවිලි සමාගම් පවසනුයේ ලෝක වෙළඳපලේ තේ මිල පහත වැටීම නිසා එම ඉල්ලීම් ඉටු කළ නොහැකි බවයි.
සෙමෙන් වැඩ කරමින් පැය 8කදී තේ දළු කිලෝ 5ක් පමණක් නෙළීමෙන් දළු මෝරා යන බවද තේ කම්හල් වසා දමා ඇති නිසා කොළඹ තේ වෙන්දේසියට උඩරට තේ නිකුත් කිරීම අසීරු බවද වැවිලි සමාගම් කියයි.
බොහෝ සේවකයෝ අද කළු ඇඳ සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරු වැටුප රු1000.00 වැඩි කළ විට අඩු අදායම් ලබන කුඩා තේවතු හිමියන්ට ද නොහැකි වේ එසේ වුවහොත් දළු මිල රු 90.00 විය යුතුයි (බ)
තේ නෙළන කම්කරුවන් සඳහා රුපියල් 800 ක පමණ වැටුපක් ලබාදිය යුතු බව ඇත්ත. රුපියල් 1000 ක් දෙන්න පුළුවන් නම් හොඳයි තමයි. එහෙත් කුඩා තේ හිමියන්, ඒ වගේම වතු හිමිකරුවන් කියන දේවල් ගැනත් හිතන්න වෙනවා නේද. (නි)