පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් තමන්වහන්සේගෙන් ලබාගත් ණයකට හිලව්වක් ලෙස අලි පැටවුන් 3 දෙනකු තමාට දුන් බව කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කර ඇත.
රහස් පොලිස් හා වනජීවී ආරංචි පවසනුයේ මේ අලි පැටවුන්ට බලපත්‍ර නැති බවයි. අලි පැටවකුගේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියිද ඔවුහු පවසති. කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කියා ඇති තවත් කාරණයක් වනුයේ බෞද්ධාගමේ පූජනීය සත්ත්වයකුවන අලියා ගැන මෙවැනි කුමන්ත්‍රණ පිටුපස අන්‍යාගමිකයන් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු හිමි පවසා ඇත්තේ වස්තුව එකතු කරන්න එපා කියලා. දැන් ඉන්න බුද්ධ පුත්තරයෝ කරන්නේ වස්තුව පුළුවන් තරම් එකතු කරන එක. (බ)
හරි ණයට හිලව්වට අලි දුන්නනේ.එහෙම දෙන්න අලි කොහෙන්ද හාමුදුරුවන්ට, ණයට සල්ලි දීපු හාමුදුරුවෝ ණය දෙන ආයතනයක් කරනවද. එ්ක මහා බැංකුවේ ලියාපදිනංචිද දන්නේ නැ.බුදු දහම තියෙන්නේ කොළඹ මාලිගා වගේ පන්සල්වල නෙවෙයි.ඈත ගම්වල දුප්පත් පන්සල්වල (බ)
තමන් වැරැද්ද කරලා නම්, අන්‍යයන්ට වරද පටවලා බේද ඇතිකරන්න එපා (නි)
කවුරු කොහොම ණයට සල්ලි ගත්තත් අලියො ඉන්න ඕන කැලේ. . ඔය විදියට බලද්දි සල්ලි බැංකුවේ දාන්න ඕන නෑ. සත්තුන්ගෙන් ගණුදෙනු කරන කාලයක්නේ ඇවිත් තියෙන්නේ (දිල්)
බොහොමයක් පන්සල් වල සල්ලි වලින් සෙල්ලම්... (නි)
හාමුදුරුවන්ට මොකටද එච්චර ලොකු ණයක්? (නි)
අනේ මන්දා! මේ හාමුදුරුවරුත් මොනවා නම් කරනවද කියලා (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
ඒ කියන්නේ ණයමුදල රුපියල් කෝටියක් විතර අරගෙනද? (නි)
දායක සභාවේ අනුමැතියකින් තොරව විහාරස්ථානයේ මුදල් තවත් විහාරස්ථානයකට ණයට දුන්නා නම් ඒක වැරදියි කියලයි මට නම් පෙනෙන්නේ. (නි)
මුදල් ගනු-දෙනු වෙනුවට අලි ගනු-දෙනු (බ)
බුදු දහමේ තිරිසන් සතුන් ""පුජනීය"" කරලා නැහැ. වාගේම බුදුරජානන් වහන්සේ කිසිම තිරිසන් සතෙක් අනික් සතෙකුට වඩා උසස් හෝ පහත් විදියට සලකන්න කියලා නැහැ. බුදු දහම වනසන්නේ අන්‍යාගමිකයන් නොව ඇතැම් බෞද්ධයන්මයි. (ත)
අලි හොරකමේත් ගිහිල්ලා අලි ගනුදෙනුත් කරලා අන්තිමට හොරේ මාට්ටු උනාට පස්සේ වැරදි අන්‍යාගමික ගිණුමට බැර කරන්න හදනවා (ම)
කෝටි 3 ක මුදල් හිමි වරුන්ට කොහෙන්ද. ? (ම)
කෝටි 3 ක මුදල් හිමි වරුන්ට කොහෙන්ද ?. මෙයට උත්තර දෙන්නේ වෙන්නේ කොහොමද ? ගරු හිමියනි. වරද නිවරදි කරන්න. පන්සල් අතර අනවශ්‍යය ප්‍රශ්න ඇති කර ගන්න එපා. එම ප්‍රශ්න අන්‍යාගමික කුමන්ත්‍රණ ලෙස කියන්නත් එපා. (ත)
වරදක් කරලා එක අන්‍ය ආගමිකයන්ට බැර කරන එක වැරදියි. බුද්ධාගමේ මිනිසුන්ගේ රත්තරන් එකතු කරලා මෙය කරලා තියෙන්නේ මේ වගේ වැඩ. කොහොමත් මෙතුමා දැන් ව්‍යාපාරිකයෙක් මිසක් බුද්ධ පුත්‍රයෙක් නොවන වග රටටම පෙනෙනවා. (බ)
ඔය මුදල් සාන්ගීක ද (අ)
මෙක නම් බටහිර රටවල කුමන්ත්‍රණයක්. (අ)
අලියා පුජනීය වස්තුවක් කියලා තියෙන්නේ මොන සුත්‍රයේද? (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මේක පිටුපස ටෝයියන් ඉන්නවා.(ත)
දැන් ඔය අලියා ගැන තියෙනවා කියන කුමන්ත්‍රණය මොකක්ද? පැහැදිලි කරානම් ටිකක්? (හේ)