IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩිස්නි මුහුදු උයනෙහි චමත්කාරය

2016-05-13-ent-48

2016-05-13-ent-51ලොකු අය මොහොතකට පොඞ්ඩන් වී, පොඩි අය ලොක්කන් වී සුන්දර සිහින පාරාදීසයක සැරි සැරීමට ඇත්නම්, ඒ තැන ඩිස්නිලන්තයයි. මේ ඩිස්නිලන්තය යනු ඇමෙරිකාව, ඇතුළු රටවල් කීපයකදීම දැක ගත හැකි සොඳුරුතම පාරාදීසයකි. අප මේ කරුණු විස්තර කරන්නට හදන්නේ ඩිස්නිලන්තය ගැන නොවෙයි. ඩිස්නි සී හෙවත් ඩිස්නි මුහුද ගැනයි. මේ ඩිස්නි සී (ඩිස්නි මුහුද නිර්මාණය කොට ඇත්තේ ජපානයේ ටෝකියෝ අගනුවරට සමීපවය. මෙම ඩිස්නි මුහුදු නිම්නය යනු අප තවත් විශ්මයට පත්කරවන මෙන්ම කුල්මත් කරවන, විනෝදාස්වාදය ගෙන දෙන සොඳුරු පාරාදීසයකි.

ටෝකියෝ ඩිස්නි මුහුද සහිත මේ චමත්කාරය පිරි නිම්නය නිර්මාණය වූයේ 2001 දීය. ඒ සඳහා යෙන් බිලියන 335 පමණ වැයවී ඇත. ටෝකියෝවට නුදුරු උරායසු - ෂිබා පෙදෙසෙහි තනා ඇති මෙය ඔරියන්ටල් ලෑන්ඞ් කම්පැනි සතුය. අක්කර 172 ක භූමියක තනා ඇති මේ සඳහා පාදක කරගත් තේමාව සහ චරිත වන්නේ වෝල්ට් ඩිස්නි සමාගමේ නිමැවුම් ලෙස ඩිස්නිලන්තයට විශේෂ වූ ආකෘතීන්ය. විවිධ ඉසව්වලින් සමන්විත විනෝදාස්වාදය සඳහා වූ ලෝකයේ මෙලෙසින් තනා ඇති විනෝද උයන් අතරින් වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන ස්ථානය ලෙස සතරවැනි තැන ලබා සිටින්නේ මෙම ඩිස්නි මුහුදු උයනයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ නාවුක ගවේෂණාත්මක රිද්මයක් ගෙන දී තිබීමයි. දකුණු කැලිෆෝනියාවේ ”ඩිස්නි පොර්ට්” අනුසාරයද ලබාගෙන ඇත. ලොව විවිධ රටවල ඇති ඩිස්නි උයන් එකොළහ අතරින් නව වැනි උයන ලෙස නිර්මාණය වී ඇත්තේ මෙයයි. මෙය එකත්එකට තවත් ජපන් හපන් කමක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.

මධ්‍යධරණී වරාය අභිරහස් දූපත, කිඳුරු කලපුව අරාබි වෙරළ තීරය, සැඟවුණු ගංගා ඩෙල්ටාව, ඇමෙරිකානු ජල තීරය, මෙම ඩිස්නි මුහුදු උයනෙහි ඇති ස්ථාන අතරින් කීපයකි. ඊට අමතරව ත‍්‍රාසය රැුගත් විනෝදාස්වාදය සඳහා වූ විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදීමට අවකාශය සලසා තිබේ. ඒ විනෝදාස්වාදය වෙනුවෙන් ඇති ඉසව් සඳහා මහත් ඕනෑකමකින් සහභාගී වන්නේ පොඞ්ඩෝ පමණක් නොවේ. වැඩිහිටියන් ඉතා උනන්දුවෙන් ත‍්‍රාසජනක ඉසව්වල පහස අත්විඳ ගැනීමට රිසි බැව් පෙනේ. ළමා වියේදී නොලැබූ වින්දනයන් ලබාගැනීමට වූ අවකාශය ඇති බැවින්, වැඩිහිටියෝ එලෙසින් මොහොතකට ළමා ලෝකයේ වින්දනය ආස්වාදය රිසිසේ ලබා ගනිති. එලෙසින් ඩිස්නි මුහුදු උයනෙහි සැරි සරමින් රිසිසේ දවස ගෙවන අතරේදී විඩාව දැනුණ විට ආහාර - පාන වලින් සප්පායම් වීමට අවැසි නම් ඒ සඳහා විවිධ රසින් විවිධ ක‍්‍රමවලට අයත් තමුන් කැමැති අහරක රස විඳගත හැකිය. මුහුදු පතුලේ නිර්මාණය වූ ආකාරයට භූගත පරිසරයක තනා ඇති අවන්හල අතිශය මනරම්ය. එහිදී ආහාර වට්ටෝරුපතේ සිට, ආහාරපාන පිළිගන්වන පිඟාන, කෝප්ප පවා තනා ඇත්තේ මුහුදු බෙල්ලන්ගේ හෝ මුහුදු පරිසරයේ ආකෘතියට අදාලවය.

