
(රංජන් කස්තුරි)
ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතා කියයි.
වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් සියයට 75ක පමණ ප්‍රමාණයක් ආනයනික භාන්ඩ හෙයින් ඩොලරයේ අගය අඩුවනවිට එම භාණ්ඩවල මිලද අනිවාර්යෙන්ම අඩුවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
භාණ්ඩවල මිල අඩුකිරීම පිළිබඳව සොයා බැලීමට මුදල් අමත්‍යංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ දිනවල සමීක්ෂණයක් කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාරවර්ග,කෘෂි උපකරණ සහ පාසල් උපකරණ මිල ඉදිරියේදී අඩුවිය හැකි බව ද රාජ්‍ය ඇමැති කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් එක අඩුවෙන එක කිසිකෙනෙක් ගණන් ගන්නෙ වත් නෑ. දැන් ඒක ආර්ථික සාධකයක් නොවෙන තරමට සමාජ බොරුවක් වෙලා. ළඟදීම, IMF කොන්දේසියක් එනවා, හිරකරගෙන ඉන්න අමුද්‍රව්‍ය ආනයන සීමා නිදහස් කරන්න. භාණ්ඩ වර්ග 700 ආනයන නවත්තලා. මේ කරන අනියමින් ඩොලර් රේට් හිරකරගෙන ජාත්‍යන්තර විවෘත්ත වෙළඳ පොලේ කටයුතු පවත්වාගෙන යන්න බෑ. මේක 100% ආර්ථික විකුර්තියක්... ලංකා ආර්ථිකේ තියෙන්නේ ඍන අගයක්... ඩොලර් උත්පාදන එක පියවරක්වත් තියලා නෑ...
පොදු ජනයාට වාසි වෙනවා නම් හොරු ටික තොලොංචි විය යුතුයි. නැතිනම් සියලුම වාසි හොරුන් විසින් ගිලදමනු ඇත.
ලංකාවේ වැඩිම බලය තියෙන්නේ කළුකඩකාරයන්ට, කොරෝනා වසංගත කාලේ ඉඳලාම හිතු හිතූ මිලට විකුණනවා. නිකන් බයිලා නොගහ ඉන්න.
ඩොලරය සීයට බැස්සත් වෙළෙන්දෝ කිසිම දෙයක් අඩු කරන්නේ නෑ..
අපේ දේශපාලකයෝ කරන බෙහෙත් ටිකත් හොරාකාපු කට්ටියක්... කවදාවත් මොවුන් ඉන්නකන් රටට අබ සරණයි. අපිට පේනවා බංග්ලාදේශයේ අවුරුදු 5කට පෙර තිබූ තැන සහ අද...
කියනවා විතරයි, කරලා පෙන්වන්නකෝ...?