ශ්රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් නුගේගොඩ දෙල්කඳ රැස්වීමක් සංවිධානය කරමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිට සහයෝගය දෙන බව ප්‍රකාශ කළේය.
ශක්තිමත් රටක් ගොඩනැගීමට ජනපති ගත් ක්‍රියාමාර්ගය ඔහු ප්‍රශංසා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ජනපතිවරයාගේ ප්‍රචාරක දැන්වීම්වලට පෙනී සිටීමට ආරාධනා ලැබුණද ඒවා ප්‍රතික්ෂේප කර ඇතැයි ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරයි.
එහෙත් කුමාර් සංගක්කාර තම ෆේස් බුක් පිටුවේ සඳහන් කරන්නේ ජනපතිගේ දේශපාලන ව්‍යාපාරයට හවුල්වන ලෙස තමාට මුදල් දීමට ඉදිරිපත්වී යැයි සමාජ මාධ්‍යවල පළවන කථා මුළුමනින්ම අසත්‍ය බවයි. බොරු කථා ගොතා ඇත්තේ දුෂ්ට චේතනාවෙන් බවත් තම නමට අපහාසවන එවැනි කථා සියල්ල ගණන් නොගන්නා ලෙසත් සංගක්කාර කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල හා සංගක්කාර අපේ රටේ වීරයෝ දෙන්නෙක් . අපිට ඕනිත් කඩේ යන්නෙ නැති මේ වගේ අය. (ර)
ලෝකේ කොහෙවත් ජාතික කණ්ඩායමක් නියෝජනය කරන ගමන් දේශපාලනය කරපු ක්‍රීඩකයෝ නැහැ. (ර)
ඇයි මේ කවුරු කවුරුත් මොරදෙන්නේ.කිසිම ක්‍රීඩකයෙකුට පක්ෂ හෝ විපක්ෂ හෝ අපේක්ෂකයෙක් ආරාධනා කළ බව ඔවුන් විසින් හෙළිකර නැහැ. (නි)
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණයකට මුලපුරන්නක් විය හැක. එසේ වුවහොත් ඩිල්ශාන් එයට වගකිවයුතු වනවා. අන් අයට ආදර්ශයක් වීමයි පරිනත ක්‍රීඩකයකුගෙන් බලාපොරොත්තුවන්නේ (නි)
නරක ආදර්ශයක් රටට (නි)
සදුනි, එතකොට විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ පිරිසිදු නිර්මල හදවත්ද? (නි)
සංගා හොඳ උත්තරයක් දීලා තියෙනවා මුහුණු පොතේ. ස්තුතියි සංගා (නි)
ඩිල්ෂාන්ට ජයවේවා! (නි)
ඕෂදී, ඒ ටෙලිය අපි 9 ඉන් පස්සේ ඒ නාලිකාවේම බලනවා. (නදී)
රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති නායකයෙක් වෙනුවෙන් පෙනී සිටීමේ කිසිම වරදක් නැහැ. ඒක තමන්ගේ අයිතියක්. රටේ තීරණාත්මක අවස්තාවක මෙවැනි තීරණයක් දිල්ශාන් ගත්තට අපේ සුබ පැතුම්. අපේ අනිත් ක්‍රිකෙට් තරු වලටත් සුබ පැතුම්. (නදී)
ගිලෙන නැවට පැන්නද ? අපරාදේ විකිනුනා. සංඟට මහේලට අපේ ආචාරය (නදී)
කලාකරුවන් ප්‍රසිද්දියේ දේශපාලනය කරනවිට ඔවුන් සහභාගිවන නිර්මාණ ප්‍රතික්ෂේප කිරීමට පවා ඊට විපක්ෂ මත දරන්නන් හට සිතෙන්නත්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ ආකාරයෙන් ප්‍රසිද්දියේ හැසිරෙන විට ඔවුන් සහභාගිවන ක්‍රිකට් තරග නොබලා සිටීමට නොහැකි වීමටත් හේතුව කුමක්ද? (නදී)
අපිත් ඔබ සමඟයි (නි)
ඒක ඒ මනුස්සයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම (නි)
ජයවේවා! (නි)
මහේල ගැන නම් මන් දන්නේ නැහැ නමුත් සංගා නම් කියන්න ඕන දේවල් ලෝකෙටම් කිව්වා. තැන් දෙකකදී " අපි අවුරුදු 30 ක් කුරිරු යුද්දෙන් බැට කෑ ජාතියක්. දැන් තමා අප නිදහසේ හුස්ම ගන්නේ. හිමින් හිමින් සංවර්දනය කරා යන ගමනක දැන් ඉන්නේ කියලා. එතකොට මොලේ තියන අයටනම් හිතා ගන්න පුළුවන් අවුරුදු 30 යුද්දෙ තිබ්බේ අදක්ෂ නායක / නායිකාවෝ රට පාලනය කරපු නිසා කියලා. ඒ කතාවෙන් සංගා ඔප්පු කරා අපි දැන් නිදහස් ජාතියක් වශයෙන් ඉන්නේ මහින්ද මහත්තයට පින්සිද්ද වෙන්න කියලා. ඒ ටිකම ඇති තේරුම් ගන්න (නදී)
සංගා සහ මහේලට අපේ ආචාරය.! (ර)
