IMG-LOGO

ඩොලර් නැතිව ගෑස් නැව් හිරවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් අද (14) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම ගෑස් නෞකා ඊයේ පස්වරුව වන විටත් නිදහස් කරගැනීමට නොහැකි වූ බව කී එම නිලධාරියා මීට පෙර නිදහස් කරගත් නෞකාවේ ගෑස් තොගය අවසන් වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

එක නෞකාවක් හෝ නිදහස් කරගත හොත් අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යා හැකි බවත් එසේ නොවුණ හොත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.

මෙම නෞකා දෙක නිදහස් කරගැනීමට බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා සඳහන් කළේ නෞකාවක් හෝ අද රාත්‍රී නිදහස් කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

රට පුරාම ඊයේ දිනයේ ද දිගු ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර එම කිසිඳු අළෙවිසලකට ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් ලැබී නොලැබීමෙන් පෝලිම්වල පැය ගණන් ගතකර ඇතැමුන්ට ගෑස් නොමැතිව යෑමට සිදුවිය.  



අදහස් (2)

ඩොලර් නැතිව ගෑස් නැව් හිරවෙයි

Lalith M Monday, 14 March 2022 07:28 PM

සෞභාග්‍යයේ ගෑස්. අපට ඒවා අකැපයි. ගෝත්‍රික සමාජ තත්ත්වය නැවතත් ආවා. දඩයමක් කරගෙන ගින්නේ කමු. ලක්ෂ 69 බයියන් ඡන්දෙ දුන්න පින...

:       2       40

සෙනෙවිරත්න Tuesday, 15 March 2022 06:24 AM

කොහොමත් ගෝත්‍රික රටක්, අයිය අගමැති , මල්ලි ජනාධිපති , තව මල්ලි කෙනෙක් මුදල් ඇමති, ලොකු අයිය ඇමති, උන්ගෙ පුත්තු ඇමතිල , සනුහරේ සේරම වැදගත් පුටුවල, කට කැඩෙනං කිව්ව ජනතාවට මෙහෙම රටවල් කවදාවත් දියුණු නොවන බවත්, කිසිදු රටක් ගනංනොගන්නා බවත්, ඒත් රටේ බහුතරයකට ඕන උනා කලගුන සලකන්න. සහ ඇස් නිලංකාර වන සෝබන සංවර්ධනයට , මේ සහොා්දර වරු ඩොලර් එකක් උපයන කකර්මාන්තයක් දියුණු කලාද? අපිනම් දැනසිටියා මේ ඉරණම රටට වන බව. ඒත් අපිත් මේකෙ ගොදුරක් උනා. මේ පවුල එලවා දමා මුන් සොරකම් කල දේපල කුමන නීතියක් යටතේ හෝ පවරා ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 309 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site