(යොහාන් භාසුර)
ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගත්තේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415 ක් දක්වා පහත වැටුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අඩු කළත් භාණ්ඩ මිල නම් මජර කළුකඩයින් අඩු කරන්නේ නෑ. පාරිභෝගික අධිකාරිය මර නින්දේ ...!
දැන්නම් බය හිතෙනවා.. ගල්ෆ් වගේ පෙට්‍රල් වැඩියි, ඩීසල් අඩුයි...
ඡන්දෙක පෙර නිමිතිද මන්දා ?
මගී ප්‍රවහනය භාණඩ ප්‍රවහනය ඇතුළු සියලු දෙයට අවශ්‍ය ඩිසල් මිල තමයි අඩුවෙන්න ඔනැ.එවිටයි දුප්පත් ඡනතාවට අවශ්‍ය භාණඩ ඇතුලු සියලු දේ අඩුවෙන්නෙ.