IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ණයට හිලව්වට අලි පැටවුන් තුනක් දීලා

පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් තමන්වහන්සේගෙන් ලබාගත් ණයකට හිලව්වක් ලෙස අලි පැටවුන් 3 දෙනකු තමාට දුන් බව කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කර ඇත.

රහස් පොලිස් හා වනජීවී ආරංචි පවසනුයේ මේ අලි පැටවුන්ට බලපත්‍ර නැති බවයි. අලි පැටවකුගේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියිද ඔවුහු පවසති. කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කියා ඇති තවත් කාරණයක් වනුයේ බෞද්ධාගමේ පූජනීය සත්ත්වයකුවන අලියා ගැන මෙවැනි කුමන්ත්‍රණ පිටුපස අන්‍යාගමිකයන් සිටින බවයි.

 

 



අදහස් (0)

ණයට හිලව්වට අලි පැටවුන් තුනක් දීලා

කාර්තිනි Tuesday, 24 March 2015 08:06 AM

බුදු හිමි පවසා ඇත්තේ වස්තුව එකතු කරන්න එපා කියලා. දැන් ඉන්න බුද්ධ පුත්තරයෝ කරන්නේ වස්තුව පුළුවන් තරම් එකතු කරන එක. (බ)

:       0       0

බුද්ධික Tuesday, 24 March 2015 08:09 AM

හරි ණයට හිලව්වට අලි දුන්නනේ.එහෙම දෙන්න අලි කොහෙන්ද හාමුදුරුවන්ට, ණයට සල්ලි දීපු හාමුදුරුවෝ ණය දෙන ආයතනයක් කරනවද. එ්ක මහා බැංකුවේ ලියාපදිනංචිද දන්නේ නැ.බුදු දහම තියෙන්නේ කොළඹ මාලිගා වගේ පන්සල්වල නෙවෙයි.ඈත ගම්වල දුප්පත් පන්සල්වල (බ)

:       0       0

සිල්වියා Tuesday, 24 March 2015 08:53 PM

තමන් වැරැද්ද කරලා නම්, අන්‍යයන්ට වරද පටවලා බේද ඇතිකරන්න එපා (නි)

:       0       0

සත්‍යා Friday, 27 March 2015 06:03 PM

කවුරු කොහොම ණයට සල්ලි ගත්තත් අලියො ඉන්න ඕන කැලේ. . ඔය විදියට බලද්දි සල්ලි බැංකුවේ දාන්න ඕන නෑ. සත්තුන්ගෙන් ගණුදෙනු කරන කාලයක්නේ ඇවිත් තියෙන්නේ (දිල්)

:       0       0

වසන්ත Tuesday, 24 March 2015 10:00 PM

බොහොමයක් පන්සල් වල සල්ලි වලින් සෙල්ලම්... (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 24 March 2015 11:43 AM

හාමුදුරුවන්ට මොකටද එච්චර ලොකු ණයක්? (නි)

:       0       0

තිළිණ Tuesday, 24 March 2015 12:05 PM

අනේ මන්දා! මේ හාමුදුරුවරුත් මොනවා නම් කරනවද කියලා (නි)

:       0       0

බටගල Wednesday, 25 March 2015 01:28 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ටෙක්ලා Tuesday, 24 March 2015 02:19 PM

ඒ කියන්නේ ණයමුදල රුපියල් කෝටියක් විතර අරගෙනද? (නි)

:       0       0

ගමගේ Tuesday, 24 March 2015 03:06 PM

දායක සභාවේ අනුමැතියකින් තොරව විහාරස්ථානයේ මුදල් තවත් විහාරස්ථානයකට ණයට දුන්නා නම් ඒක වැරදියි කියලයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 06:00 AM

මුදල් ගනු-දෙනු වෙනුවට අලි ගනු-දෙනු (බ)

:       0       0

සෑම් Tuesday, 24 March 2015 06:05 AM

බුදු දහමේ තිරිසන් සතුන් ""පුජනීය"" කරලා නැහැ. වාගේම බුදුරජානන් වහන්සේ කිසිම තිරිසන් සතෙක් අනික් සතෙකුට වඩා උසස් හෝ පහත් විදියට සලකන්න කියලා නැහැ. බුදු දහම වනසන්නේ අන්‍යාගමිකයන් නොව ඇතැම් බෞද්ධයන්මයි. (ත)

:       0       0

කළු මල්ලි Tuesday, 24 March 2015 06:24 AM

අලි හොරකමේත් ගිහිල්ලා අලි ගනුදෙනුත් කරලා අන්තිමට හොරේ මාට්ටු උනාට පස්සේ වැරදි අන්‍යාගමික ගිණුමට බැර කරන්න හදනවා (ම)

:       0       0

රෝයි Tuesday, 24 March 2015 06:33 AM

කෝටි 3 ක මුදල් හිමි වරුන්ට කොහෙන්ද. ? (ම)

:       0       0

අර්ජුන රණවන Tuesday, 24 March 2015 07:00 AM

කෝටි 3 ක මුදල් හිමි වරුන්ට කොහෙන්ද ?. මෙයට උත්තර දෙන්නේ වෙන්නේ කොහොමද ? ගරු හිමියනි. වරද නිවරදි කරන්න. පන්සල් අතර අනවශ්‍යය ප්‍රශ්න ඇති කර ගන්න එපා. එම ප්‍රශ්න අන්‍යාගමික කුමන්ත්‍රණ ලෙස කියන්නත් එපා. (ත)

:       0       0

චන්ගු Tuesday, 24 March 2015 07:19 AM

වරදක් කරලා එක අන්‍ය ආගමිකයන්ට බැර කරන එක වැරදියි. බුද්ධාගමේ මිනිසුන්ගේ රත්තරන් එකතු කරලා මෙය කරලා තියෙන්නේ මේ වගේ වැඩ. කොහොමත් මෙතුමා දැන් ව්‍යාපාරිකයෙක් මිසක් බුද්ධ පුත්‍රයෙක් නොවන වග රටටම පෙනෙනවා. (බ)

:       0       0

නිහාල් Tuesday, 24 March 2015 07:31 AM

ඔය මුදල් සාන්ගීක ද (අ)

:       0       0

විදුවර Tuesday, 24 March 2015 07:32 AM

මෙක නම් බටහිර රටවල කුමන්ත්‍රණයක්. (අ)

:       0       0

සමන්ති Wednesday, 25 March 2015 12:58 PM

අලියා පුජනීය වස්තුවක් කියලා තියෙන්නේ මොන සුත්‍රයේද? (නි)

:       0       0

විමලේ Tuesday, 24 March 2015 07:49 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මේක පිටුපස ටෝයියන් ඉන්නවා.(ත)

:       0       0

සුනිල් Tuesday, 24 March 2015 07:58 AM

දැන් ඔය අලියා ගැන තියෙනවා කියන කුමන්ත්‍රණය මොකක්ද? පැහැදිලි කරානම් ටිකක්? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site