විදේශ රැකියා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයට මිස ඇමැති ඩිලාන් පෙරේරාට නොවන බව තලතා අතුකෝරාල විදේශ රැකියා ඇමැතිනී කියන්නීය.
‘මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකීම බාර ගන්නැයි හිටපු විදේශ රැකියා ඇමැතිට කියන්න මට බැහැ. ‘ යි තලතා අතුකෝරාල මහත්මිය කියන්නීය.
ජනාධිපතිවරණයට පෙර ඩිලාන් පෙරේරා මහතාට චෝදනා එල්ල කරමින් කියා සිටියේ පුහුණු මධ්‍යස්ථානයක මුල් ගල් තැබීමේ උත්සවයකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක්, බැතිගීයක් ගායනයට රුපියල් ලක්ෂ 56ක් ද, දානයකට රුපියල් ලක්ෂ 25ක් ද, නත්තල් පාටියකට රුපියල් ලක්ෂ 11ක් ද, ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂයක් ද වැය කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙනකොට. (ස)
දවසේ විහිලුව. (ස)
දැන් ඇමති කමක් තියන නිසා චෝදනා සියල්ලන්ගෙන්ම නිදහස් වෙයි. ආණ්ඩු පක්ෂයට එන ඔනෑම චෝදනා ඇත්තෙක් නිර්දේෂී වෙනවනේ.. (ත)
වගකීම තියෙන්නේ අපට. (ත)
විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ ,කබරයෝ තලගොයි වෙලා , තලගොයි කබරයෝ වෙලා. (ස)
අනේ තලතට පිස්සුද ? (ස)
මෙයා ඇඳුම් ඇඳගෙනද මෙහෙම කතා කියන්නේ. ලැජ්ජාවක් ඇත්තෙම නැහැ .(අ)
ඔළුගෙඩි මාරු වුණා විතරයි. ප්‍රතිපත්තිය එකයි. (අ)
අනේ මන්දා මේ කතා! (නි)
මට නම් හිතට එන දේ කියන්න අමාරුයි (නි)
අන්තිමේදී අපිට අපේම කියලා මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ කියලා තමා කියන්න වෙන්නේ. (නි)
මැතිවරනයේදී ජන.ා මනාපය ලැබෙයි නිසි විදියට (දිල්)
වගකීම අපි බාරගන්න ඕනෑ. මොකද දෙපැත්තේම අය පත්කළේ අපිනේ. (නි)
සමහරු අමාත්‍යංශයක වගකීමක්වත් හරියට දන්නේ නැහැ (නි)
තලතා වෙන මොනවා කියන්නද? (ත)
මෙදා පාර නම් අපි ජවිපෙට! (නි)
ඔබ සියල්ලෝම නිදොස්, මහජනයා දොස්. අපි දන්නේ නැහැ කියලා හිතනවා ඇති. අපි ළඟත් ෆයිල් තිබෙනවා (නි)
අමාත්‍යංශ ලේකම් රජයේ සේවකයෙක් නිසා ඔහු වගකිය යුතුයි .ආයතනයක නම් රජයේ මුදල් සහ පරිපාලන විධිවිධාන අනුව ඉහලම විධායක නිලධාරියා වගකිව යුතුයි .(ත)
දී කිරට බළලුත් සාක්කි ලු .............. (ම)
අරෙන් පව්. (ත)
දෙගොල්ලන්ම එකයි. කවුරු ආවත් රැවටෙන්නේ ඡන්දේ දුන්නු අපිමයි. (ත)
වෙනසක මහිමය. (ත)
දැන් අපි තරහා නැහැ. (ත)
මේක ලංකාවේ දේශ පාලනය කරන ඔක්කොම දෙනාගේ සදාචාරය පිළිබද ප්‍රස්නයක්. (නදී)
මරු යහපාලනය ඡන්දය දුන්නු අය තමයි දැන් හොරු (නදී)
