(නිමන්ති රණසිංහ)

දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ මුදල් ලබාදෙන බවට පවසමින් මෙම සැකකරුවන් දෙදෙනා අදාල මුදල වංචා කර ඇත්තේ වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා නව තාක්ෂණය හරහා එංගලන්තයේ සිටින තවත් පුද්ගලයකු සම්බන්ධ කරගනිමින් මෙම වංචාව සිදුකර ඇතැයි මේ වන විට කරුණු අනාවරණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා අද 3 ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.