
නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 18,800ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායකියයි.
විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතරුක් මත මෙම ඩීසල් තොගයක මාළු ලොරියකින් හා තවත් ලොරි රථයකින ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත. මෙම තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 පමණ වෙයි.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජී.එස්. පුෂ්ප කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි
ravin Wednesday, 10 August 2022 10:03 AM
විශාල ඩීසල් ප්‍රමාණයක් ලබ ගත් ආකාරයත් විමර්ශනය කරන්න. අනිවාර්යෙන්ම මෙය පිටුපස දේශපාලනඥයෙක් සිටිය හැකියි
ruwan Wednesday, 10 August 2022 10:12 AM
ඉන්ධන නොමැතිවීම අහන්න දෙයක්ද?
fairoosWednesday, 10 August 2022 12:48 PM
හානේ මෙහෙමත් අය... ලියුම් 19000 ලංකාවට බෙදන්න පුළුවන් කියලා හිතුවද?
BamunuarachchiThursday, 11 August 2022 04:46 PM
බෙදන්න බැහැ තමයි. මොකක්ද ප්‍රශ්නය? මස්කඩ කාරයෝද ඩීසල් හන්ගන් ඉඳලා තිබෙන්නේ?
Raja Wednesday, 10 August 2022 12:37 PM
මෙන්න ලංකාව, වෙන රටවල අල්ලන්නේ මත් කුඩු, ගන්ජා, ගිනිඅවි... අපේ ආරක්ෂක බලකාය අල්ලන්නේ ප්‍රසිද්ධියේ විකුණන ඩීසල්...!
samanWednesday, 10 August 2022 02:18 PM
ලංකාවෙත් ඔය කියන ජාති අල්ලනවා- දැන්ද ඇහැරුනේ?
RajaWednesday, 10 August 2022 05:28 PM
අල්ලන්වා , අල්ලන්නෙ මොනාද? රට විනාශ කළ පිරිස් රටින් යන්නෙ ආරක්ෂක හමුදා එක්ක අල්ලන්නෙ පපි වෙනුවෙන් සටන් වදින අය.