කන්න හිතුනහම කබරගොයාත් තලගොයා වෙනවලු! (නි)
අපි හිතුව ජාතික ආණ්ඩුව හදකොටම හොරු නිදහස් කියලා. ජනතාවගේ බලාපොරොත්තු වතුරේ (නදී)
කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා වෙනවලුනේ! (නි)
තලතා දීලා තියෙන්නේ බොහොම නරක පුර්වාදර්ශයක්. කවදා හරි හිතින් හරි විඳවන්න වේවි (ත)
එහෙම තමයි. වැරැද්දක් කර නැත්නම් නිදහස්වීම අනිවාර්යයි. ඒක නවතන්න කාටව්ත බැහැ (නි)
අනේ ජවිපෙයි හෙල උරුමයයි එකතු වෙලා මේ රට ගොඩ ගන්න. අපි ඡන්දය දෙනවා. මේ අය කවුරුත් එකයි. (ත)
ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමට අපි බලා සිටිනවා. ඔබේ පක්ෂය පැත්තෙන් ඇති අඩුපාඩු හැකිතාක් ඉක්මනින් හදා ගන්න. මේ දෙගොල්ලොම අවංක නැහැ. සම්ප්‍රදායික දේශපාලඥයන් කණ්ඩායමක් විතරයි. (ත)
ජනවාරි අට කුමන්ත්‍රණයකුත් නෑ. මැති ඇමැතිවරු හොරකම් කරලත් නෑ. (ත)
දැන් ඉතින් අර චෝදනා තියන අමතිලා නැහැ ඔය විදිහටම නිදොස් කොට නිදහස් කරයි. ලංකාවේ අහිංසකයින්ට විතරක් ද නීතිය. (නදී)
ඡන්දෙ දුන්න නම් දැන් ඉල්ලන් කාපියව්. (නදී)
මේ යන විදිහට මහින්ද මොකෙන් හරි ඉල්ලනවානම් ඊළඟ ඡන්දෙදි දිනන්නේ උඩින්. දින 100 යන්න ඉස්සෙල්ලම මේ නරිනාටක මිනිස්සුන්ට තිත්ත වෙලා.(බ)
මුන්ට හෙනම ගහන්න ඕනේ. ඡන්දෙ ඉල්ලන්න කලින් කිවුවේ කොහොමද ? මේ න්‍යායට අනුව බලනකොට මහින්ද මහත්තයටත් කිසිම චෝදනාවක් තියෙන්න බෑනේ. අඩුම තරමේ එතුමා යුද්දේ දිනවල දුන්න, පාරවල් ටික හදල දුන්න. මෙයාල මොනවද කරන්නේ ? හොරකමයි, කයිවාරුවයි විතරයි. කොහොමද මහ බැංකුවේ ගැහිල්ල විතරක් ? බිලියන ගණනින් වැඩ. තවම මාස දෙකයි (බ)
ජනතා විමුක්ති පෙරමුණ තමයි එකම පිහිට දැන් නම්... (ර)
මගේ අැඟේ මාළු නටනවා මේවාට.පාසලක ගුරුවරයෙක් වැරදි කරනවා නම් විදුහල්පතිත් වගකියන්න ඕනෑ නැද්ද? ඔය හැමදේකම කොමිස් මුදල් අන්තිමට ගියේ කොහාටද කියලා අපි දන්නවා. මට හොරකම් කළ අයට වඩා එයාලව ශුද්ධ කරන අයත් එක්ක තමයි කේන්ති. (නි)
අමාත්‍යංශයක වගකීම තියෙන්නේ ඇමතිට නෙවෙයිද එහෙනම්??? (ම)
ඉස්සර කතා කලේ කොහොමද, දැන් කොහොමද ? (නදී)
ඒ කාලෙට එහෙමයි මේ කාලෙට මෙහෙමයි (අ) .
යහපාලනයට ඡන්දය දුන් අය මෙතන අදහස් දැම්මා ගිය ආණ්ඩුව හොරු කියලා. බලන්නකෝ දැන් යහපලානයේ ප්‍රධාන ඇමතිවරියක් කියනවා හිටපු ඇමතිතුමා හොරකම් කරලා නැතිලු. දැන් ඡන්දය දුන් අයට හිතෙන්නේ නැද්ද ඔයාලා කාගේහරි බොරුවකට අහුවෙලා හොඳට තිබුන ආණ්ඩුවක් ගෙදර ඇරියා කියලා? (නි)