සංගක්කාර, මහේල ඔබලා වීරයෝ. ඔබලාට සාදා ජය. (ර)
ජයවේවා ! (ර)
ඔබගේ කීර්තියට හානියක් මිස හොඳක් වෙන්නේ නැහැ මේ ගත්ත තීරණයට (නදී)
දිල්ශාන් ගත්ත තීරණය ගැනයි මම කිව්වේ (නදී)
රටේ සියලුම දේශපාලුවන් විනාශ කරන යුගයක 10/11 රටේ ජනමතය පෙන්වපු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අපගේ සුභ පැතුම් (නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
ඔච්චර කේන්ති ගන්න එපා ඩිල්ෂාන්ට ඡන්දෙ නොදා ඉන්න (අ)
සන්ගා, මහේල ඔබලා දෙපලට කොන්දක් තිබීම ගෑන ආඩම්බරයි, සතුටුයි. ඔය වගේ අය තමයි රටේ මහජනතාව ප්‍රාර්ථනා කරන්නේ. ජයවේවා. ඔබ දෙපලට අපෙන් මල් මිටක්. (නදී)
මානුෂිය මෙහෙයුමක් පාවල දෙනවා කියන්නේ සහ ගහන අපරාදයක්.කවද හෝ දවසක තමන්ගේ දරුවන්ට පවා විදවන්න සිද්ද වෙනවා. (අ)
අපේ "පට්ට ගැහුණු සමාජ වාදියෝ" කියල කියා ගන්න අයට වත් පිට කොන්දක් නැති කොට ක්‍රිකට් ගහල ප්‍රසිද්ද වුන තරුණයෙකුට පිට කොන්දක් තියේවිද? (අ)
අපේ වීරයෝ, වීරයෝ වගේම හිටියානම් මම ගොඩක් කැමතියි. සංගාටත්, මහේලටත් සුභ පුතුම් (නදී)
මේක ගැන ඔය තරන් හෑල්ලුවට හිතන්න ඕන නැහැ. දිල්ශාන් දැන් ක්‍රීඩාවන් සමුගන්න්න කාලය ඇවිත්. (නදී)
ඕක තමයි කියන්නේ නැති කෙනාට දෙයක් ලැබුනම ඔලුව ඉදිමිලා , අනවශ්‍ය දේට සම්බන්ද වෙලා උගුල් වල අහුවෙලා පචවෙන වැඩ කරනවා කියල ,සනත්ට උනෙත් මේ දේ මයි , සංගා ,මහේල ,හොඳ පවුල් වල අයනේ. (ස)
ක්‍රිකට් සංචාරයකට හෝ ක්‍රීඩා උත්සවයකට අන් කිසිදු රටක් ශ්‍රී ලංකාවට නොපැමිණි යුගය හමාර කරමින් ජාතික ආරක්ෂාව තහවුරු වූ ස්ථාවර රටක් ගොඩ නගා යටිතල පහසුකම් වැඩි දියුණු කොට ක්‍රීඩකයන්ගේ කලාකරුවන්ගේ පමණක් නොව රටවැසියන්ගේ ජනජීවිතය යහපත් කළ නායකයා සමග එක්වීමට ඔබ ගත් තීරණයට අපි සුබ පතමු .දිල්ශාන් අපි ඔබ සමගයි (දිල්)
ඩිල්ෂාන් ආවයි කියලා පුලුවන්ද ඡන්ද හරවන්න.පිස්සු නැත්නම් හොදයි. (ස)
සංගා, මහේල ඔබට අපේ උපහාරය (ස)
මහේලට සංගාට අපි කියන්නේ දේශපාලනය ගාව ගන්න එපා කියලා. ඔබ දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්වූ දෙදෙනෙක්. එක පක්ෂයකට ගියොත් තත්ත්වය නැතිවෙයි. කොහොමත් කියන්නට තියෙන්නේ ඔබ දෙදෙනාම බුද්ධිමත් බවයි.(ස)
මයියා හරි සංගා හරි වැඩේට බැස්සනම් ලක්ෂ දෙක තුනකවත් ක්‍රිකට් ලෝලියන්ගේ ඡන්ද කඩා ගන්න තිබුනා.මෙයාට පුලුවන්ද විපක්ෂයේ ඡන්ද සීයක්වත් හරවා ගන්න.මෙයා ඇවිල්ලා මිනිස්සුන්ගේ ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. (ස)
ක්‍රීඩාවට කරන ලද ලොකුම අපහාසය දිල්ශාන් කළා. තමාගේ තැන තමාට මේ නිසා නැතිවන බව ඔහු දන්නේ නැහැ. මොහු කළ ලොකුම මෝඩකම කළා වගෙයි. (ස)
සංගා, මහේල, ඔබ දේපල සැමදා ගෞරවනීයයි. (ර)
සෑම මිනිසෙකුටම දේශපාලනය කිරීමට සහ නොකිරීමට අයිතිය ඇත. ක්‍රීඩකයෙකුව සිට දේශපාලනය කිරීමේදී සදාචාරාත්මකව ගැටළුවක් මතු වේ. මන්ද හැමෝම ආශාව වන්නේ දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක්. (ර)
අසිරිමත් දිල්ෂාන් නමැති ක්‍රීඩකයා අවසානයේ මඩ නාගත්තේය. (අ)
සංගක්කාර, මහේල රටට මිස පක්ෂවලට නොවෙයි. (ර)
මහේල සහ සංගක්කාරට හදවතින්ම ගරු කරනවා. (ර)
