මේ රජය රටේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් බවත් ඊට අකුල් නොහෙළන ලෙස ඉල්ලන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
රට මුහුණ දී සිටි බලවත් අභියෝගයක් වූ යුද්ධය ජය ගැනීමටත් වඩා පවතින ණය උගුලෙන් බේරීම බලවත් අභීයෝගයක් බැවින් එයින් මිදීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා කීය.
“සමහරු පුංචි පුංචි කෑලි අල්ලගෙන හුදකලා සටන් කරන්න හදනවා. වරාය හදන්න, ගුවන්තොටුපල හදන්න ජනශූන්‍ය පැතිවල කාපට් කරල මහා මාර්ග හදන්න පෞද්ගලික ඉඩම් පවර ගත්තු හැටි අපට මතකයි. ලැයිස්තු පිටින් අපි ළඟ තියෙනවා.එහෙම කරපු මිනිස්සු ඇයි දැන් මේ නින්දෙන් නැගිටල වගේ මේ කර්මාන්තවලට ඉඩම් පවර ගනිද්දි කෑ ගහනවා. අපි රාජපක්ෂවරුන්ට කියනවා ඔවුන් කරන දෙයින් අපි ආපස්සට යන්නේ නැහැ කියලා. “යැයි ද ඔහු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රශ්නය තියෙන්නේ සුදානම් වෙනවා විතරනේ, අර කිකිළි කෙකර ගානවා වගේ. දැන් කොයිතරම් කාලයක් සුදානම් වුණාද? ඊළඟ ඡන්දෙටත් කිට්ටුයි. බලමුකෝ අර කරන්න හදන වැඩේ මේ පාරවත් කෙරෙයිද කියලා. (නි)
අපේ දේශපාලකයන් ඔලුවෙන් හිටගෙනද කතා කරන්නේ කියා හිතෙනවා (නි)
ඔයගොල්ලන්ට කරන්න බැරි නම් යන එකනේ තියෙන්නේ. යුද්ධයෙන් බේරුන එක ඔයගොල්ලන්ට නම් සුළු දෙයක් තමයි. එ්ත් එය රටට නම් විශාල සහනයක්. රාජපක්ෂලා ඉන්න නිසා ඔයගොල්ලන්ට කතාකරන්නට පොයින්ට් එකක්වත් තියනවා. මේ අවුරුද්දත් ඕවා කිය කියා ඉදිවී ඉතින්. මොනවද ඔය ණය උගුලක් ගැන කතා කරන්නේ? (නි)
රාජපක්ෂ නාමය මේ රජය පවතින තාක්කල් රැව් පිළිරැව් දෙන බව සහතිකයි. රාජපක්ෂ රජය මුළු අවුරුදු 10 යටම ගත් ණයට වැඩි ණයක් මේ අවුරුදු 2 කට අරගෙන තියන බව මහජනතාවට සැඟවිය නොහැකියි. ඒ වුණාට කරපු යුද්ධයකුත් නැහැ කරපු සංවර්ධනයකුත් නැහැ. දැන් කියවන්නේ පොළියක් ගැන. අපිට පෙනෙන්නේ මේ ගන්න ණය වලින් දියවන්නාවේ ඉන්න ඇමති එකසිය ගාන රට සවාරි යන එකයි යහතින් නඩත්තුවෙන එක විතරයි. (නි)
2020 වෙනකම් මේ ටික කියව කියවා ඉන්න එක විතරයි මෙයාලට තියෙන්නේ. කිසිම වැඩක් කරගන්න බැහැ. වොක්ස්වැගන් එනවා කියලා මොකද වුණේ? (නි)
අනේ මහත්තයෝ, ඔය කියන ණය උගුලෙන් බේරෙන්න තියෙන මාර්ගය ඔය මහත්වරුන්ගේ දීමනා හා වරප්‍රසාද වැඩිකර ගන්න එකද? කටින් නෙමෙයි මහත්තයෝ බොක්කෙන් කතා කරන්න. (නි)
ණය ණය කියා කියා ඉන්න එපා. රටේ විශාල යුද්ධයක් කලේ, අදිවේගී මාර්ග කලේ, රටේ මාර්ග පද්දතිය කලේ කාගෙවත් බූදලය කින් නොවේ ණය අරගෙන. ඉතින් ඕගොල්ලෝ බලයට අාවා නම් ණය ගෙවනවා බැරිනම් ඒ අයටම ආපසු දෙන්න. (හේ)
බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වුනු මුදල් ටික නැවත ලබාගෙන මේ ණය ටික ගෙවල දාන්න. ගිය ආණ්ඩුවේ අය හොරකම් කලානම් ඒවත් අරන් ඒක කරන්න. අසරණ මිනිස්සුන්ගෙන් බදු ගන්නේ නැතුව.(ම)
ඉතින් තවත් ණය ගත්තම උත්තරය ලැබෙයි. (ර)
මේ දේශපාලන රටාවෙන් බේරීම අපටත් මහාම අභියෝගයක් අැතිතුමණි. (ර)