ඌව ඡන්දයෙන් පසු මෙනරාගල ආසනයේ තැන තැන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ,නිහඩ වී මැර බලය දකින්නට ඇතැයි ද ප්‍රභාකරන් යළි පැමිණ ඇතැයි ද කියන පුවරුද රැගෙන වැල්ලවායේ පිරිසක් තම නිදහස රැක දෙන ලෙස ඉල්ලා අද (22) උද්‍ඝෝෂණයක් ඇරැඹුහ.
ඩිෆෙන්ඩර් චණ්ඩින් කවුදැයි ඔවුහු ප්‍රශ්න කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට ඩිපෙන්ඩර් තියෙන්නේ අාංඩුවේ අයට විතරද (නදී)
අපිද කිව්වෙ මොලේ නෑති ඩිපෙන්ඩර් වලට ජන්දෙ දෙන්න කියලා. ඉස්සරහට රටේම මිනිස්සුන්ට ඔය විදිහට එලියට බහින්න තමා වෙන්නේ (නදී)
මෙච්චර කට්ටිය විපක්ෂයේ ඉද්දී මෙතුමාට පමණක් මොකෝ මේ ගහන්නේ. (නදී)
දුන්නා නම් දැන් කාපල්ලා. (නදී)
එකෙනේක්ගේ ප්‍රශ්ණයක් රටේ ප්‍රශ්ණයක් කරන්න හදනවා. විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවේ මෙතුමා විතරද. (නදී)
දැන් කනවෝ කනවෝ කීවට බේරගන්න කව්රුත් නැහැ (නදී)
ඕක තමයි කියන්නේ මොලේ කල්පනා කරලා ඡන්දෙ දාන්න කියලා. දැන් ඉතින් කන්න බලාගෙන ඉන්න. (නදී)
ඔන්න ඡන්දෙ ප්‍රතිඵල. හෙට වෙන කොට අර බස්සපු මිල ගණනුත් උඩ යාවි. අනේ අනිච්චන්. (නදී)
ජයන්තටම හරියන කොමෙන්ට් එක. ඕනවට වැඩිය දගලුවම වෙන වැඩේ ඔන්න කිව්වා. මේ අය වගේ තව හිටියොත් කතා කරන්නවත් බැරිව යාවි. (නදී)
හැබෑට ඩිපෙන්ඩර් තියෙන්නේ අාංඩුවේ ප්‍රබලයින් ළඟ, ඕක තමයි කියන්නේ මොලේ නැති අයට ඡන්දෙ දුන්නොත් වෙනදේ (නදී)
දැන් ඉතින් කට්ටිය මෝඩකම ප්‍රදර්ශයත් කරනවා. ඡන්දෙට කලින් ඕක හිතුවා නම් ඉවරනේ. දැන් ඉතින් ඩිපෙන්ඩර්වලින් නෙවේ බස් වලින් යවන්න තියෙන්නේ (නදී)
මේ රටේ අය අනුන්ගේ මතයටත් ගරුකරන මිනිසුන් වන්නේ කවදාද? දිනුම පැරදුම එකසේ බෙදාගන්න මිනිසුන්ට හුරුකළ යුතුයි.බටහිර රටවලින් හොඳ දේවල් ඉගෙනගන්න පුළුවන්. (නි)
ඊයේ ගිහින් ඡන්දෙ දුන්නනේ. දැන් ඉතින් ඉවසගෙන ඉන්න. හිතන්න තිබුනේ ඊයේ. (නදී)
ප්‍රදේශයේ ප්‍රශ්ණයක් තිබේ නම් පොලිසියට නේද පැමිණිලි කරන්න ඕනා. ඩිෆෙන්ඩර් අද නෙමේනේ ආවේ. ඔයාල ඔය විපක්ෂයේ උවමනාවට පාරට බැහැල නේද. (නදී)
ඩිෆෙන්ඩර් වලින් එන්නේ ගම විනාශ කරන්න කියන එක මීට දවස් තුනකට වත් කලින් වටහා ගත්තා නම්. මොනරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කම වැඩියි. සාක්ශරතාවය අඩුයි. ඒක නිසා තමයි කරුනු වටහා ගැනීම ප්‍රමාද (නදී)
සෑම් හරියට හරි (නදී)
ජන්දේ ඉවර උනහම පැරදුනු අයට පොඩි සෝබනයක් දාන එක ඉස්සර ඉදලම උනා. මේවා ගණන් ගන්නේ නැතුව අපිට ලැබුන විශිෂ්ට මහඇමතිතුමාට අපේ සියලු සහයෝගය ලබා දෙමු. (නදී)