ඩුප්ලිකේට් එකට මල පැනල..මොනවා කරන්නද..ඒක ඒ මනුස්සයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම..එකට බාධ කරන්න මේ සිරිසේනට කඩේ යන අයට බැහැ. කොහොම වුණත් ක්‍රීඩකයන් කලාකරුවන් වගේ ජාතික වස්තුන් තම දේශපාලන මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුයි කියල මම පුද්ගලිකව හිතනවා. මොකද දැන් මේ කට්ටිය දිල්ශාන් බැට් කරන්න යන කොට පතන්නේ අනේ පලවෙනි බෝලෙන්ම ඕකගේ පොලු ගැලවියන් කියල තමයි. (අ)
සාලිය ජිවත් වී සිටින මිනිසුන් මිය ගිය බවට සිතන්න තරම් ඔබ මන්ද බුද්ධිකද ? ඩිල්ෂාන් මොන පැත්තට ගියත් ඔහු අපට විරයක් . එය ඔහුගේ නිදහස. (අ)
ඩිල්ශාන් ඔබටත් මහේල සංගා වැනි අති විශිෂ්ට ක්‍රීඩකයන් ගොන්නට එකතුවීමේ විරල අවස්ථාව ඔබ විසින්ම අහිමි කරගත්තා (බ)
ඕනෙම කෙනෙකුට ප්‍රසිද්ධ දේශපාලයේ යෙදෙන්න හෝ නොදෙන්න ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් තියනවා. විශේෂයෙන්ම කලාකරුවන්, ක්‍රීඩකයන් ඔහුන්ගේ දක්ෂතාව, කැපකිරීම අනුව ජනප්‍රිය වෙලා ඉන්න නිසා ජනතා අවධානය ඒ කෙරේ යොමු වෙනවා. එසේ වූ පලියට ඔවුන්ට තහංචි දැමීමට අප උත්සහ නොකළ යුතුය එසේම බලපෑම් ද නොකළ යුතුය. (බ)
හරිම කණගාටුදායක තත්වයක්.ක්‍රීඩකයන් මෙහෙම කඩේ යන්න පටන් ගැනීම. (බ)
ක්‍රීඩකයන් කලාකරුවන් ජාතික සම්පත් , ජරා දේශපාලනයට වේදිකාවලට නගින්න හොඳ නෑ (බ)
ඔබ ක්‍රීඩා ලෝලීන් අතර වීරයෙක් උනා.එත් අද ඔබ කඩේ යාමට පටන් ගැනීමත් සමග ඔබට ආදරේ කරපු බොහෝ මිනිසුන් එකින් එක ඔබ විසින්ම අහිමි කරගනු ඇත. (බ)
අදහස් පලකල හුඟක් අය දිල්ෂාන්ගේ වැඩේට එකඟ වෙලා නැහැ. (අ)
ඩිල්ශාන් මහත්තයෝ ගාන කීයද (බ)
දිල්ෂාන් හැම දෙයම කරන්නේ සල්ලි වලට. රටට ආදරයක්වත් රට ගැන කැක්කුමක්වත් තියෙන මිනිහෙක් නෙමෙයි (බ)
අයියෝ මෙහෙමත් ක්‍රීඩකයන එන්නේ ක්‍රීඩාවක් කරන්න අන්තිමට ප්‍රසිද්ද වුණාම ආපු තැනත් හිටපු තැනත් මතක නෑ.මේ වගේ අයටත් මිනිස්සු ඡන්දෙ දෙනවා නම් ඒ අයත් මෝඩයි, මොකද දේශපාලනයට ආවම එය වෙන පුද්ගලයෙක්. එයාගෙන් බලා පොරොත්තු විය යුත්තේ ක්‍රිකට් මිස දේශපාලනය නොවෙයි. ඇයි ජනතාව මෙතරම් මෝඩ. ඔහොම ගියොත් රටේ දේශපාලනය විහිළුවක් වෙයි වගේ.අනික හැම ප්‍රසිද්ද චරිත (ක්‍රීඩකයෝ,නළු නිලියෝ,ගායකයෝ) වැනි අය මේවට සම්බන්ද වෙනවා කියන්නේ එක්කෝ මුදල් හම්බ කර ගැනීමට නැත්නම් මිල මුදල් ලැබිල තැනකට ආවිට රටේ ප්‍රසිද්ද වීමට. මහේල ,සංගා ඇතුළු වැඩි හරියක් අය හරි ක්‍රීඩකයෝ.ඒ අය සෙල්ලම් කිරීමෙන් ඒ අයටත් රටටත් යමක් කරගෙන අයින් වෙලා යම් දෙයක් කරගෙන ඉන්නවා. දැන් පෙනේනේ නැද්ද සනත්,හෂාන් වැනි අය කොහොමද කියල,නමුත් අර්ජුන ගැන කිවයුතුයි ඔහු ක්‍රීඩා කරන කල කැප්ටන් කූල් මෙන් මහත්ම දේශපාලනයක් කරනවා, එය අගය කල යුතුයි.(අ)
සල්ලිවලට ඕනෑම දෙයක් (බ)
හොටෙල් එකක් දුන්නම ඕන එකක් (බ)
බුද්ධිමත් ජනතාව ඔබගේ තීරණය හෙලා දකිනු ඇත. ඔබ ඔබගේ රාජකාරිය ක්‍රීඩකයෙක් ලෙස ඉටු කරන්න. අපි තීරණය කරන්නම් කාටද ඡන්දෙ දෙන්න ඕන කියල. ලෝකයට ඔබ මෝඩයෙක් යැයි පෙන්වන්න එපා (බ)
සංගා, මහේල අපේ සදාතනික වීරයන් වන්නේ ක්‍රීඩාවෙන් විතරක් නොව සැබැ ජීවිතයේත් ඔවුන් අපේ වීරයන් නිසයි. (බ)
යලිත් නායකකම ගන්න හිතිලා වගේ ඔහොම යන්කෝ මොකද වෙන්නේ බලන්න (බ)
ඕකට කියන්නේ ඩිල්ෂාන්ගේ කොන්දක් තියනවා කියල.අපිට හැම වෙලේම කියන්න පුළුවන් වෙන්න ඕන අපි කාටද ඡන්දය දෙන්නේ කියල..එක කියන්නේ නැතුව හංගගන ඉන්න .දෙකට නැති වීරයෝ ඉතින් මේවට බැනල දානවා..රටේ ඉන්න…ප්‍රසිද්ද අයගෙන් කීදෙනාද හරියට කිව්වේ තමන් සහය දක්වන්නේ කාටද කියල..ඒ කියපු අය තම හරි කොන්දක් තියන මිනිස්සු..හංගන් ඉන්නවට වැඩ ඕව කියල දැම්මනම්..ඔය කාටවත් මදි පාඩුවක් වෙය කියල බයට තම ඕව කියන්නේ නැත්තේ…මෙතන ඉන්න අයත් එහෙමම තමා කියල කියන එවලින්ම පේනවා..(අ)
දිල්ෂාන් අපි දන්නා තරමින් මිනිස් ගුණ හදුනන කෘතගුණ දන්නා කෙනෙක්. ඔබේ කලගුණ දත් බව මම අගය කරමි. (ර)
මහේෂ්, ඔබ හරියට හරි. (ර)
කමෝන් ඩිල්ශාන්, ඩිල්ශාන් දන්නවා අද අප නිදහසේ හුස්ම ටික ගන්නේ මහින්ද මහත්තයාගේ එඩිතර කම හින්දා කියලා. ක්‍රිකට් ගහන්නත් නිදහස් රටක් තියෙන්න එපැයි. මේක තමයි කල ගුණ සැලකීම කියන්නේ. රටට ආදරේ කොල්ලෙක්. ජය වේවා (නදී)
ශේෂ්ඨ තීරණයක් සංගා සහ මහේල. (නදී)
ඩුබායි තිලක් මමනම් 9න් පස්සේ එසැන පුවත් වල නැහැ මහින්ද මහත්තය 56% ක් නොගත්තොත්..ඔයත් දෙන්නකෝ ඒ වගේ පොරොන්දුවක් පුලුවන්නම්..එත් එපා..ඔයා නැති උනොත් එසැන පුවත් පාලුවට යාවි.. (නදී)
සංගා මහේල නුබලාට රට වෙනුවෙන් හරි තීරණයක් ගැනීමට කොන්දක් තිබුනා. අපිට ඇත්තටම ආඩම්බරයි නුඹලා දෙදෙනා ගැන. තමන්ගේ හුදු වාසි ප්‍රයෝජන ගැන නොසිතා රට වෙනුවෙන් එඩිතර තීරණයක් ගැනීම ගැන අපගේ උත්මචාරය. (නදී)
ඔහු තමන්ගේ ක්‍රීඩා අනාගතය ගැන කල්පනා කළා විය යුතුයි. ටීම් එකේ තව කාලයක් ඉන්න පුළුවන් වෙයි. එ්ත් යන්න වෙන්නේ ජයසුරිය ගියා වගේ තමයි (නදී)
මෝඩ වැඩක් (නදී)
ඩිල්ෂාන් එයාගෙ තීරණය ගත්තා. මහේල, සංගා එයාලගෙ තීරණය ගන්න ඇති. ඔවුන් ඒ තීරණ ගන්න ඇත්තෙ හොදට හිතල බලල, කොන්ද කෙලින් තියාගෙන. ඒක නිසා අපේ වීරයෝ තුන්දෙනාට මඩ ගහල පුළුවන් නම් මේ පාර අපේ ටීම් එකේ සමගිය නැති කරල, ලෝක කුසලාන සිහිනය බොද කරන්න. (ර)
අපි ටී වී එකේ දැක්කා දිල්ෂාන්ගේ තරුණ පදනමේ රැස්වීමකටයි ජනාධිපතිතුමා ආවේ. ඩිල්ෂාන්ගේ හෝටලේ විවෘත කරන්නත් ජනාධිපති තුමා ආවා. මහේල, සංගා යූ එන් පී කාරයන් නම් දිල්ෂාන් කැමති මහින්දට නම් එ්ක අපහාස කරන්න කාරණයක් නෙමෙයි. (නදී)
දිල්ෂාන්, සංගා සහ මහේල තරම් සුපිරි නොවන නිසා ක්‍රීඩාවෙන් සමුගත් පසු ලොව පිලිගැනීමන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති. ඒ නිසා මෙයට මුකුත් කියන්න බැහැ. දෙපැත්තෙන් කාටවත් උදව් නොකර ඉන්න එක තමයි නියම ක්‍රීඩකයෙකුගේ ගතිය. සංගා/ මහේල, උතුම් ක්‍රීඩකයෝ (නදී)
සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුලුවන් (නදී)
සංගා මහේල නුඹලාට රට වෙනුවෙන් හරි තීරණයක් ගැනීමට කොන්දක් තිබුනා. අපිට ඇත්තටම ආඩම්බරයි නුඹල දෙදෙනා ගැන. තමන්ගේ හුදු වාසි ප්‍රජෝජන ගැන නොසිතා රට වෙනුවෙන් එඩිතර තීරණයක් ගැනීම ගැන අපගේ උත්මචාරය. ඩිල්ශාන් අපට ඔබ ගැන දැන් ඉතුරුව ඇත්තේ පිළිකුලක් පමණි. (නදී)
ඔන්න පැන්නා බළලා එලියට. මෙයත් කවද හරි ඉවර වෙන්නේ ජයසුරිය වගෙයි. කීයක් සෙට් උනාද දන්නේ නැහැ නේ? සංගා මහේල නියම මහත්වරු. කොහොම කව්රු කිව්වත් ජන්මේ කියන දේ මිනිස්සුන් කව්ද කියල පෙන්නලා දෙනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාව කලත් ජන්මේ උඩට එන එක වලක්වන්න බැහැ. (බ)
දිල්ෂාන්ට තව කඩයක් අරින්ඩ සල්ලි ඕනෑ වෙලා වගේ. (බ)
සංග, මයිය රජයට කඩේ නොයයි. කුට්ටිය අරගෙන දිල්ෂාන් මහින්දට කඩේ යාම සදහා බුලත් දී පොරොන්දු වේ. ඩිල්ෂාන්ගේ ක්‍ර්කට් දිවියට තිත තබන දිනය ජනවාරි 9 (බ)
සනත් ජයසුරිය කියල ක්‍රිකට් වීරයෙක් හිටියා. දේශපාලනයට ආවට පස්සේ ඒ වීරයා මැරුණා. දිල්ෂාන් ඔබටත් ඒ දේම වන බව නොඅනුමානයි. ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කර ගන්න එපා (නදී)
