
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු මර්දනය කිරීම සඳහා තමා සතුව යෝජනා කිහිපයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පළමු යෝජනාව ලෙස කීට විද්‍යා ක්ෂේත්රයට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතු බව කී විපක්ෂ නායකවරයා නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමට අධ්‍යයක්ෂවරයා අනුමත කළත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ ඩෙංගු උවදුර සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.
කීට විද්‍යා නිලධාරීන් සිය රාජ්‍ය කටයුතු කිරීමේ දී නීතිමය පනත්වලින් ලැබෙන සහයෝගය අඩු බවත් මේ නිසා අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම අපහසු වී ඇති නිසා නෛතික බලය ලබා දීමට 2007 මදුරු මර්දන පනත 2026 ට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතු බවත් ප්‍රේමදාස මහතා කීය.
එසේම ඩෙංගු මර්දන රාජකාරී ක්‍රියාත්මක කිරීමේ දී ඉහළින් සිදුවන බලපෑම් අවම කර දත්ත හා විද්‍යාත්මක කරුණු මත මේ කටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd