ඩිෆෙන්ඩර් රියකින් පැමිණ දීඝවාපියේ පින්තූර ගත් බව කියන පිරිසක් හිමි නමකගේ සිවුරෙන් ඇද්දැයි කියන සිද්ධියක් දුරදිග යෑමෙන් පසු ගැමියන් පාර හරස් කර කොට දමා එම සිව් දෙනා සහ වාහනය සිරකරගෙන සිටිතියි කියති.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පොසොන් උත්සවය වෙනුවෙන් දීඝවාපියේ සංවිධානය කළ සංදර්ශන භූමියක ඡායාරූප ගනිද්දී මේ කලබලය සිදුවිය.
ඩිෆෙන්ඩර් රියෙන් ආ පිරිස විහාරාධිපති නන්නගුරාවේ බුද්ධරක්ඛිත නාහිමියනට ද වැඳ සමාව ගැනිමෙන් පසු සවස් කාලයේ පිටවී ගිය බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමේ අයිතිය තමන් සතු බව විහාරාධිකාරී මහ ඔය සෝභිත හිමියෝ කියති.
(ඡායාරූප නවරත්න සමරතුංග)
(ඡායාරූපය වසන්ත චන්ද්‍රපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලටත් පිස්සු හැදිලා අර අන්තවාදී සංවිදාන වගේ. ඔහොම ගියොත් නම් අවසානය ළඟයි. (නි)
පොටෝ ගහන එක වැඩක් නැහැ. ඒත් හිමිනමකට චන්ඩි දැම්මොත් මරන්නම ඕනේ. නැතිනම් ආයේ නොකරන්න අතපය කඩලා දාන්න ඕනේ. නීල් රානාට උනත් එච්චරයි.(නදී)
මේ රට කන්නේ 78% පමණ වන සිංහල බෞද්ධයන් බව අමතක කරන්න එපා. මේ සිද්ධියට සම්බන්ද සියලු දෙන සිංහල බෞද්ධයන් බව සැකයක් නැත. (නි)
ලොක්කෙකුට වෙන්නේ ඔචර්යි. වැඩේ හොඳ. ඕක කලේ දෙශපල්කයෙක්ද නැත්නම් වෙන හේතුවක්ද, ටිකක් පැහැදිලිමදී. (අ)
ගැමියෝ ඕනවට වැඩි නෑ. එතකොට හාමුදුරුවන්ගේ සිවුරින් ඇද්දේ මොකටද ඔය වගේ ගම්වල මිනිස්සු ඉන්න නිසා තමයි ඕවා රැකිලා තියෙන්නේ (අ)
ගැමියෝ ඕනෑවට වැඩි නැහැ. එතකොට හාමුදුරුවන්ගේ සිවුරින් ඇද්දේ මොකටද? ඔය වගේ ගම්වල මිනිස්සු ඉන්න නිසා තමයි ඕවා රැකිලා තියෙන්නේ (නි)
ඔය වගේ වැඩ වලට අරාබි රටේ වගේ දඩුවන් දෙන්න ඕනෑ (නි)
දැන් තියන තත්වේ මොකක් හරි කලබලයක් වුනොත් මොන පක්සෙන් හරි දේශපාලුවෙක් ගැවිලා ඇති. උනුත් එකයි, මුනුත් එකයි, අරුනුත් එකයි. තෝරන්න පුළුවන් එක් කෙනෙක්වත් නැහැ ලබන පාරේ ඡන්දෙට. (නි)
පළාත් සභා නැතුව වැඩි බලතල තියෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා විතරක් තිබුනොත් ගොඩක් වටිනවා. බලය විමධ්‍යගත වෙනවා. 13 කියලා කියන්න පුළුවන්. ඡන්ද වලට යන සල්ලිත් ඉතුරු වෙනවා. (නි)
ප්‍රසාද්, ඔය හරි. (දී)
නීල් රනා ,ඔහෙට නොතේරුනාට නීතිය වල් වැදුනම මිනිස්සු නීතිය අතට ගන්න බලනවා.ඩිෆෙන්ඩර් රියවලින් එකී මෙකි නොකී හැම එකාම මිනිස්සු යටකරගෙන ගිහින් මරලා තියන ප්‍රමාණය නිසා ඩිෆෙන්ඩර් වලට දැන් ගිනි තියනවා.අනෙක පන්සලක පින්තූර ගැනීමේ ඇති වරද කුමක්ද අහනවා,එතනදිත් පින්තූර ගැනීමේ අරමුණ අනුව තමයි එයත් හරි හෝ වැරදි වෙන්නේ.ඔබගේ නැගණිය හෝ බිරිද හැදුනුම්පත සදහා පින්තූර ගත්තට වඩා වෙනස් පාරේ යනවිට හොරෙන් කවුරුහරි මදාවියෙක් පින්තූර ගැනීම. (නි)
බලයට පෙර ඔහොම නම්......බලය ලැබුනොත්???? (නි)
මම මේ ලියන්නේ අර මුස්ලිම් සහෝදරයට , පාඩුවේ ඉන්න. අපි ඒවා බලාගන්නම් (අ)
හොදින් ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. (නි)
පින්තූර ගන්න එකේ නම් වරදක් නැහැ. හැබැයි සිවුරෙන් අදින එකනම් ශිෂ්‍ඨ සම්පන්න හැදිච්ච සමාජයක මිනිස්සු අනුමත කරන දෙයක් නෙමෙයි. ඕනෑම ආගමක පූජ්‍ය පක්ෂයක කෙනෙකුට මේ වගේ දෙයක් වෙනවා නම් බෞද්ධයෙක් හැටියට මම තදින්නම විරුද්ධයි. එවැනි දේ වනචාරීන්වත් කරන්නෙ නැහැ. (නි)
ජනාදිපතිතුමා සහ පක්ෂයේ නම කැතකරන මෙවැනි අයට වහාම දඩුවම් දී, පක්ෂ වලින් අයින් කිරීම මහජනතාවගේ වගකීමක්. ගමේ කොල්ලෝ නියමයි. " සියලු දෙනා සුවපත් වේවා...." (නි)
නිර්මල බුදු දහම විවේචනය කරන එපා. එවැනි දේ හොඳ නෑ.(අ)
එතකොට චමින්ද මහත්තය සිවුර ඇඳගෙන අශිෂ්‍ඨ සම්පන්නව හැසිරෙනවාට, පරුස වචනවලින් අමතනවට මොනවද කියන්නේ (අ)
ඉම්රාන් අපේ වැඩ අපට බර දීල ඔහේගේ වැඩක් ඔහේ බල ගන්නවද? අවසානය අපි බලාගන්නම්. (අ)
යථාර්තය තේරුම් අරගෙන ආගමකට යාමත්, රවටා ආගමකට හරවා ගැනීමත් දෙකක්, නමුත් බුදුදහම නිදහස් තේරුම් ගැනීමේ අයිතිය තමන් සතු ස්වාදීන ආගමක් යයි මු ලුලෝකයම දන්නා කාරණයක් මෙය බොරු නොවන බව කියවන ඔබ දන්නවා! .. (උදා: "කර්මය" කියන එක මුළු ආගම් සියල්ල පිලිගන්නවා ).(නදී)
සමාව ගන්න කෙනා මදාවියෙක්ම තමා.... ශ්‍රී ලාංකික ජනාතවනි, ඔය වගේ අසමජ්ජාතිකයන්ට සෑම පලාතකදීම ඔයවගේ සංග්‍රහ ලබාදියයුතුයි..(අ)
දේශපාලනයට ගියපු රටක් ලංකාව කියන්නේ මිනිස්සු හිතන්නේ මොන යම් සෙද් උනත් ඒකට වැරදි නිතිය හා සාමය රකින පොලිස් නිලධාරින් කියලා (අ)
ගුටිත් කාලා වගේ, අතල් නේද, ඔයා අතින්ද සිවුර ඇද්දේ (අ)
මේ නීල්-රනා නම් කොහෙන් අපු මිත්‍යා දෘෂ්ටිකයෙක්ද මන්දා. සිංහල නම් දාගෙන බෞද්ධ වෙසින් ඉන්න කෙනෙක්.(නදී)
හැමදාම කොහේහරි දේස පාලුවෙක් සම්බන්ද කචල් එකක්, වැඩිපුරම පාසලක් හරි පන්සලක් ගැවිලා ඇති. අපේ පුංචි රටට ජ්‍යෙෂ්ට ඇමතිවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා ඇමතිවරු, ප්‍රාදේශීය නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු, පළාත් සභා ඇමතිවරු මන්ත්‍රීවරු මෙතුමන්ලගේ ලේකම් වරු, සහ පස්සෙන් යන කටු කන වන්ධි බට්ටයෝ මෙකි නොකී දේසපාලුවන් නිසා අහිංසක මහා ජනතාවට තමන්ගේ ආගම දහමවත් ඉදිරියේදී අදහා ගැනීමට ක්‍රමයක් නැතිවේවි. (අ)
පව් මේ ස්වාමීන් වහන්සේ (නි)
දේශපාලනය කියන්නේ රට විකුනන සෙල්ලමක් (අ)
තවත් වෙබ් අඩවියක තියෙන්නේ මන්ත්‍රී තුමෙකුගේ ගෝලයෝ සම්බන්ධයි කියල . හරි තොරතුරු දෙන්න (අ)
පන්සල් භුමිය පොදු ස්ථානයක් වියයුතුයි. හාමුදුරුවන් ඒවායේ අයිතිකරුවන් නොවියයුතුයි. සංඝයාද පොදුවේ ජනතාවටම අයත්. ඔවුන් නඩත්තුවන්නේ ජනතාවගෙන්. හාමුදුරුවන්ට හිතෙන හිතෙන වැඩ කටයුතුවලට පන්සල් භුමිය ලබාදිය නොහැකියි. ඒ ගැන සොයාබලන්නත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් පොදු ජනතාවට අයිතියක් තිබෙනවා. දීඝවාපිය රටේම පොදු උරුමයක් මිස නායක උන්නාන්සේගේ දේපොලක් නොවෙයි. රටවැසියන් නීතිය අතට ගැනීම වරදක්. සිවුරෙන් ඇදීමක් සිදුවුනානම් එය පින්තූර ගැනීමට එරෙහිවූ භික්ෂුවකගේ අනවශ්‍ය හැසිරීමක් නිසා වියහැකියි. ශාරීරික පීඩාවක් සිදු වුනානම් නීතියක් තිබෙනවා. ඒ අනුව ක්‍රියාකළ හැකියි. තමන්ට නැති නිසා අනුන්ගේ වාහන වලට හා ඒවායේ ගමන් කරන්නන්ට ඉරිසියාකම් කරන්නේ හීනමානයෙන් පෙලෙන්නෝ. පන්සලක පින්තුර ගැනීමේ කිසි වරදක් නැහැ. හාමුදුරුවනුත් එසේමයි. මන්ද පොදු දේපල නිසා රහසිගතව නොපැවතිය යුතුයි. (අ)
කව්රු මොනවා කරත් කව්ද මේ පොලිස් නිලධාරියට ගැහැව්වේ? ඒවා පව් වැඩ.(නදී)
ඉස්සර මේ වගේ විකාර තිබුනේ නැහැ. දේව කොපේ මේ රටට ඇති වුනේ පව් කාර ආගම් බදාගෙන මිනිසුන් බුදු දහමින් ඈත් වුන නිසයි. බල්ලා මල්ලෙන් එලියට පැනපු එක ගැනනම් අපිටත් සතුටුයි.(නදී)
දිනුක, ඒක නම් ඇත්ත.(නදී)
නීල් රනා ඔයා ඔය කියවන්නේ පාදිලි තුමා කියලා දීපුව නේද? හොඳට කට පාඩම් කරනවා.(නදී)
ඩිපෙන්ඩර් තිබ්බට මොලේ නෑ වගේ.(නදී)
ගිය කට්ටිය රජයේ උනා නම් ඔය එක ප්‍රස්නයක් වත් වෙන්නේ නැතිවේවි .(නදී)