සංගා ඔබට අපි ගරු කරනවා. සනත් වගේ වෙන්න එපා. සල්ලි වලට ඔබලාගේ ත්ත්වය මනින්න බැහැ. ලක් මව ඔබලාට සලකාවි. (නදී)
ඇත්තටම සංඟා හරි මහේල හරි ඉල්ලුවා නම් අනිවාර්යෙන්ම ඡන්ද කඩාගන්න තිබුනා. අපි සැමදා ඒ දෙන්නට අාදරෙයි. මෙයාට අනිවාර්යෙන්ම ගෙදර ඡන්ද ටික විතරයි (නදී)
ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔබ දුන්නේ ඉතාම නරක ආදර්ශයක්. මොකද මෙතෙක් මා දැක නැහැ ජාතික කණ්ඩායම නියෝජනය කරන ගමන් දේශපාලන වේදිකාවට නැග්ග කෙනෙක්. ඔබට සාදාරන අයිතියක් තිබෙනවා ක්‍රීඩාවෙන් සමුගෙන ඔය දේ කරන්න. ඔබ එසේ නොකිරීම අනාගතයේදී ඔබට වගේම ලංකාවේ ක්‍රිකට් වලටත් නරක විදියට බලපාවි. ඔබ හොද ක්‍රීඩකයෙක්. එ්කේ කිසි තර්කයක් නැහැ. නමුත් මේ ගත්ත තීරණයට කවදා හරි දවසක් ඔබට දුක්වෙන්න වෙනවා. මම ලංකාවේ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙකු ලෙස එක ඉල්ලීමක් කරනවා සියලු ක්‍රීඩකයන්ගෙන්! දේශපාලනයට අඩිය තියනවානම් ක්‍රීඩාවෙන් සමුගෙන එ්ක කරන්න කියලා. අර්ජුන රණතුංග හෂාන්,සුසන්තිකා ජයසිංහ , සනත් ජයසුරියවගේ. (නදී)
තව මාස හයකින් සමුගන්නවනේ. එතකොට මොනවද කරන්නේ කියල දැම්මම අඩිතාලම දාල තියා ගන්න එක හොඳයි කියලා හිතෙන්නෙ ඇති එ්කයි. (නදී)
ජයග්‍රහණයක පෙරනිමිති !(දිල්)
හොද තීරණයක් මහේල /සංගා (නදී)
මේ අය අපේ විරයෝ (දිල්)
සමහරු කොච්චර හම්බ කළත් වැඩක් නැහැ (නි)
ඔහු රැකියාවෙන් ක්‍රීඩකයකු උවද ඔහුද රටේ පුරවැසියෙකි. එය ඔහුගේ පෞද්ගලික තීරණයයි. එයින් කාහටවත් බලපෑමක් නොවේ. ඔබලා එය බලපෑමක් කොට සිතන්නේ ඔබලාගේ ස්වාධීන තීරණයට ජනප්‍රිය නාමයෙන් බලපෑමක් වන බව ඉදුරාම පිළිගන්නා නිසායි. ඔබලා ඔවුන්ට ඇති කැමැත්ත මත ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන බව පිළිගන්නා නිසයි. එනිසා රටේ පාලනය බාර දෙන විට ජනප්‍රිය යන නාමයට එය බාර නොදී බුද්ධිමත් යන නාමයට ඡන්දය දීමට වගබලා ගන්න. (නදී)
සංගා, මහේල අපේ රටට ආඩම්බරයක් ඔබ දෙපලට සුබපැතුම්. (නදී)
බන්දුල, ඔබ හිතාගෙන ඉන්න තරම් ඔබ උගතෙක් නෙමෙයි වගේ. නැත්තම් මෙහෙම වැනෙන කතා කියයිද? ඩිල්ෂාන්, ඔබ ඔබේ ජනතා සම්මාන සියල්ල විනාශ කරගෙන ඉවරයි. (නි)
ඕෂදී ,ඒ ටෙලි නාට්‍ය නැවත 9 වෙනිදායින් පසුව එම නාලිකාවේම මෛත්‍රී පාලනයක් යටතේ විකාශනය කරනවා. (අ)
වරුණ ,ඩිල්ෂාන්ගේ කොන්ද නැවිලා වැඩියි. (අ)
දිල්ෂාන්, ඔබ ඔබගේ මතය නිර්භීතවම ඉදිරිපත් කළා. එයට ඔබගේ රැකියාව ක්‍රිකට් අතර සම්බන්ධයක් නෑ. ඔබට සහ රටට අපගේ සහයෝගය. (දිල්)
මේ ටික කරන බව අපි දැන ගත්තා. සංගා මහේල ඔබට අපේ උත්තමාචාරය (නදී)
එකත් එකට නෝනා වෙන්න ඇති මේ වැඩේට උඩ ගෙඩි දුන්නේ. (නදී)
අහෝ! බන්දුල පෙරේරා, ඔබතුමා තව දින කීයද එසැණෙහි අප සමඟ රැඳී සිටින්නේ? 9 වෙනිදායින් පසු නොඒවි කියා අපි බලාපොරොත්තු වෙනවා.සැඳෑ සමය සතුටින් ගතකරන්න.සුභ අනාගතයක් !!! (නි)
ගෙදර ගිය දවසට දේශපාලනයට එන්න අඩි තාලම දානවා. (නදී)
ඔයාල ඔක්කොටම අමාරු ඩිල්ෂාන් මහින්ද මහත්තයට උදව් කරන නිසා. එ්ත් සිරිසේන උදව් කළා නම් ඔය මොකුත් නැහැ නේද (නදී)