කවුද අප්පේ ඒ (දී)
කව්රු කොහොම කීවත් අපට ඉන්නේ දේශපාලනය කරන්න නොදන්නා අමන රැලක් (නදී)
පරණ ගමේ කියමනක් මතක් උනා " අබ වැපුරුවොත් අබ, මුං වැපුරුවොත් මුං " කියන්නේ ඕකටනේ (නදී)
ඔව්වා හිතන්න තිබ්බේ මීට කලින් (නදී)
ඕක තමා විපක්ෂයේ කට්ටිය කෑ ගහල කිව්වේ වෙනසක් කරන්න කියලා. 2500 ට ඔක්කොම යටයි දුප්පත් කම තවත් වැඩි වී පාලකයනට රජ මගුලක් වෙයි (නදී)
දුන්නා නම් විදවාපල්ලා. (නදී)
මෙය පරාජිත කණ්ඩායමක් විසින් රජය අපහසුතාවයට පත්කරන කුට වියාපාරයක් බවයි පෙනී යන්නේ (නදී)
ඇත්තටම ඩිෆෙන්ඩර් තිබෙන්නේ ආණ්ඩුවේ අය ලග විතරද? (නදී)
අහිංසක මිනිස්සු, මේ අපේ මිනිස්සු රටේම ඉන්න අහිංසක මිනිස්සු තම අයිතිවාසිකම් සඳහා එක්සත් වෙමු. ඔය තැබෑරුම් චන්ඩි රටෙන්ම එලවමු. (නදී)
සහතිකවම ආණ්ඩුවේ විශාල පසුබැසීමක් ඌව මැතිවරණයෙන් පෙන්නුම් කලා කියන කාරණය ඔප්පු වීමක් තමා මින් පෙන්නුම් කරන්නේ. තව තවත් ආණ්ඩුව ජනතාව අතර පිරිහෙන්නෙ ඇයි කියන කාරණාව රජයට දැනෙන්නෙ නැත්නම් ඒක රටේ විපතට වගේම පාලකයින්ගේ විනාශයටත් හේතුවක්. දැන්නම් මට හිතෙන්නෙ අවසානයක ආරම්භය ඌවෙන් සනිටුහන් වූවා කියලයි. (නදී)
ඩිපෙන්ඩර් කියන්නේ මොනවද? (නදී)
දැන් නම් මට පෙනෙන හැටියට මේ පිටුවේ තියෙන්නේ ආණ්ඩුවට පක්ෂ නැති අදහස්. ඇයි සමබර වෙන්න ආණ්ඩුවට පක්ෂ අදහස් දාන්නේ නැත්තේ. (නදී)
ඡන්දෙට කලින් රගපු ටෙලි නාට්‍යයේ ඉතුරු කොටස පටි ගත කරනවා. කවුරු හරි කට්ටියට කීයක් හරි දීල පාරට ගෙනත් දාල බෝඩ් ලෑලි ටිකකුත් එක්ක. වැඩේ බලන්න තිබුන කට්ටිය දිනුවා නම්. (නදී)
මේ හොර තක්කඩි ගෙදර යවන්න රටම එකතුවෙන්න ඕනෑ! (නි)
මොලේ අමාරුව තියෙනෛ් ඡන්දේ දුන් අයට. ඩිෆෙන්ඩර් කියන්නේ මිනිස්ටර්ලට දුප්පතුන්ගේ බදු මුදලින් ගත්ත ඒවා (නදී)
මම හිතන්නේ පොඩි වැරදීමක්. ටොයොටා එක්ක ඩිෆෙන්ඩර් වගේ දැක්කද දන්නේ නැහැ (නදී)
17 වන සංශෝදනය යලි බලගන්වන්න කියා රජයට බලකරන්න කාලය ඇවිත් (නදී)
හොද වෙලාවට අර වැලිවේරියේ පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට "පට පට" ගාල වෙඩි තියන්න උපදෙස් දුන්නු නිලදාරියව තුර්කියේ උසස් වීමක් දීල පිටත් කරලා හරියේ. නැතිනම් මේ අසරනයන්ටත් වෙඩි උන්ඩයෙන් තමයි පිළිතුරු ලැබෙන්නේ. (නදී)
ඔය විඳවන්න පටන් ගත්තා විතරයි. තව ඉදිරියට විඳවන්න තියෙනවා. දැන්මම විඳවන්න ලැහැස්ති වෙලාම ඉන්න එක ඇගට ගුණයි. (නදී)
