IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තේ දළු කැඩූ දෑත් අසූ හත් දහසක් රට හැර ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

වතු හාම්පුතුන් නිසි ලෙස නොසැලකීම නිසා වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000)   විදේශයන්හි  රැකියාවලට  ගොස්  ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වතු  සේවකයන්ට අසාධාරණ ලෙස සැලකීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතුකම්කරුවන්ට සිදුවන්නේ යැයි පැවසෙන  අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති සාකච්ඡාවකදීය.

වතු සමාගම් පාලකයන්  වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන්  සිදුකරන බවට පැමිණිලි  විශාල ප්‍රමාණයක් ලැබී  ඇතැයි පැවසූ අමාත්‍යවරයා  වතු කම්කරු ජනතාවට  කම්කරු නීති රීතිවලට අනුකූලව   යහපත් සේවා තත්වයක් උදාකරදීමට  නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ වතු සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ, සමහර තැන්වල එවැනි කම්කරු නීතී උල්ලංඝනයවීම් සිදුවන්නේ යැයි  තමන්ද  පිළිගන්නා බවයි.

කම්කරු  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ගැන පරීක්ෂණ පවත්වා පියවර ගැනීමට කිසිසේත්ම විරුද්ධ නොවන බවද ඔවුහු සඳහන් කළහ

එසේම වතු වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන්ගේ සාමාජික මුදල්  එම වෘත්තිය සමිති ගිණුම්වලට බැර කිරීම මේ වනවිට වතු සමාගම් පැහැර හැර ඇති හෙයින් එම සාමාජික මුදල් වෘත්තීය සමිතිවලට බැර කිරීම තහවුරු කෙරෙන  නව නීතියක් ගෙන එන  බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා වතු කම්කරුවන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ සේවා  සුරක්ෂිතතාවය සඳහා සුවිශේෂි නව පනතක් ගෙන ඒමටද කටයුතු කරන බව ප්‍රකාශ  කළේය.

තේ ආර්ථිකය රැකගත යුතු හෙයින්  වතු කම්කරුවන්ගේ  පොදු සුභසාධනය සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදී  ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් වතු සමාගම් ප්‍රධානීන් සහ  වතු  වෘත්තිය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක්   සහභාගි වූහ.



අදහස් (2)

තේ දළු කැඩූ දෑත් අසූ හත් දහසක් රට හැර ගිහින්

කිරිපුතා Wednesday, 30 March 2022 04:30 PM

ඒ මිනිසුන් ඔතැනින් මිදෙන්න ඕන. දැන් ඉතින් නව තාක්ෂණය යොදාගෙන මිනිස් ශ්‍රමය අඩුකරගන්න බලන්න ඕන තේවතු හිමියන්. තේ කියන්නෙත් රටට ආදායම උපයන මගක්නේ...

:       2       10

fairoos Wednesday, 30 March 2022 07:11 PM

දැන් ඉතින් ඉතුරු වෙන්නේ අපේ සර්ගේ මහජාතිය විතරයි...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site