නීත්‍යනුකුලව ආණ්ඩුවක් පිහිටුවීමට මහින්දටවත් චන්ද්‍රිකාටත් බැහැ එකම සුදුස්සා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.
‘19 ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකටවත් මහින්ද රාජපක්‍ෂ මහතාටත් ජනාධිපතිවරණයට තරග කරන්න බැහැ එම නිසා අපට හදන්න වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක්. නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසා එතුමා ඡන්දේ ඉල්ලනවා. ඒ සඳහායි අපි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ. පක්ෂයේ මැද පෙළත් ශක්තිමත් කර පක්ෂයේ ඉහළයි පහළයි එකතු කරනවා ඒවගේම මෙවර අය වැයට අපේ පක්ෂයේ අදහස් හා යෝජනා රැසක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාව දැක්කේ ගොඩක් කාලෙකින් (හේ)
බුදු දෙවියනේ අපිට අයනම් එපා. (හේ)
එතුමාව නැත්තම් මෙලහකට සැපසේ ගෙදර ඉන්න තිබුන ලොක්කට (හේ)
මෙය වැල යන පැත්තට මැස්ස ගහන කෙනෙක්.(හේ)
මෙන්න නියම අය. මේ වගේ අය ඉන්නකන් රටක් හැදෙයිද?(හේ)
ඔය පරණ තැටිය අහල දැන් එපාවෙලා තියෙන්නේ. ඇමතිතුමා දැක්ක කල්.(හේ)
අනේ ඇත්තට කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. හෙට මෛත්‍රිපාල මහතා පරදුනොත් දිනපු කෙනා එක්ක එයාට බනිනවා. (නි)
තරුණ අය මේ ගැන කියල චිත්‍රපටියක් හදනවලු. (බ)
ප්‍රේමදාස මහතාගේ කාලේ හිටිය සෙරප්පු සුප් මතක් වෙනවා. (බ)
හරීන් කියපු එකම තමා කියන්න තියන්නේ (බ)
ඌරු දල වල ගජමුතු නැහැ කියල අපි දන්නවා. මෙයාලා හොඳ කුඹුරු හාන්න ගන්න විතරයි (බ)
ජනාධිපතිවරන කාලේ ඔයිට වෙනස් කතාවක් කිව්වා වගෙයි මතක. ටිකිරි කියනවා වගේ වැල යන පැත්තට මැස්ස ගහනවා තමයි. රාජ්‍ය ඇමති වෙලා ඉන්න බැහැනේ හැමදාම, නැද්ද? (බ)
වාරිමාර්ග ටික සුද්ද කරලා මෝය කටෙන් දැලක් දාල තියන්ඩ නැත්නම් ලබන ඡන්දෙන් ගහගෙන ගියහම මුහුදෙන් තමයි ගොඩ ගන්ඩ වෙන්නේ (බ)
වැල යන අතට මැස්ස ගහනවා කියලා හැමෝම දන්නවා. පුටුව රැක ගන්න බිරුවට දන්නෝ දනිති. කන්නදුන් ඇත සපාකන බව.(හේ)
දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)
මෙවැනි වංචා දුෂණ ගැන චෝදනා ඇති මිනිසුන් අපේ ආණ්ඩුව තොර පත්කරගෙන ඇමති කම් දීම ගැන ලැජ්ජාවක් මේ පාලකයන්ටත් නැත .(හේ)
අපේ සීයා මෙයාව හොයා හොයා සිටිය අවුරුදු උත්සවේට තිරික්කලේට බදින්න තිරික්කල් රේස් යන්න .කොහෙද දැන් කවටය වෙලානේ .(හේ)
පීනස් අමාරුවට හරි සෙම අමාරුවට හරි ගෙනාපු බෙහෙත් තෙලක් මෙතුමා වැඩිපුර හිස ගලවන්න ඇති. එහෙම වුනාම ඔලුවේ අමාරුව හැදෙනවා. මේ එහෙම අවස්ථාවක් යයි අපේ පාඨකයින් වටහා ගනිත්වා. (බ)
අමිත සහ තිස්ස, ඔය ට්‍රයි කරන්නේ මොනවටද කියලා තේරෙනවනේ (නි)
ඩිලාන් මහතාගේ අදහස් වල වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)
වාසි පැත්තට ආවඩලා, ප්‍රශස්ති කියලා මල්ල පුරෝගන්න කට්ටිය ගැන දැන් අපි දන්නවා (නි)