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වන ලෙස තමන්ට කිසිම ආරාධනාවක් නොලැබුණ බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි. ඔහු සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ ජනපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එක්වන්නැයි මූල්‍යමය ආරාධානාවක් තමනට ලැබුණ බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා දැක තමන් පුදුමයට සහ කණගාටුවට පත්වූ බවත්ය. (නදී)
දිල්ෂාන් අපි ඔබට ආදරය කරනුයේ ක්‍රීඩකයෙකු වශයෙන් මිස දේශපාලන මඩගොහොරුවේ මඩකරියෙකු වශයෙන් නොවේ. ඔබ ඔබගේ වටිනාකම තේරුම් නොගැනීම ගැන ඇත්තේ කණගාටුවකට වඩා කලකිරීමකි. මහේල, සංගා අපි ඔබට සිරස නවා ආචාර කරමු (නදී)
මෝඩකමට බෙහෙත් නැහැ තියන්නේ ඕකට තමයි (නදී)
සංගා මහේල ගිය දවසට අපේ මහත්වරුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉවරයි. මේ පෙරමග ලකුණු. දැන් ඉතින් මෙයා එක පෙලට බින්දු ගත්තත් ටීම් එකේ (නදී)
සංගා අද ෆේස් බූක් එකේ දාල තියනවා (නදී)
මට පේන්නේ ඊළඟ ජයසුරිය වෙන්න අර අඳිනවා වගේ. දෙදෙනා ගැලපෙනවා (නදී)
සංගා එ්කද සුද්දගේ ඔඩොකුවේ ඉදන් අරක මේක කීවේ (නදී)
සංගා, මහේල ඔබලා ශේෂ්ඨයි. අපි ඔබලාට ආදරෙයි. ඔබලා රට කරවන්නට උවද සුදුසුයි (නදී)
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසිරු අවස්ථාවලදි ඉන් මුදාගැනීමට ක්‍රියා කළාසේම විදේශ බලවේග වල සහාය ලබමින් රට අරාජික කරන්නට සැරසෙන වකවානුවක, අවස්ථාවාදි දේශපාලුවන්ගෙන් රට මුදාගැනීමට ඉදිරිපත් වු ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය (නි)
උපුල් සිරිසේනට උදව් කරන්න ගිහින් නවසිලන්ත ටුවර් එක නැති කරගන්න ඔයා කැමතිද ? (නදී)
ඩිල්ෂාන්ට තේරිලා තියනවා ජනවාරි 8 කවුද දින්නේ කියලා (නි)
මට නම් මෙයා ගැන කොහොමටත් පැහැදීමක් නැහැ. ක්‍රීඩාව කෙසේ වෙතත් ප්‍රතිපත්ති ගරුක මිනිහෙක් විදියට අඳුන්නල දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. (නදී)
සංගයි, මහේලයි ප්‍රතිපත්ති ගරුකයි. ඒ වගේම කොඳු නාරටියක් ඇති විශිෂ්ට ඝනයේ මනුස්සකමින් හෙබි ක්‍රීඩකයෝ. ඒත්, සල්ලි කිව්වහම දිව එලියට දාගෙන දෙකට නැමෙන අය මාධ්‍ය සංදර්ශන තිබ්බට ඡන්දෙ දෙන්නේ අපිනේ. හතරක්, හයක් ගැහුවොත් හුරේ දැම්මට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
අර්ජුන ගැන කාටවත් කියන්න දෙයක් නැද්ද? (නදී)
ඩිල්ශාන් ඔයා එක්කෙනෙක්ගෙ සිත සනසන්න මිලියන විස්සක් පමණ වන අපගෙ සිත් පාරා දෑම්මාද?(දිල්)
කවුද දන්නේ මෙහෙම නොකළ නම් මේ මනුස්සයට අර ගුවන් යානයේ වැසිකිලි දොර හොයා ගන්න බැරි වුන කෙනාට තමන්ගේ තැන දීල චෙරියෝ බායි කියල යන්න දීල තිබුනද කියලා. මේ දවස් වල මිනිහෙක් කරන කියන දේ ගැන අපිට බැලු බැල්මට නිගමන වලට එන්න බැහැ. හැම කෙනාම දැලි පිහියෙන් කිරි කප කපා ඉන්නේ. (නදී)
විපක්ෂයට සහය දැක්කුවා නම් කට්ටිය ඔහොම කියන එකක් නැහැ (නදී)
දිල්ෂාන් අපිට ඔබගේ තීරණය ගැන දුකයි.(හේ)
දිල්ෂාන්,සංගා,මහේල මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දුන්නොත් ? (නදී)
තියනවා කපිල. අර්ජුන කියනවා ඔහු ක්‍රීඩා කරද්දී ඔහුගේ පියා විරුද්ධ පක්ෂ ක්‍රියාකාරී දේශපාලකයෙකු උනත් ගාමිණි දිසානායක මහතා කවදාවත් ඔහුට බාධා කලේ නැහැ කියලා. ඕනනම් ක්‍රීඩා කරන එක නවත්තන්නත් පුළුවන් කම තිබුණා. එ්ත් ඒ මහතා එහෙම කලේ නැහැ කියලා. යුග දෙකක වෙනස තමයි ඒ. (නදී)
කිරි කළයක් දොවලා අවසානයේ ගොම ටිකකුත් එකතු කරගෙනදෝ කියලා මට හිතෙනවා (නි)
