(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ.
ඩලස්අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව,පොදුජන පෙරමුණේ" හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව පැවසේ.
මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩලස් යනු යමක් නිවැරදිව තේරැම් ගත හැකි නිහතමානි පුද්ගලයෙකි.ඔබට ඉතා දිගු ගමණක් යා හැකිය. පොහොට්ටුව දැන් කුජීත වී හමාරය. සාමාන්‍ය ජනතාව තුල පොහොට්ටුව කිසිම කැමැත්තක් නැත. ගමින් ගමට සංවිධාන කටයුතු දැන්ම අරඹන්න.හොද අය පමනක් එකතු කර ගන්න.මම ඔබට සුභ පතමි.
ඒක හොඳයි. වැඩ බැරි පොතේ ගුරාලා සෙට් එක හඳුනා ගැනීමට ලේසි වෙයි
බොහොම හොද තීරණයක්.රටට සැබෑ හිතවතුන්ට හොද ආරංචියක්.ඩලස් මැතිතුමනි,මම ඔබට සුභ පතමි.ඔබ කෙදෙනක හෝ ජනාධිපති විය යුතුමය.මේ ජහජරා කමය වෙනස් කල යුතතුමය.ඒ සදහා ඔබට ලොකු දෙයක් කල හැකිය.
පරපෝෂිතයන් ජීවත් වෙන්නේ වෙනත් සතෙකුගේ ලේ උරා බීලයි. පරපෝෂිතයෝ කොච්චර ගොඩක් එකට එකතු උනත්, ලේ උරා බොන්න සතෙක් නැතිනම් ඔවුන්ට පැවැත්මක් නැහැ.
මහින්ත්ද ඩලස්ට චන්දෙ දුන්නලු නේද? එහෙනම් එයත් වෙයි
මද්දුම අයියා කිව්වා දැන් ඔවුන්ට අනූවක් ඉන්නවා කියලා ඒ අනූව විපක්ෂයට යන්න අනෙක් කට්ටිය ආණ්ඩුව කරන්න ඒක පරන ක්‍රමය එය කරන්න එපා ඒ නිසා සජබ ඉන්න හර්ෂ ෆොන්සේකා ඉරාන් පාලිත ,පාඨලී වගේ අය මේ වෙලාවෙ ඉදිරිපත් වෙලා රට ගොඩගන්න ආණ්ඩුව සමග එකතුවෙන්න. ඇමති මණ්ඩලය ජනාධිපති තේරුවා වගේම කරන්න අනුරත් ඇමති තනතුරට බයක් නැත්නම් ඉදිරිපත් වේවි.
ඉතාමත් හොඳ අවශ්‍යතාවයක්...
මහින්ද රාජපක්ෂ මහතා ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීපු ප්‍රකාශයක් කළා. ඩලස් අලහප්පෙරුම මහතා රාජපක්ෂ දිගුවක්ද නැතිනම් රාජපක්ෂ විරෝධී කණ්ඩායමක්ද යන්න ජනතාව දැනුවත් විය යුතුයි. දූෂිතයින් සමඟ යන ගමනක් ජනතාව අපේක්ෂා නොකරනු ඇත. දූෂිතයින් අතර සිටියත් ඩලස් අලහප්පෙරුම මහතා දූෂිතයෙක් නොවන බවට ජනතා විශ්වාසයක් පවතියි...
බලාගෙන හෙට අනිද්දාට ඇමැතිකම් බෙදනවාලු...!
තමුන් විනාශ වුනේ සජිත් නිසා කියලා හිතට ගත්තොත් හොඳයි...
මේ ගොල්ලෝ මාර බඩුනේ... එතකොට ඩලස්කාරයත් වෙන් වෙනවද? මිනිස්සු ඩලස්ට අකමැති වුනේ සජිත් එක්ක ගියපු නිසා... අපිත් විරුද්ධ වුනේ ඒකයි. නැතුව රනිල්ට තිබුණු කැමැත්ත නිසා නොවෙයි...