නිල් රණා, ඔබ නම් ඉක්මනින් මානසික වෙද මහතකු හමුවී ඉක්මන් ප්‍රතිකාර ගත යුතු කෙනෙක්. ඔබ දමන ප්‍රතිචාර මන්දබුද්ධිකයෙකුගේ අදහස් වැනිය. ලංකාදීප පුවත් පතට පින්සිදු වන්න ඔබගේ නම සමග ඔබගේ මන්දබුද්ධික අදහස් අප කියවනවා . ඔබ ගෙන අපට ලොකු දුකක් ඇති වෙනවා .සහෝදර ශ්‍රී ලාංකිකයකුට ආදරයෙන් දෙන උපදෙසක් ලෙස සලකා ඉක්මනින් මානසික රෝහලකට ගොස් ප්‍රතිකර ලබා ගන්න . ඔබට ඉක්මන් සුවය පතමි (නි)
අපේ හමුදුරෝවන් දැක්කාම් දුක හිතෙනවා . හාමුදුරුවන්ට දිර්ගයුෂ පතනවා (අ)
නීල් රනා,මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට ගෙනාවේ බුදු දහම විතරයි.එතකොට දැන් ඉන්න අන්‍යාගමිකයෝ කව්ද?කෙසේ පැවතෙන්නේද? (අ)
මම හැමදාම දැකල තියෙන දෙයක් තමා නීල් රාණා නිතරම මෙහි ලියන්නේ බෞද්ධ ආගමට විරුද්ධ දේවල්. එයා පැහැදිලිවම කතෝලිකයෙක් විය යුතුයි. රනා කියන ආයතනය තියෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරයේ. එහි නිපදවන පිටි මිශ්‍ර ආහාර කමෙන් මොලේ පිටිද කොහෙද? කිව්වොත් මොකක් හරි මැටි මෝල් කතක් තමා ඉතින්.(නදී) .
පොලිස් මල්ලි පව්. අපේම මවකගේ දරුවෙක්නේ (අ)
නීල් රනා ඔහේගේ අදහස් දැක්කම නම් හිතෙන්නේ වැස්සකටවත් පාසලකට ගිහිල්ල නෑ කියල (අ)
පෙරේරා ඔයාට වැරදිලා. මෙදාපාර අහුවෙලා ඉන්නේ ඒ පක්ෂයේ කෙනෙක් නෙමෙයි. නීල් රනා, මමත් ඔය විහාරයට ගිහිල්ලා , ඔය පින්තුරේ ඉන්න ලොකු හාමුදුරුවෝ මුණ ගැහිලත් තියනවා. මමත් හැම තැනම ගිහිල්ලා ඡායාරූපත් ගත්තා. මට නම් ඔයා කියන දේවල් වුනේ නැහැ. අපි පන්සල් යන්නේ නිදහසේ ගාලු මුවදොර වගේ හැසිරෙන්න නොවේ. එහෙම කරන්න වෙනම තැන් තියනවා. අපි පන්සල් යන එක හේතුවක් තමා ත්‍රිවිධ රත්නයෙන් ජීවමානව සිටින සංඝරත්නය වැඳ පුදා ගැනීම. අනෙක් ආගම් වල ආගමික ස්ථාන වලට වගේ නොවේ ඕනෑම මිත්‍යා දෘෂ්ඨිකයෙකුට පන්සල් යන්න පුළුවන් වුනාට පන්සලේ පහරන්න ඉඩ දෙන්න බැහැ. (නි)
මිනිසුන්ට නීතිය ගැන විශ්වාසයක් නැහැ. මහජනතාව කොහොමද නීතිය ආරක්ෂා කරන පොලිසියට ගිහින් පැමිණිලි කරලා සාදාරනයක් ඉෂ්ට කරගන්නේ. සල්ලිවලට, දේශපාලනයට නීතිය යටවුනු රටක වෙන්නේ මහජනතාව නීතිය ක්‍රියාත්මක කිරීමයි. දැන් මේ ලංකාව යන්නේ යන්නේ ඒ විදිහටයි. ඒක එතරම් සුබ ලකුණක් නෙමේ. කරුණාකර මම රජයෙන් ඉල්ලන්නේ දුෂිත නිලදාරීන් පොලිසියෙන්,දේශපාලනෙන්, රාජ්‍ය සේවයෙන් ඉවත් කර මහජනයාට විශ්වාස කළ හැකි පාලනයක් ඇතිකරන්න. (නි)
මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට එන්න කලින් ලංකාවේ මිනිසුන් හිටියේ නැද්ද? එහෙම නම් ඒ අයගේ ආගම මොකද්ද සදරුවන්? (නි)
ඉම්රාන් කට කට... ලගදීම සිංහල අපෙන් කන්න වගේ ලැහැස්ති වෙන්නේ. අපේ දේවල් වලට හොට දාන්නේ නැතුව ඉන්න හොදේ (නි)
නිල් රනා බත් කන මෝඩයෙක්. (නි)
ඇත්තටම පින්තුර ගත්ත හේතුව දන්නේ නැතුව අදහස් දක්වන්නේ කොහොමද? අනික ඒ ගොල්ලෝ ගහනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕනෑ.බාගෙට දැන ගෙන කොහොමද? (නි)
ලංකාව බෞද්ධ රටක්. දේශපාලකයන්ගේ උවමනාවට බහු ආගමික වුනාට මේ බෞද්ධ රට ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. එය රජයේත් ජනපතිගේත් යුතුකමයි. රානා කොහෙන් ආ පිළිලයක්ද?(නදී)
ඔවුන්ට දඩුවම් දෙන්න (නි)
පන්සලකදී හැසීරිමේ විනයක් කා තුලත් තිබිය යුතු අමුතුවෙන් කිව යුත්තක් නොවේ. පන්සල පොදු වුනාට එතන සතෙක් වගේ හැසිරෙන්නන් පන්සල් භුම්යෙන් පිටුවහල් කිරීමේ බලය ගරු විහාරදිපතිට තියෙනවා. අපේ රටේ බොහෝ ජනයා හීනමානෙන් පෙලෙන්නන්, පන්සලට එන්නෙත් වෙනත් උවමනාවන්ට කොහොමවුනත් පන්සල අපේ, අපේ හාමුදුරුවෝ එහි වැඩ වෙසෙන්නේ. අපේ හාමුදුරුවන්ට යම් ගැහැටක් වේ නම් අපි පන්සල සුරකින්න ඕනා.(නදී)
දැන හෝ නොදැන කරපු වරදට වැදලා සමාව ගන්නවා, හාමුදුරුවොත් සමාව දෙනවා, මොකද මේ හාමුදුරුවෝ කියන්නේ නීතිමය පියවර ගන්න කතාවක්? වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ කියල හමුදුරුවරුමනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ අංගුලිමාලයට සමාව දුන්නනම්? සිවුරෙන් ඇද්ද එකට එයාට පල විපාක ලැබේවි.(නදී)
තමාගේ නොවන තැනක පින්තුර ගන්නවා නම් එතන භාරකරුගෙන් අවසරය ඇතුව ගතහොත් තමා ශිෂ්ට සම්පන්න වන්නේ.මහත්මා ගතිය වන්නේ. සිව්රෙන් ඇද්දා නම් වැරදියි.දේශපාලකයෙක් නම් සෑම දෙයකින්ම ආදර්ශමත් වුනානම් තමා නිවැරදි. (නි)
රණාට පන්සලක් ගැන කිව්වම හරියට තද වෙනවා නේද? තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවද? (නි)
නීතිය හරියට නැත්නම් ගැමියෝ හරි මේවා විසදයි (නි)
අදහස් දාන කිසිම කෙනෙකුට රටේ පවතින තත්ත්වය ගැන කිසිම අවබෝධයක් නැහැ (නි)
