
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය.
බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකරන විට කපිතාන් ඩෝසන් මහතා විසින් ඉදි කරන ලද එම බංගලාව දැනට මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඓතිහාසික ස්ථානයක් බව සඳහන් කළේය.
ඩෝසන් බංගලාවේ සේවකයන් සමඟද සාකච්ඡාවක් නොකොට එය විකුණන්නට යන බවට එහි සේවකයන් පැමිණිලි කර තිබෙන්නේ යැයි කී කබීර් හෂීම් මහතා එම බංගලාව කෞතුකාගාරයක් සේ රැකගත යුතු ස්ථානයක් යැයි සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාව අයිති රජයට නම්.. ඇයි එහි සේවකයින් සමග සාකච්ඡා කරන්න ඕන ..
බංගලාව විකුණන එක වෙනම කථාවක්. එසේ විකුණන්න සේවකයෝ එක්ක මොන කතාද?