ඩිස්නි මුහුදු උයනට පිවිසෙන විට මධ්‍යධරණී මුහුදු තීරය දැක ගත හැකි අතර, ඉපැරණි වැනීසියේ නගර ආකෘති හැඩතලවලට අනුව නිර්මාණය වූ ගොඩනැගිලි ඒ ඉදිරිපස පරිසරයේ නිර්මාණය කර තිබේ. අභිරහස් දූපත කලාපයෙහි ගිනි කන්දක් දැක ගත හැකිය. මහා හඬක් නංවමින් ඒ ගිණි කන්ඳෙන් ගිණි ජාලා පිටවේ. කිඳුරු විමානයේදී දිය කිඳුරියගේ රැඟුම් නැරඹීමට බොහෝ දෙනා රිසිය. මේ දිය කිඳුරිය සැබෑ ලෙසම හැඩකාරය. ඉගිල්ලෙන මාළුවන්ගේ නර්තන රිද්මය සමග දිය කිඳුරියගේ නර්තන ගෙන දෙන ආස්වාදය සැබැවින්ම සුන්දරය. අරාබි වෙරළ තීරයේදී සින්බෑඞ්ගේ චාරිකාව, ඇලඩින්ගේ පුදුම බෝට්ටු සවාරි, අරාබි සුන්දර යුවතියක හමුව ඡායාරූප ගැනීම ආදී බොහෝ ඉසව්වලට එහිදී දායක විය හැකිය. අතුරුදහන් වන ගංගා තීරයේදී අඳුරු ගුහාවකදී අතුරුදහන්වන ත‍්‍රාසය අත්විඳ ගත හැකිය. ගවේෂණාත්මක වරායේ සිට ගවේෂණය සඳහා වූ දේ ගැන දැන ගනිමින් ෆෙරි නෞකා සවාරියක පහස ලැබිය හැකිය. ඊට ඉහළින් ඇමෙරිකානු වෝටර්ෆ‍්‍රන්ට් සිට ගමන් ගන්නා දුම්රිය ගමනද අමතක නොවන අත්දැකීමකි. විදේශීය වැඩිහිටි සංචාරකයකු සඳහා යෙන් 6900 ක මුදලක් මේ ඩිස්නි මුහුදු උයන සඳහා අය කෙරේ එය රුපියල් 9500 කට ආසන්න මුදලකි.

මෙතරම් මුදලක් ගෙවා පැමිණෙන පිරිස සමහර දිනවල ලක්‍ෂය ඉක්මවයි. මෙනිසා බොහෝ ඉසව්වලට දායකවීම සඳහා පැය ගණනක් බලා සිටීමට සිදුවේ. උදෑසනම ඩිස්නි මුහුදු උයනට එන සංචාරකයින් රාත‍්‍රිය එළැඹෙනතෙක් මේ කලාපයේ සැරිසරමින් සිට, අවසන මධ්‍යධරණී මුහුුදු තීරය වටා එක් රොක් වන්නේ ඒ මුහුදු තීරයේදී පැවැත්වෙන අපූර්වතම සංදර්ශනය දැක ගැනීම වෙනුවෙනි. ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කොට නෞකා යාත‍්‍රා සමග පැවැත්වෙන මෙම සංදර්ශනය සැබැවින්ම ඩිස්නි මුහුදු උයනෙහි විශ්මය මවා පාන්නකි. ඒ අපූරු සංදර්ශනය අවසන ගිණිකෙළි සංදර්ශනයක් ද පැවැත්වේ. මේ සැබෑ වූ සිහින ලෝකයෙන් සංචාරකයින් පිටත්ව යන්නේ, ඒ සෑබෑ වූ චමත්කාරයේ පහස හදවතේ රඳවා ගනිමිනි. ඩිස්නි මුහුදු උයනෙහි සැරිසැරූ ඒ සොඳුරු මතකය සැබැවින්ම ජීවිතයේ අපූරු අත්දැකීමක්මය. ඒ සඳහා අපට අනුග‍්‍රහය දැක්වූයේ, Extea NI-CEY ආයතනයයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ 

 

sandalla

 

2016-05-13-ent-43
2016-05-13-ent-44
2016-05-13-ent-45
2016-05-13-ent-46
2016-05-13-ent-47
2016-05-13-ent-49
2016-05-13-ent-50

 



අදහස් (0)

ඩිස්නි මුහුදු උයනෙහි චමත්කාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site