ඔව් ඔව් සිංහල අපි අපේ ඒවා බලාගන්නම්. මේක සිංහල බෞද්ධ රටක්. ඒක බය නැතිව පිළිගන්නේ කොන්දක් තියෙන සිංහලයෝ විතරයි (නි)
පන්සලක පින්තූර ගැනීමේ ඇති වරද කුමක්ද? දැන් ගැමියොත් ඕනවට වැඩියි වගේ. වාහනවල හුළං අරිනවා, පාරවල් වලට කොට දානවා, මාර්ග අවහිර කර උද්ඝෝෂණ කරනවා, රජයේ නිලධාරීන්ට පහරදෙනවා. මේ හැම අවුලක්ම පිටුපස ඉන්නේ බොහෝවිට ගම හදනවා වෙනුවට ගම කන ප්‍රාදේශීය දේශපාලකයෝ. (දී)
අනේ අපේ අදහස් දාන ය මේ වැඩේට ආණ්ඩුව පැත්තේ දේශපාලකයෙකු යන්තම් හරි ගෑවුනානම් මොන මොන අදහස් ලියයිද ? හොඳ වෙලාවට එ ජා ප අහිංසකයෙක් වුනේ . එයාල නම් ඉතින් මොනවා කරන්නටත් අයිතිවාසිකමක් තියනවනේ .(අ)
ශාන් වෙන ආගමක කෙනෙක් බුදුදහම වලද ගත්තොත් එක යථාර්තය තේරුම් අරන් කියනවා සිංහල කෙනෙක් වෙන ආගමක් වෙලද ගත්තොත් එක අන්‍ය ආගමමීකරණය නේද (අ)
මොකක් හරි වැරදි දෙයක් වෙන්න ඇති. කිසිම දෙයක් නොදෙන අදහස් දානවා. පන්සලක ෆොටෝ ගන්න තහනම්ද? පන්සල ෆොටෝ ගත්තා නම් ගමේ මිනිස්සුන්ට කේන්ති යන්නේ මොකද? (නි)
අතාරින්න එපා, දඩුවම් කරන්න. (දී)
නීල් රනා, මෝඩයා වගේ පින්තුර ගැනීම වරදක්ද කියලා අහන්නේ. මෝඩ "රනා " මං, අනේ මෝඩ "රනා" මං. (නි)
නීල්, ඔබ වගේ අය සම්පුර්ණයෙන් කියවලාවත් නෙමේ නේද අදහසක් දාන්නේ? (නි)
කමක් නැහැ. ඔහොම වුන එක හොදයි . (දී)
අශෝකා ,මිහිඳු මහා රහතන් වහන්සේ අන්‍යාගමීකරණය කලේ නැහැ. මිනිසුන් බුදුදහමේ යතාර්ථය තේරුම් අරන් මාර්ග ඵල ලබලා බුදුදහම වැළඳ ගත්තා. (නි)
මේ වාහනය රජයේ එකක්, මෙන්න රටේ නීතිය ජයවේවා!(නදී)
නීල්ගේ සමහර අදහස් කටුක උනත් ඇත්ත.(ස)
මේ ෆොටෝ එකේ ඉන්න පීසීගේ ඔලුව පළල තියෙන්නේ කව්ද ..?(අ)
අහමඩ් කරන ප්‍රකාශ තරමක් සැක සහිත නැද්ද? නිතරම බුද්ධාගමට පහරක් ගහනවා. සමහරවිට මෙයා මුස්ලිම් නොවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජාතිවාදය ඇවිලවීමට තුන් වෙනි පාර්ශවයක්ද දන්නේ නැහැ. (නි)
මෙන්න මෙයාලා ගුටි කාලෝ!... (නි)
මේකට පුලුවන්නම් තම්බිලවත් ගාව ගන්න. එක එක කලබල සේනා කරන දේවල දේව කෝපය ප්‍රතිපල බලාගෙන ඉන්න එක තමයි අප තම්බීන්ට තියෙන්නේ, හිනා යනවා හිනා වෙන්නත් අමාරුයි. (නි)
කසුන්, සිංහලයන් සිංහලයන්ටම ගල් මුගුරු වලින් ගහනවා. දවසේ පත්තර දැක්කහම නම් හිතෙන්නේ ලංකාවේ පන්සල් යනවද කියලයි (නි)
