
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං",යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජනපතිවරණ ඡන්දයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
ජනපතිවරයා තෝරන පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමෙන් පසු සභා ගැබෙන් පිටතට එන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
ප්‍රශ්නය :-රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:-ඡන්ද වැඩියෙන් හම්බවුණා. එයා දින්නා.ඒකනේ වුනේ.
ප්‍රශ්නය:ඔබතුමාගේ සදාකාලික ප්‍රතිවාදියා වුණේ එතුමා.අවසානයේ ඔබතුමාත් ඡන්දය ප්‍රකාශ කරන්නට ඇත්තේ එතුමාට.
පිළිතුර:-නෑ.එහෙමත් නෑ.
ප්‍රශ්නය:ඉදිරියේ ආණ්ඩුව පිහිටුවීම මොන වගේ වේවිද?
පිළිතුර:-කොහොමද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවොත් හොඳයි .අපි බලාගෙන ඉන්නවා.
ප්‍රශ්නය :ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඔබතුමාලා ගේ මැදිහත් වීමක් වෙනවද?
පිළිතුර:-තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ. පක්ෂෙ ගන්න තීන්දුවලට මම එකඟයි.
ප්‍රශ්නය :-ඔබේ පක්ෂයේ සභාපතිවරයා වෙනත් තීන්දුවක් ගෙන ඔබෙි පක්ෂයෙන්ම ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට ඔහු සහාය දුන්නා.
පිළිතුර :-අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං .කවුරු හරි දිනන්න එපැයි .දිනන අය දින්නා.පැරදුන අය පැරදුනා.
ප්‍රශ්නය:රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා. මේ නිවැරදි ජනමතය නොවන බව කියනවා.
පිළිතුර:එක එක මත තියනවනේ.ඒක ජනමතය බව එයාලා කියනවා.අපි ඒක නෙමෙයි කියනවා.ඒ මත දෙකම තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවෙහි අස්ථි නැත. ඕනෑම අතකට නැවිය හැක...
ඔය මොන මුට්ටිය දැම්මත් ඵලක් නැහැ. මල්ලිට දුවන්න වැදුණේ... ඒ එක්කම කොහෙවත් හිටපු පිංගුත්තරයෙකුට පරණ පිනක් පහළවුණා. පොහොට්ටුවෝ කියන්නේ කාලකණ්ණි ජාතියක්.. ගිය ගිය තැන අහස ඔලුවට කඩා වැටුණා කිව්වොත් වැරැදි නැහැ නේද? ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු කෙටිකාලීනම අගමැතිගේ නම මහින්ද රාජපක්ෂ...!
රනිල් ඉදිරිපත් කළේ අපි… අපි ඡන්දෙ දුන්නා. දැන් අපි දිනුම්...!
මේ මයිනා තාමත් හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු බත් කන හරක් කියලා. අපි දන්නවා හැමදෙනාම ඡන්දෙ දුන්නේ රනිල්ට... නිකං ගොන් පාට්දාලා මිනිස්සුන්ව අන්දන්න ලෑස්ති වෙන්න එපා...!
Dementia රෝගයෙන් පෙළෙනවා යැයි කියන එතුමාට අපි අනුකම්පා කරමු...!
මෙයා කියනවා එයා ඩලස්ව ඉදිරිපත් කළා සහ ඩලස්ට ඡන්දයත් දුන්නා කියලා. පක්ෂයේ මහ ලේකම් කියනවා පක්ෂය තීන්දු කළාලු රනිල්ව දිනවන්න. එදා ජනාධිපතිවරණයේදී රනිල් සජිත්ට ද්‍රෝහීකම් කළා වගේ අද මෙයා ඩලස්ට ද්‍රෝහීකම් කළා. එකක් පැහිදිලි ඔවුන් යාලුවෝ. එළියේ පාක්ෂිකයෝ ගහගන්නවා. ඒ වගේම හොරුන්ට ඉන්න හොඳම ආරක්ෂකයා රනිල් බව දැන් ඔප්පු වෙලා. ඒ බව ඔවුන් සේරම දන්නවා. ඩලස්ට පරක්කු වෙලා හරි දැන් තේරිලා ඇති.
එතකොට රනිල්ව ඉදිරිපත් කළේ කවුද?
හැංගිලා ඉන්න තැනින් ඇවිල්ලා දුන්නේ කාටද කියලා රටම දන්නවා. ඒ නිසා රට්ටු හිනස්සන කතා නොකියා ඉන්න. ඊළඟ අවුරුදු 2 ඉහෙන් බහින ලෙඩක් නැත්නම් ඔයාලගේ පරම්පරාවට ප්‍රශ්නයක් නම් නොවෙන බව නම් විශ්වාසයි...
ඒ කියන්නේ සජිත් ඩලස්ට ඇන්දුනා... ආපෝ..!
මෙහෙමත් කපටි නරියෙක් !