IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඩිෆෙන්ඩරෙනුත් ඡන්දෙට බලපෑම්?

මොණරාගල දිස්ත්‍රික්කයේ සුළු සිද්ධි හැරුණු විට බරපතල ඡන්ද සිද්ධි වාර්තා වී නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

මින් මද වේලාවකට පෙර ඩිෆෙන්ඩර් ජිප් හත හටකින් පැමිණි පිරිසක් කතරගම දෙටගමුව සියඹලාගුණේ ගම්වල අස්වාභාවික ලෙස එහාට මෙහාට යමින් ඡන්ද දායකයන් තැති ගැම්මකට ලක් කළැයි වාර්තා විය.

ඡන්ද දායකයන් පළවා හැරීමට මැරයන් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.

බණ්ඩාරවෙල දී මොන්ටෙරෝ රියකින් පැමිණි සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඡන්ද දායකයන්ට පහර දී ඇතැයි ද සිද්ධියට මැතිහත් වූ පොලිසියට ද ඔවුන් පහර දී ඇතැයි ද නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසයි.

බදුල්ල වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ වන්ගිය කුඹුර හා පිටවෙල ආයුධ රැගෙන ආ පිරිස් විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන්ට තර්ජනය කළ බව ද ඔහු කියයි.

 



අදහස් (0)

ඩිෆෙන්ඩරෙනුත් ඡන්දෙට බලපෑම්?

සමන් වසන්ත Saturday, 20 September 2014 12:07 PM

මම පළ කරන අදහස් බොහෝ වෙලාවට පළවන්නේ නැහැ. මොකද මම පළකරන්නේ පවතින ක්‍රමයට විරුද්ධ අදහස්. හැබැයි එහෙම අදහස් පළ කරන්න බැහැ කියා මම දැක නැහැ. අනිත් එක අපි කාගෙවත් නමක් සඳහන් කර මඩ ප්‍රහාර එල්ල කරන්නෙත් නෑ. ඉතින් පක්ෂ විපක්ෂ හැමෝගෙම අදහස් වලට මෙතන අවකාශයක් තියෙන්න ඕනෑ. සෑම් මහත්මයාගේ අදහස් නම් බොහෝ වටිනවා. (අ)

:       0       0

බණ්ඩා Saturday, 20 September 2014 12:21 PM

මේ අයගේ වාහන ගිනි තියයි ඔහොම යනකොට (නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 20 September 2014 12:24 PM

කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. කියල තමයි කියන්න තියෙන්නේ මේවා කරන උන්ට. (නදී)

:       0       0

සුපුන් මදුරංග Saturday, 20 September 2014 12:58 PM

මිනිසුනේ පුළුවන් එකෙක් බෝට්ටුවෙන් හරි පැනල වෙන රටකට යමල්ල. මේක හරියන්නේ තිරිසන් එවුන්ට. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 02:25 PM

අපොයි දෙවියනේ, කට්ටිය ඡන්දයක් දැක්කේ මේ ඌව ඡන්දෙදීම වගේනේ කතාව. (නදී)

:       0       0

දන් අසී Saturday, 20 September 2014 09:16 AM

මේකට තමයි කියන්නේ ඒකාධිපති වියරුව කියලා (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 20 September 2014 09:55 AM

මෙිවා මොනවා ද ? (නදී)

:       0       0

රත්න Saturday, 20 September 2014 09:56 AM

ලජ්ජා නැතිකම මහ ඇමති කමටත් වැඩිය ලොකුයිලු. අර එක්කෙනෙකුගේ පුතාලාට " තාත්තාට ජය නියතයි" කියලා ටී ෂර්ට් අන්දලා තියෙන්නේ. (නදී)

:       0       0

ජීවන්ත Saturday, 20 September 2014 09:59 AM

කිව්වේ "අපි උඩින්ම දිනනවා" කියලා. හරියට ඡන්ඳෙ වැටුනාම වලේ කියලා දන්න නිසා මෙහෙම කරනවා. බලමු තව කොච්චර කාලයක් නටයිද කියලා. (නදී)

:       0       0

සෑම් Saturday, 20 September 2014 10:00 AM

හුඟාක් ඉස්සර වාහන ධාවනය අඩපන කලේ රීප්ප වලට ඇන ගහලා ඒවා පාරේ තැබීමෙන්. 88-90 කාලේ ඇන්කර් කියලා (කොහොම තිබ්බත් උල් ඇනයක් ඉහලට හිටින නැංගුරමක්‌ වැනි කුඩා උපකරණයක් ) දෙයක් දක්වා දියුණු වෙලා තිබුනා. ඩිෆෙන්ඩර් , හමර් ඕනෑ එකක් නවත්වන්න පුළුවන් ක්‍රම සහ විධි ලංකාවේ ඇති කියලා මම හිතුව දේ වැරදියි වගේ. (නදී)

:       0       0

මංජුල බංඩාර Saturday, 20 September 2014 10:08 AM

කොමසාරිස් - සමස්තයක් ලෙස මැතිවරණය සාදාරනයි. සුළු සුළු සිද්දි කීපයක් ඇරුනහම. (නදී)

:       0       0

සේන Saturday, 20 September 2014 10:13 AM

මේවාට සුළු සිද්දීන්ද කියන්නේ? (නදී)

:       0       0

අශාන් Saturday, 20 September 2014 10:20 AM

මේවා සුළු සිද්දි නම් මහා සිද්දි කියන්නේ මොනවාද දන්නේ නැහැ. ජය පැරදුම පිළිගන්ඩ දන්නැත්තේ සත්තු. (නදී)

