ඩොල්ෆින් මාළුවකු සහ පැටියකු අම්බලන්ගොඩ ධීවර වරායට දෙසට පැමිණ සිටිනු අද දක්නට ලැබිණි.
මේ ගැන ප්‍රදේශවාසීන් බලධාරීන්ට දැනුම් දුන්නද සවස් වනතුරුත් කිසිවකු නොපැමිණි බව ප්‍රදේශවාසීහු කියති.
ඩොල්ෆින් මාළුවකු සහ පැටියකු අම්බලන්ගොඩ ධීවර වරායට දෙසට පැමිණ සිටිනු අද දක්නට ලැබිණි.
මේ ගැන ප්‍රදේශවාසීන් බලධාරීන්ට දැනුම් දුන්නද සවස් වනතුරුත් කිසිවකු නොපැමිණි බව ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව මරාගෙන කන තරමට එහෙ අය කුහක නොවුණොත් හොඳයි. (නි)
අසනීපයක් විය හැකි.(ම)
කවුරුහරි පවුකාරයෙක් මේ සත්තු දෙන්නව මරලා මස්කරනකන් ඉන්නවා වෙන්න ඇති, පරීක්ෂණ කරලා තත්වය උසස් කරගන්න. (නි)
මිනිසුන්ගෙන් උදව් ඕනෑවුණාම සත්තු මෙහෙම කරනවා. කුමක් හෝ අසනීපයක් හෝ වෙනයම් කරදරයක් ඇති. විශ්වාස කරන්න අමාරු ජාතියකගෙන් උදව් ඉල්ලන්න අාවේ කියලා තේරෙන්න නැතුව ඇති. (නි)
ඔය දෙන්නා දැක්කද ලෝකෙම උතුම්, අවිහිංසාවාදී මිනිසුන් සිටින ශ්‍රී ලංකාව? දැක්කද ලෝකේ උසම කම්බි නත්තල් ගහ? එහෙනම් අනේ පණ බේරාගෙන, මේ විස්තර ඔයාලගේ යාළුවන්ට, පවුලේ අයට කියන්න, ඕගොල්ලන්ගේ පළාතට ඉක්මනටම යන්න. සුබ ගමන් !!!! (නි)
ඉතින් මහත්තයෝ මුහුදේ මාළු දෙන්නෙක් පීනුවට නිලධාරී මොනවා කරන්නද? මෙහෙ එන්න එපා යන්න කියන්නද එයාල ඇවිත්? (බ)
නිලධාරීන් මිට කලින් ඩොල්පින් මාළු දැකල තියෙනවලු. එ්කයි ඇවිත් නැත්තේ. (බ)
මේ දවස්වල ඔය පැත්තේ මුහුදේ මාලු මතුවීමේ විශේෂත්වයක් තියෙන පාටයි. මොකද නිල් තල්මස්සු මතුවුණා. ඒ වගේම අසාමාන්‍ය විදියට පරා මාළු වගයක් ගොඩ ආවා. මුහුද ඇතුළේ මොකක්හරි වෙනසක්ද දන්නේ නැහැ. 2011,12 දීත් ඔය පැත්තේ පොළොව හෙල්ලුණා. මොකද සතුන්ට මිනිසුන්ට වඩා හොඳට දැනෙනවා. කොයික වෙතත් අවධානයෙන් සිටින එක හොඳයි (නි)
අහිංසක, සුන්දර සත්තු වර්ගයක්. ඔවුන් එන්න ඇත්තේ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑදෑයනුත් බලාගෙන, රටතොටත්, ගෝල් ෆේස් එකේ ඉදිවෙන ලෝකේ උසම නත්තල් බලාගෙන යන්න වෙන්න ඇති. ඒගොල්ලන්ගේ රටවල ඔය වගේ දේවල් නැහැනේ. ගමේ මාළු ලෑලිවලට නොයවා, මේ දෙන්නට ආපහු යහතින් යන්න ඉඩ දෙන්න !!! (නි)