විදුලි බිල වැඩි කරපු විට උද්ඝෝෂණය කරපු රටේ මෙවැනි උද්ඝෝෂණ විහිළුවකට ගන්න නරකයි. මෙවැනි දේ විහිළුවකට ගන්න අය සෘජුවම ජනතාව පිඩාවට පත්කිරීම අනුමත කරනවා. එවැනි අයට මේ දුක තේරෙන්න ඔවුනුත් දවසක පිඩාවට පත්වුණ විටයි. (නදී)
මම නම් දකින්නේ දුප්පත් මිනිසුන්ගේ සාමකාමී උද්‍ඝෝෂණයක් ලෙස. අසාදාරනයක් වෙලා තියේනම් පොලිසිය හෝ බලධාරීන් ඊට පියවර ගත යුතුයි. (නදී)
සිල්වා කිව්ව එක හරි. ඇයි 2002 දී කොටි එක්ක සාම ගිවිසුම් ගහලා කොටින්ට රටෙන් කොටසක් දෙන්න හැදුවා දැන් ඔයාලට මතක නැද්ද? (නදී)
ප්‍රබාකරන් අායිමත් ඇවිල්ලා කිව්වේ කාටද ? (නදී)
මේ ඊයේ කිරිබත්, කැවුම් උයපු උදවිය නේද? වවුලගේ මගුල් ගෙදර ගියාම ඉන්න ඕනේ කොහොමද කියල හැබෑටම දන්නේ නැද්ද? (නදී)
කතාවක් තියෙනවා කුම්බලා මාළු කෑවා නම් දිරවාපන් බළලෝ. ඡන්දය දුන්නා නම් මැරයන්ගේ වැඩ බලපල්ලා (නදී)
ඉස්සර "ග්‍රීස් යක්කු" එව්වා. දැන් "ඩිෆෙන්ඩර් යක්කු" එවනවා. ජනතාව රජයට රතු එලිය දැක්වුවා මදි. (නදී)
කාට ඡන්දෙ දුන්නත් ඔච්චරයි. වැඩක් නැහැ. අපේ රටේ දේශපාලනය දැන් දෙකේ කොළයට වැටිලයි තියෙන්නේ. (නි)
මරු විකල්ලෙන් දගලනවා (නදී)
මහ සොහොනගේ වැඩක්. (නදී)
ආණ්ඩුව බය වෙලා... මේ මිනිස්සු මේවා දැක දැක චන්දේ දුන්නනේ. (දී)
එතකොට කව්ද ඩිෆෙන්ඩර් කට්ටියට චන්දෙ දීලා දිනෙව්වේ? (නදී)
දීපිය තවත් ඡන්දය.දැන් සේරම ඉවරයි. අනිත් ඡන්දෙවත් මොලේ පාවිචිකර දෙන්න.ගිය දේ ගියා. 2500 ට අරක්කු බෝතලයට යට උනානේ. (ස)
ප්‍රභාකරන් ඕනේ නිසානේ අනිත් පැත්තට දුන්නේ (ස)
ඡන්දේ දිනලා තියෙන්නේ මේ චන්ඩි යොදලා නේද? (නදී)
අමර, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන් මිනිස්සු ඉදිරිපත් වෙන එක විහිළුවකට ගන්ඩ එපා. රටේ මැරකම් පැතිරුනාම කවදා හරි ඔයාගේ දරුවන්ටත් ඕවට මුහුණ දෙන්න වෙනවා. ඔයත් ඒ මැරයෙක් නම් මට කියන්ඩ තියෙන්නේ අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන එක තමයි. (නදී)
මෙන්න දිනපු හැටි (නදී)
නිකන් මෝඩ කතා කියන්න එපා. සිල්වට මොලේ අමාරුවක් තියෙන පාටයි. (නදී)
පහුගිය දවස් වල ඕනෙවට වඩා දගලපු අය දැන් බය වෙලා වගේ.. ඕකට තමා කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා (නදී)
මොකද මේ පාර පොලිසියට නිවාඩු දීලද 77 වගේ. ප්‍රජාතන්තරේ නැතිනම් පාරවල්වල ඔහොම කෑගහයිද ? අපි ආවනම් කොහොම වෙයිද ? (නදී)
දන්නෝ දනිති ? මේ කව්ද ? මොනවද කරන්නේ ? කව්ද ඩිෆෙන්ඩර් භාවිතා කරන්නේ ? (නදී)