:       0       0

රොකී Saturday, 20 September 2014 10:25 AM

අසාදාරණයි නේද ? (නදී)

:       0       0

රුමේෂ් Saturday, 20 September 2014 10:30 AM

මැකෝ මහත්තයට පිස්සු හැදිලද මෙච්චර දේවල් වෙද්දීත් මැතිවරණෙ සදාරණයි කියන්නේ? මෙහෙම වියරු වැටිලා වගේ දගලන්නේ රටට අදරේට නෙමෙයි කියලා මොලේ කළදක් හරි තියන හැම කෙනෙක්ටම තේරෙන්න ඕනා. (නදී)

:       0       0

නිසාර් Saturday, 20 September 2014 10:31 AM

කොහොමද ක්‍රියාත්මක වන හැටි. (නදී)

:       0       0

සෑම් Saturday, 20 September 2014 10:50 AM

ඉස්සර ලංකාවේ ගත කරපු සුන්දර ජීවතය මතක් වෙනවා. ඕනෑම ඡන්දයක් කියන්නේ රෑට නිදි මරාගෙන කට්ටිය එකතු වෙලා හරියට අපි වර්ල්ඩ් කප් ෆයිනල් බැලුවා වගේ විනෝදයක් ලබාපු අවස්තාවක්. වැඩේට ලැහැස්ති වෙන්නේ මාස ගානක ඉඳලයි. පක්ෂ විපක්ෂ යහළුවෝ හැමෝම එකතු වෙලා සල්ලි එකතු කරලා කෑම, "බීම" ලැහැස්ති කරලා විනෝද වීම මිසක් කාටවත් අහිතක් අනර්ථයක් සිදු කලේ නැහැ. අදටත් මගේ හොඳම මිතුරා එදා පටන්ම මගේ දේශපාලන දර්ශනයට විරුද්ධ පක්ෂයට හදපතුලෙන්ම සහයෝගය දක්වන කෙනෙක්. දේශපාලනය කියන එක ඩ්‍රින්ක් එකක් දැම්මාම හොඳ බයිට් එකක් හැටියට ගන්නවා මිසක් වෙනත් ලාභයක් ප්‍රයෝජනයක් කවදාවත්ම බලාපොරොත්තු වෙලා නැහැ. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Saturday, 20 September 2014 10:51 AM

අනේ පවු මේ ගුටි කෙළගෙන ගිනි අවි අමෝරාගෙන උත්සාහ කරන්නේ රටට, මහජනයාට සේවයක් කරන්නනේ. දුකත් හිතෙනවා.(නදී)

:       0       0

මංජුල බංඩාර Saturday, 20 September 2014 10:56 AM

අද රෑ නිවුස් බලන්නකෝ. ඕවා සුළු සුළු සිද්දි කියලා කියනකොට මාව මතක් වෙයි ඔය මහත් හොරුන්ට . එහෙම නොකීවොත් මම බෙල්ල කපා ගන්නවා (නදී)

:       0       0

නදී Saturday, 20 September 2014 11:02 AM

රෝහණ මහතානෙනි, ඔබගේ වචන කපනවා නොව ඔබ ලිවු සමහර වදන් මෙහි ඵල කල නොහැකි නිසා ඉවත් කළෙමි.

:       0       0

මානගේ Saturday, 20 September 2014 11:01 AM

"සුළු සිද්දි" ...ඉස්කෝලේ යන කාලේ කිව්වා කතාවක් මතක් වුණා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 11:06 AM

තාර බර අරින්න..මෙයාලගේ රස්සාව මැතිවරණය සාමකාමී නැහැ කියල පෙන්නන්න එක. ඉතින් සාමකාමී මැතිවරණයක් තිබුන කියල කටක් ඇරලා කියන්න මෙයාලට බැහැ සියල්ල සාධාරණව ඉටු වුනත්. (නදී)

:       0       0

රණතුංග Saturday, 20 September 2014 11:09 AM

මේවට කියනවා, මරුවිකලෙන් කරන වැඩ කියලා.(නදී)

:       0       0

රෝහණ Saturday, 20 September 2014 11:17 AM

මේ ගොල්ලෝ හරිම හොඳ අය මේ ගොල්ලන්ව හැමදාම තියාගන්න හැමදාම මෙයාලට ඡන්දෙ දෙන්න කියලද ලියන්න ඕනේ? (නදී)

:       0       0

චමී Saturday, 20 September 2014 11:17 AM

බන්දුල පෙරේරා ඇරුනහම අනිත් ඔක්කොම හොද නුවණක්කාර අදහස් පල කරලා තියෙනවා. බන්දුලගේ මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා බලමුකෝ අපිත් ලංකාදීපේ බලනවනේ. සමහරවිට මොලේ වැඩීම අඩු ඇති. (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 11:26 AM

ඕවා කරන්නේ ජනතාව. දන්නවනේ ජනතාව. (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 20 September 2014 11:34 AM

ස්වභාදර්මයා පිටු පස සිටින බව අමතක නොකළ හැක (නදී)

:       0       0

දිලිප් Saturday, 20 September 2014 11:39 AM

මේ ඔක්කොම අපිට ආදරේ හින්දා මේ මරා ගන්නේ පව් නේද? (නදී)

:       0       0

ඩිල්රුක්ෂි Saturday, 20 September 2014 11:42 AM

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි (නදී)

:       0       0

පදිමිණි Saturday, 20 September 2014 11:59 AM

බන්දුල, ඉඟුරුයි මයියොක්කයි එකට කැවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 620 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 287 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 624 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1517 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 898 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 924 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site