යුද්දයෙන් පසුව ලංකාවේ සොලොස්මස්ථාන අතරින් කිසිම දියුණුවක් නැති එකම ස්ථානය. දුක හිතෙනවා දීඝවාපි වන්දනා කරන්න ගියාම. හොදටම ජාරාවාස වෙලා, එහෙන් මුස්ලිම් මිනිස්සු දීඝවාපි පුණ්‍ය භුමියේ ඉඩම් බලෙන් අල්ලාගෙන, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ මැදිහත් වුනාට පස්සේ තමා ඉතුරු ටිකවත් බේරිලා තියෙන්නේ. (නි)
නීල් රනා ,පාදිලි අයට හොඳට කඩේ යනවා නේද? (නි)
නෙයල් රනා , ඕවා ඔක්කොම රටේ නීතියක් ක්‍රියාත්මක නොවීමේ ලක්ෂණ. (අ)
ඉස්සර කාලෙනම් අපි අහලා තියෙන්නේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කියන ලස්සන වදන් පෙළක්... නමුත් වර්තමානයේ නම් හාත්පසින්ම වෙනස්, සංඝයා වහන්සේලායි පොලිසියයි සහ බැටන් පොලුයි කඳුළු ගෑසුයි... (නි)
ගුටි කාලද?තමන්ටම ගහගෙනද? පොලීසියේ පොඩ්ඩෝ අම්බලන්ගොඩ රූකඩ වගේ,නුල කැඩුනොත් වෙන දේ දන්නවනේ... (නි)
දයා ගමගේ මහතා දීගවාපි විහාරයේ ප්‍රධාන දායක තුමා.එතුමා විශාල සේවයක් කරනවා.(අ)
රට යන ආකාරය නම් අන්තමයි. මේකද අර ආසියාවේ ආස්චර්‍ය ? (නදී)
බොහෝම හොදයි. මිනිසුනේ ඔය විදියටවත් ශක්තිමත් වෙයල්ලා. නැත්නම් , ඉදිරියේදී අද අපි නොමිලේ අපේ මිදුලේ ඉදන් ගන්න හුස්ම ටිකත්, අපිට ලබා ගන්න පොලිස් රැකවල් ඕනෑවෙයි (නි)
කොහොම නමුත් ආරක්ෂක නිලධරීන්ට ගහපු එක වැරදි වැඩක්. විශේෂයෙන්ම ඔය පළාත්වල අය පහුගිය කාලේ රැකුණේ මෙම නිලදරුවන් නිසයි. කවුරුත් වැරදි වැඩ කරනවා තමයි. මීට වඩා සංවේදීව මේ ගැන හිතන්න තිබුනා. (නි)
සඳරුවන්, මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට ගෙනාවේ බුදු දහම විතරයි. ඔව් ඒක ඇත්ත, මිහිදු හිමියන් ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවේ නැහැ. එතකොට මිහිදු හිමියන් ලංකාවට වඩින්න කලින් ලංකාවේ හිටපු මිනිස්සු වෙන ආගම් ඇදහුවේ නැද්ද? අන්‍යගමිකරණය පටන් ගත්තේ එතකොට අපේම අයගෙන් නෙමේද? නීල් රණා කියපුදෙයට මමත් එකගයි. (නි)
දීඝවාපිය ඩෝසර් කරනකොට මේ කට්ටිය කොහෙද හිටියේ දන්නේ නැහැ. (අ)
නීතිය වල් වැදුන රටේ ජනතාව එය දැනුමකින් තොරව අතට අරන් වගේ. වදුරට දැලි පිහිය ලැබුන විදියට වැඩ කරනවා (නි).
දෙශපාලක්යෝ නීතිය අතට අරන් ඩෙඟා නටද්දී ඒ අයව පත් කරපු ජනතාව පොලු ගත්හට වරදක් නෙහ නේද ? (අ)