කඩුගන්නාවේ පිහිටි කැප්ටන් ඩෝසන් සිහි වීමේ ‘ඩෝසන් කුළුණ‘ නඩත්තුවක් නොමැතිකමින් විනාශ වීමේ අවදානමක ඇතැයි එය නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයෝ පවසති.
කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරිමේ ලා පුරෝගාමී වු කැප්ටන් ඩෝසන් සිහිවීම පිණිස එවකට ආණ්ඩුකාර ව සිටි එඩ්වඩ් බාන්ස් මහතාගේ අනුමැතිය ඇතිව මෙම ඩෝසන් කුලුන ඉදි කර ඇත.
උසින් මිටර් 13.5 ක් වන මෙම ඩෝසන් කුළුණ ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. දැනට මෙම කුලුන පුරා විද්‍යා ස්මාරකයක් හැටියට නම් කර තිබුනද මේ වන විට කිසිදු නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් යන බව සංචාරකයෝ කියති.
කුලුන උඩ ගස් පැලවී ඇති බවත් පෙනෙන්නට ඇත. මෙම කුඵණ උඩට නැගීම සදහා ඇති පඩිපෙළ දිරා ගොස් ඇති අතර නරඹන්නට පැමිණෙන්නන් විසින් එහි බිත්ති සුරා නම් ගම් ගී පද ගියා ඇත. එහි ඇතුලතට විදුලියවත් නොමැති වීම නරඹන්නන්ට අනතුරුදායක තත්ත්වයක් උදාකරන බවද කියති.
කුළුණ මුදුනේ ඇති යකඩ වැටද දිරා යාමේ අවධානමකට පත් වි ඇති බවද දක්නට ලැබේ.
මේ ගැන පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට කිහිප වරක්ම දන්වා සිටියත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කඩුගන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති එස්. කේ. අබේසිරිවර්ධන මහතා පැවසිය.
මහනුවර පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ සම්බන්ධව විමසූ විට කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස එහි නිලධාරින් පවසා සිටියත් කොළඹ කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුර කතාව නම් සහතික ඇත්ත.සුද්දෝ ඕව හැදුවේ උන්ගේ ලොකු කම් අපිට පෙන්නන්න මිසක් අපිට ආදරේට නෙමෙයි (බ)
"යහපාලන ආණ්ඩුවේ බොරු සෝබන නෑ මල්ලි " පෞරාණික වෙන්නම ඉඩහරින්න ,එතකොටයි වටිනාකම වැඩිවෙන්නේ. එසේ නැතිනම් කොහොමද ඩෝසන් කුලුන කෞතුක වස්තුවක් වෙන්නේ? (බ)
මාර්ගයක් සෑදු ඉංජිනේරුවරයෙක් සිහිවීම පිණිස ඉදිකළ ලොව එකම ස්මාරකය. මෙය පිළිබඳව වාර්තාවක් පළකිරීම අගය කරමි. මෙවැනි ස්ථාන රැකගැනීම රජයේ වගකීමක්. (හේ)
මේ ගැන අවධානය යොමු කරන්න.(හේ)
මේකේ නිදන් වස්තු නෑනේ. එකයි අපේ අයට මේක ගැන කිසිම උනන්දුවක් නැත්තේ. නිදානයක් තියනවා කිවනම් ජාතික වැඩපිළිවෙලක් හදයි මේක සංරක්ෂණය කරන්න.(ම)
සුද්ද හදපු දේවල් ගැන හිතට අමාරු වාගේ.වීර පුරන් අප්පු සිහි වෙන්ට මාතලේ තිබුණ සිහිවටනය ගැන මොකද කියන්නේ ? (ම)
බලන්න රටක තිබෙන ඵෙතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයකට රටේ ඉන්න වගකිවයුතු ගිරිය කඩාගෙන අපි වෙනුවෙන් රට වෙනුවෙන් පන එපා කියල සයිරන්ස් නලා හඩ දීගෙන ඔය පාරේ ඉගිල්ලුන... මිනීමරාගෙන ඉස්ටෙජ් උඩ නැගල කෑගහන එක මිනිසේකුටවත් මේ ස්ථානේ අපේ ලංකා දීපය ගිහින් අඩ බෙර ගහල කියනකම්ම නොපෙනුන එක කොපමණ අතිශයෝක්තියක්ද...? මිනිසුනේ ලැජ්ජාවෙයල්ල හෙටම ගිහින් ඒ අඩු පාඩු හදල ඒක අපේ ඉදිරි පරම්පරාවට අපේ රටේ ඉතිහාසය දරුවෙකුට ඉතිරි කරපල්ලා ....!!!(බ)
මිට අවරුදු 35 විතර උඩදී මමී අපේ මැරුණු අක්ක එක්ක ඔය කුලුන උඩට නැග්ග. එයාගේ කොන්දේ කට්ට උඩ ඉදන් වැටිලා නැති වුනා.හරිම අපරාදයක් ඔයවගේ දේවල් විනාශ වීම (බ)
මගේ පළමු රැකියාවත් එක්ක කඩුගන්නාවට ගිය මම මේ කැප්ටන් කුලුනේ ඉහළට ගොඩක් වතාවක් ගිහින් තියෙනවා.අපේ නිවාඩු කාලේදී මගේ දුවලත් එක්ක මේක උඩට යන්න අවස්ථාව ලැබුනේ නැහැ.මේවා සංරක්ෂණය කරන්න ඕන දේවල්. (බ)
මේ සිංහල ජාතියට කිසිම දෙයක් ගැන අගයක් නැහැ (බ)
මේවා ආරක්ෂා කර ගත යුතු දේවල්. මෙම ලිපිය තුළින්වත් බලධාරීන්ගේ අවධානය යොමු වේවා (ම)
මෙවැනි පුරා වස්තුන් රැකගැනීම හා ආරක්ෂා කිරීම පුරා විද්‍යා දෙපාර්මේන්තුවේ වගකීමයි. (ම)
සුද්දෝ කඩුගන්නාවේ මේක හැදුව, මුල්ලේරියාවේ මානසික රෝහල හැදුව, බෝගම්බර හිරගේ හැදුව, මේවා හැදුවේ එයාලට ඉතිහාසේ වැරදුන තැන් අපට අමතක කරවන්න, මෙවටවඩා රැකගන්න ඕන දේවල් කොච්චරනම් තියනවද මේ ලංකාවේ, (අ)
මේ වගේ දේවල් රැක ගත යුතුයි. හැදුවේ සුද්දෝ කියල අතහැර දානවා නම් අපට බොහෝ දේවල් අතහැර දාන්න වෙයි. (අ)
ඉතින් මේකත් රැකගත්තොත් මොකද වෙන්නේ..තව දේවල් තියෙනවා කියලා රැකගන්න මේක කඩා වැටෙන්න හැරියාම හරිද? (ම)
කව්රු මොනවට හැදුවත් ඵෙතිහාසික ස්මාරක රැකගැනීම පුරාවිද්‍යා බලධාරින්ගේ වගකීමක්. සුද්ද හැදුවද කළුවා හැදුවද කියන එක නෙවයි වියයුතු (බ)
උස 13.5 මීටර් එසේනම් අඩි 44.28 (බ)