සංගා සහ මහේලගේ ප්‍රතිපත්ති ගැන ආඩම්බර විය හැකියි (නදී)
හොඳ මිනිසුන් තුළ උතුම් ගතිගුණ තිබීම පුදුම වියයුතු නැත (නදී)
පිස්සුද රුවන්, මේ කට්ටිය තව දුරටත් ක්‍රිකට් ගහන්න ඕන නේද. එහෙම කලා නම් කිව්වත් වගේ නවසීලන්තයේ පිට්ටනියේ නෙවෙයි මේ දැන් ගෙදර හාන්සි පුටුවේ. (නදී)
විපක්ෂයට සහය දීල මේ මිනිස්සු ආයෙත් ක්‍රිකට් ගහන්නද ? ප්‍රසන්න මාර කතා නේ කියන්නේ (නදී)
කපිල , අර්ජුන දේශපාලනයට ආවේ ක්‍රිකට් වලින් පස්සේ. ලංකාවේ නෙවෙයිද හිටියේ ඔයා. (නදී)
ජාතික ක්‍රීඩකයන් කිසිම පක්ෂයකට වැඩ නොකොළ යුතුය. සදාචාර රටක ජාතික ක්‍රීඩකයන් මුලු ජාතියටම අයිතිය. ඡන්දය දීම නිහඩව කරන්න. රටට ක්‍රීඩා නොකරන කාලයක ඕනේනම් දේශපාලනයට එන්න. මෙය නීතියක් කරන්න (නදී)
කපිල මෝඩ කතා කියන්න එපා. අර්ජුන,සනත්,හෂාන් කිසි කෙනෙක් දේශපාලනය කරාට කිසිම ප්‍රශ්ණයක් නැහැ. සියල්ලම විශ්‍රාම ගොසින් ඇත. ප්‍රශ්නය හොදින් තේරුම්ගෙන ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලමි. (නදී)
සිරිසේන මහතාට සහයෝගය දෙන්න ගියා නම් නවසිලන්තය වෙනුවට ස්වාසිලන්තයේ ටුවර් එකකට තමයි මේ දවස් වල යන්න වෙන්නේ. (නදී)
මෙතන ඉතින් වැඩියෙන්ම ප්‍රතිචාර දාන්නේ සිරිසේනට කඩේ යන අයනේ. දිල්ෂාන් සිරිසේනට කඩේ ගියානම් අනේ ශෝක් කියයි . සිරිසේන වගේම එයාගේ අාධාරකරයොත් බංකොලොත්. (නදී)
ඕනෑම කෙනකුට තමන් කැමති දේශපාලනය කරන්න පුළුවන්. ක්‍රීඩාවත් දේශපාලනයත් කියන්නේ එකක් නෙමේ. (බ)
කපිල, අර්ජුන ගැන කතා කරන්න දේවල් තියෙනවා. ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් සිටිනා විට කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වූ බවක් මතක නැහැ මට නම්. ඔහුගේ පවුලම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව සිටියදී ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි ගාමිණී දිසානායක වගේ පුද්ගලයින් සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය, ඒ මතින් 1996 ලෝක කුසලානය කරා ගමන් කරන්න සැලසුම් සකස් කරපු ආකාරය පුවත් පත්වල පළවුණා මතක ද? දිල්ෂාන් තවමත් සීමිත ඕවර ජාතික කණ්ඩායම්වල ඉන්න කොන්ත්‍රාතුවකට බැඳී ඉන්න කෙනෙක්. අපේ මුළු රටම වෙනුවෙන් ක්‍රීඩා කරන කෙනෙක්. ඔහුගේ පෞද්ගලික මතය ඔහු සීමාවක් ඇතිව තබාගත යුතුයි. විපක්ෂයට හෝ ආණ්ඩු පක්ෂයට මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීම සදාචාරාත්මක නැහැ. (බ)
මේ ගත්ත තීරණයට කවදා හරි දවසක ඔබටත් දුක්වෙන්න වෙනවා (නදී)
ධනුක, සිරිසේන මහතා ඡන්ද දායකයන්ට බලපෑම් කරන්නේ නැත. තනතුරු හොබවන්නන් ලඟට කැඳවමින් බලය ගැන මතක් කර දෙන්නෙත් නැත. තමන්ගේ බලය අපහරණය කරන්නේත් නැත. අන්න ඒ විශ්වාසය නිසා ඔහුට කඩේ යන්නෝ බහුලය. (නදී)
දේශපාලනේ වැඩක් නැහැ ඔයාලට.(අ)
දිල්ෂාන් මහින්දට කඩේ ගියත් මෛත්‍රීපාල ට කඩේ ගියත් වැරදියි. දැන් එයාට ලොකු වගකීමක් තියෙනවා ලෝක කුසලානයක් රටට අරගෙන එන්න උදව් කරන්න. දේශපාලන ප්‍රශ්න හිතේ දරාගෙන අවධානය බිඳගෙන බින්දුවට අවුට් වෙන්නේ නැතුව හොඳට සෙල්ලම් කරන්න. හොඳට බෝල් කරන්න. (නදී)
දිල්ෂාන් බැට් කරනකොට හුරේ දාන්නේ අපි වගේ පොඩි මිනිස්සු දේශපාලකයෝ නොවේ. නමුත් ඔහු හොද ක්‍රීඩකයෙක්. (නදී)
