(නිමල කොඩිතුවක්කු)

මෙම වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 88% කට වැළඳී ඇත්තේ ඩෙංගු 2 වෛරස් ප්‍රභේදය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 75321 ක් වාර්තාවී ඇතැයිද එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

ඩෙංගු 2 වෛරස් ප්‍රභේදය සඳහා මිනිස් සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේ ගතවූ කාළය තුළ මෙරටින් ඩෙංගු මරණ 53 ක් වාර්තාවී ඇති බවත් ඔහු පැවසීය.

වාර්තා වන එම ඩෙංගු මරණ 53න් 37 දෙනෙකුම කාන්තාවන් වන බවද කන්නංගර මහතා සඳහන් කළේය.