අර සීතා අරඹෙපොල කියන උත්තමාවියත් ඕකට ඉන්නවද?
උසස් පෙළවත් නැති පොහොට්ටුවන්ගෙන් ඈත්වීමේ මුළු රටටම ලැබුණු සුබ ආරංචියක්... ඔබ සියලු දෙනාටම ඉදිරි ගමන සාර්ථක වේවා..!
ඒක නම් අහන්නත් සතුටුයි. අළුත් පක්ෂයක් ආරම්භ කරන්න. හැබැයි එක ජරා පප්පෙක් ලංකර ගන්න එපා. ජය නියතයි. අපි ඔබ සමගයි.
මෙයාලා කවුරුවත් තාම විශ්වාස කරන්න බැහැ. හොඳම දේ පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා මෙයාලා මොකද කරන්නේ කියලා බලලා තීන්දුවකට එන එකයි. නැත්නම් පරණ සෙට් එකම ආයිමත් එයි...
පොහොට්ටුවේ දූෂිතයින්ට රනිල්ගේ කරපිටින් ගිහින් ජාමේ බේරගන්නයි ඕනෑ වුණේ. පුළුවන් තරම් බැනපු අයටත්, දේසපාලුවන්ටත් කිසිම ලැජ්ජාවක් නැහැ...
දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා. නමුත් සියලු දේවල් දේශපාලනීකරණය වෙලා...
දේවවාදී, ධම්මික පැණි මහාචාර්ය චන්න ජයසුමනත් ඉන්නවලු.. අනේ හපොයි...!
හරියට හරි... වෙන්වෙලා ඡන්දෙ ඉල්ලලා, එකතුවෙලා ආණ්ඩු හදමු..
සිංහලයෝ කැකුණ තලනකොට හම්බයින්ට රජ මගුල්...
ඩලස් මැතිතුමණි, හොඳ මිනිසකු ලෙස ඉතිහාස ගත වන්න. අදට වැඩේට බහින්න. මම ඔබ හොඳින් තේරුම් ගත් දේශපාලකයෙක්. ඔබට පුළුවනි, මේ රටේ දහජරා දේශපාලනය වෙනස් කරන්න පෙරමුණ ගන්න. එය හෙටට කල් නොදමන්න. ඔබට කිසිවෙකුවත් විරුද්ධ වෙන එකක් නැහැ. හැබැයි පොරොට්ටු මජරයින් ටික ඔබට විරුද්ධව කටයුතු කරාවි. මජරයින් කිව්වේ ඔය අරක්කු, කැසිනෝ, එතනෝල්, කොමිස් මුදලාලිලා. උගත්, බුද්ධිමත් මෙන්ම හෙට දවස ගැන හොඳ අවබෝධයක් තිබෙන හොඳ පිරිසක් පමණක් එකතු කරගන්න. එහෙම අය ඕනෑතරම් මේ රටේ ඉන්නවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ ඔබට සිදුවෙනවා එවැනි අය ඔබගේ කණ්ඩායමට එකතු කරගන්න. ජනතා අපේක්ෂාවන් දැන් අපිට හොඳට තේරෙනවා. 1977 න් පසු දේශපාලනයට පිවිසි බොහෝ් අය කුණු බක්කියට වැටී හමාරයි. ඒ වගේම මර්වින් සිල්වාලා වැනි අයත් ඔබේ කණ්ඩායමට එකතුකර ගන්න එපා. අපි මූලික වටයේ සාකච්ඡාවක් අරඹමු. ඔබේ ඉදිරිපත් වීම ගැන මට නම් හරිම සතුටුයි. ඔබටත්, රටටත් අහිංසක පොඩි අයගේ අරගලයටත් ජයම වේවා...!
මෙම කණ්ඩායම චොර වෙන්නේ ඩිලාන් පෙරේරා නිසයි...