9 වෙනිදාට කාට කාටත් තමන් කරපු වැරැද්දේ බරපතකලකම වැටහෙනු ඇත. නමුත් දිල්ෂාන් ඔබ නැවතත් සුපුරුදු අරම්බක ස්ථානයේ ක්‍රීඩා කරනවිට මෛත්‍රී යුගයක් උදා වී අවසන්ය. නමුදු ඔබ අරම්බක ස්ථානයේම ක්‍රීඩා කරනු ඇත. කිමද මෛත්‍රී පාලනය කිසිවකුටත් වෛර නොකරන බැවිනි. (නදී)
දිල්ෂාන් කළේ ඔහුට රට වෙනුවෙන් සහ ජනාධිපති වෙනුවෙන් කරන්න තියෙන යුතුකමක්. අනෙක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස. ඔය කිසි කෙනෙක් ක්‍රිකට් ගහනවද බෝම්බ පිපිරෙන ලංකාවක් තිබුනානම්? කිසි විටකත් ලංකා පුත්‍රයෙක් කියන එක අමතක කරන්න එපා. රට අභාග්‍ය තත්වයක තියෙද්දී ක්‍රිකට් කෙරුම් පෙන්නන්නේ කොහොමද ? රටට වෙනුවෙන් වැඩ කරමු ප්‍රථමයෙන්. දෙවනුව තමුන්ගේ වැඩ පෙන්නමු. (නදී)
කෘශාන්, එතකොට දිල්ශාන් ට ක්‍රිකට් ගහන්න සරත් ෆොන්සේකා මහතාගේ දායකත්වයක් නැද්ද ? ඒ මහතාට කඩේ යන්න ඕන නැහැ. නමුත් ස්තුතියි කියල වචනයෙන් වත් කියල තිබෙනවද ? (නදී)
නියමයි. (ර)
මෙය ක්‍රිකට් ලෝලීන් පිල් වලට බෙදන දෙයකි. (ර)
දිල්ෂාන්, ඔයාට මගෙන් සුබ පැතුම්.! (ර)
සංගා, මහේල අපේ සදාතනික වීරයන් වන්නේ ක්‍රීඩාවෙන් විතරක් නොව සැබැ ජීවිතයේත් ඔවුන් අපේ වීරයන් නිසයි. (ර)
ශ්රී ලංකා ක්‍රිකට් වීරයෙක් මැරිලා . . . .! (බ)
ක්‍රියාකාරී දේශපාලනය කෙනෙකුගේ අයිතියක් වුනත් තමන්ගේ වෘත්තීය ගරුත්වය ගැන නොසිතා වැඩ කිරීම අවාසිදායකය. (බ)
සංගා මහේල නුඹලාට රට වෙනුවෙන් ඔබ හරි තීරණයක් ගෙන තිබුනා. අපිට ඇත්තටම ආඩම්බරයි නුඹල දෙදෙනා ගැන. (ර)
දිල්ශාන්ට, මහේල - සංග වෙන්න බැහ එහෙම වෙන්න ඕනෙත් නැහැ. එකිනෙකාගෙ ප්‍රතිපත්ති වෙනස්. දිල්ශාන්ට හොඳයි කියල හිතෙන දේ නේ එයා කලේ. ක්‍රිකට් ලෝලීන්ට ඔය තරම් කේන්ති යන්න දෙයක් නෙවෙයි මේක. කී‍්‍රඩකයන්ට දේශපාලනය කරන්න නිදහස තියෙනවා. (ර)
ඩිල්ශාන්ගේ නිදහසට බාධාකරන එක හොඳ නැහැ අපි (නි)
මේ අය එක කකුලක් දේශපාලනයෙයි අනිත් කකුල ක්‍රිකට් ටීම් එකෙයි තියාගෙන ඉන්න එක හොඳයි. (නි)
සංගක්කාර, මහේල, ඔබට ජය! (නි)
මහේෂි, මහේල-සංගා වගේ වෙන්න,ඒ දෙපලගේ වගේ නිර්මල හදවත් දෙකක් තියෙන්න ඕනේ.හදවත හොද නැත්නම් ඔය කොයි දේ තිබුනත් වැඩක් නැහැ. (බ)
හොඳ පුවතක්, මහින්ද රාජපක්ෂට ජය වේවා (බ)
අපිට ආරංචියක් ආව එක්තරා නිලියක් පොදු අපේක්ෂකයාට සහය දක්වන නිසා ඒ නිළිය රඟපෑ ටෙලි නාට්‍යය එක්තරා නාලිකාවක විකාශනය වෙන එක වලක්වලාලු. එතකොට මේක සාධාරණ වැඩක් ද ? (බ)
ඒක ඒ අයගේ කැමැත්ත.(හේ)
වයස 18 දී ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්.ඒ වගේම දේශපාලනය කිරීමටත් පුළුවන්.එය රැකියාවක් කරන අතරතුරේ හෝ අධ්‍යාපනය කරන අතරතුරේ හෝ පුළුවන්.නීතියෙන් බාධාවක් නැහැ. ඩිල්ෂාන්ටත් එය පොදුයි.දේශපාලන නිදහස කාටත් තියෙනවා. (නි)
සමහරුන්ට තරහා ගිහිල්ලා. අපි ඒකට මොනවා කරන්නද? (නි)
අග්‍ර මහා පණ්ඩිත බන්දුල පෙරේරා මොකද නිහඬ? (නි)
ඩුප්ලිකේට් එකට මල පැනල..මොනවා කරන්නද..ඒක ඒ මනුස්සයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම.. (නදී)
මහින්ද ජනපතිට ජයවේවා (නදී)
කෙසේ වෙතත් සංගක්කාර හා මහේල යනු ඉතා අග්‍රගන්‍ය එඩිතර ක්‍රිකට් තරු දෙකක් බව ඔබ සැම මතක තබා ගත යුතු වේ. (ර)
ජනදිපතිතුමගේ ජයග්‍රහණයේ පෙරනිමිති ඕවා,නැතිනම් ඔය දිනනවා කියන එක්කෙනාගේ පැත්තට යන්න තිබුනනේ. (නදී)
ඕෂදී අර ගිනි අවි සහ ගිනිකෙකෙලි නවත්වල තියෙන්නෙත් ඒකටද? නිකන් බොළඳ කතා එපා. (නදී)
මේ වගේ බොදු දරුවෙක් ජනපතිට කාලගුණ සලකන එක අරුමයක් නෙමේ (නදී)