2014 දෙසැම්බර් 31 වැනිදා තිබූ රුපියල් බිලියන 7393 ක්වූ ණය මුදල 2015 සැප්තැම්බර් 31 වන විට රුපියල් බිලියන 8266 ක් ලෙසින් සියයට 12 කින් වර්ධන වී තිබෙනවා යැයි හිටපු කෘෂි කර්ම අමාත්‍ය මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
හිටපු අමාත්‍යවරයා මෙසේද කීය
‘වත්මන් රජයේ අය විපක්ෂයේ ඉන්න කොට මහින්ද රාජපක්ෂ රජයට චෝදනා කළේ අති විශාල ණය ගැනීම් සිදු කරන බව කියමින්. මේකෙන් පෙන්නුම් කරන්නේ පැහැදිලිවම රටේ සංවර්ධනයක් පසුගිය වසර තුළ සිදුවී නොමැති බවයි. රැකියා උත්තාපදන වෙලා නැහැ. මේවට උත්තර දෙන්නල තවදුරටත් රටේ ජනතාවට බොරු කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපට මතකයි ඒ දවස්වල හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කොටස් වෙළඳපොළ කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වපු අයුරු. ඒත් දැන් මොනවද කාපු රිලව් වගේ එතුමන්ලටත් ඉන්න සිද්ද වෙලා. මේ ආණ්ඩුවේ වැඩකටයුතු වල කිසිම සැලැස්මක් නැහැ. කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. දන්නේ ජනතාවට බොරු කියන එක විතරයි.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව බලයට ආවේ හතරැස් බොරු කියල ජනතාව රවටලා. දැන් මොනවද මේ ආණ්ඩුව කරන්නේ. අංජබජල්. (බ)
ලොකුම පුටුවේ ඉන්නේ කතා විතර .වැඩ නෑ (බ)
හිසරදයට කොට්ට මාරුකිරීමක් (හේ)
කෝ ඉතින් මහින්ද මහත්තයාව එලෙව්වට ප්‍රතිපලයක් නැහැ වගෙයි.(හේ)
ඇයි දැන් කට්ටිය උද්ඝෝෂණ ගියේ? ළපාලි ගියේ? කාර් පර්මිට් එකේ ඉඳලා පරිප්පු ඇටේ දක්වා අඩුකරන්න නේද? 2014 වෙනතුරු මේගොල්ලෝ ඉතුරු කරලා තිබිලා වගේ කතාව. හොඳටම වෙනස බලන්න තිබුනා 2005 ඉඳලා බැලුවා නම් (නි)
හොඳ නැත්නම් ඔබගේ පක්ෂයටත් පුළුවන් හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න, පක්ෂය ඇතුලේ අරගලයක් ගෙනියන්න ඔබට පුළුවන් . ඇයි එහෙම නොකර බොරුවට ආණ්ඩුවට දොස් කියන්නේ , හවුල් ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගන්න හොඳයි. නමුත් ආණ්ඩුව නරකය අනේ මෙහෙමත් දේශපාලකයෝ (බ)
හොරු අල්ලන මෙගා ටෙලියක් බලාගෙන ඉන්නකො මොනවද බොස් මේ කියන්නේ දැන් ආන්ඩුවෙ ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම ආර්ථික ඔස්තාර්ල ටිකනෙ. (බ)
කව්රු ඕව ගත්තත් පොඩි මිනිහටම තමයි ඕවට අවසානයට කර ගහන්න වෙන්නේ (බ)