සංහිඳියාව ඇති කිරීමට බව කියමින් විදේශ අමාත්‍යංශය පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළිය නිසා අවසානයේ තිබෙන සංහිඳියාවත් නැතිවී යා හැකි බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (21) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම සැණකෙළිය ඊළාම් අරමුණු හා බෙදුම්වාදය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් විය හැකි බවත් එයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට උත්සාහ කරන බවත් ඔහු කීවේය.
මෙයට ‘ඩයස්පෝරා‘ යන නම යොදා ගැනීමෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවන බවද එලෙස සංහිඳියාව ඇති කළ නොහැකි බවත් ජනපතිවරයා මේ ගැන දරණ මතය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවද වර්ණසිංහ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කතාව විය යුත්තේ ඩයස්පෝරා සැණකෙළිය ගැනයි. නමුත් වෙන්නේ වෙන එකක්. මේවත් කොන්ත්‍රාත්ද මන්දා. (ර)
දැන්ද මතක්වුණේ ඒක? (නි)
ඩයස්පෝරාව වැරදි වචනයක් නොවෙයි. ඒත් එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව ලෝකයේ කොතනත හෝ දෙමල රාජ්‍යක් ගොඩනැගීම සඳහා දරන උත්සාහයට උඩගෙඩි දෙමින් ලංකාව කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ දෙකඩ කිරීමට අර අඳින විට අපේ සමහර ගල් බිල්ලන් ඩොලර් වලට කෑදර කමින් රට පාවාදීමට කටයුතු කිරීම හරිම අවාසනාවක්. මතක තියාගන්න සුද්දන්ට මුදලිකම් කළ පරම්පරාවල අයගේ ඇඟේ දුවන්නේ පිරිසිදු සිංහල ලේ නොවෙයි. උන් මේ රට එදත් කෑවා අදත් කනවා. හෙටත් කාවී. රටට හෙන ගැහුනත් උන්ගේ ඇඟේ දුවන ලේවල අයිතිකාරයක්ට අවශ්‍ය දේ තවමත් මේ අය ඉටු කරනවා. (නදී)
සුබා නෝනෝ. මමත් රටට ආදරේ කරනවා. ඒක නිසා මේ රටෙන් පිටට යන්නෙම නැහැ. මගේ පොල්කටු අඟුරු ව්‍යාපාරය කරගෙන පාඩුවේ ඉන්නවා. (ම)
වැඩි මහජන ඡන්දෙන් බලයට එන්න දක්ෂ උන අයට රට ඔතාගෙන බැරිනම් ලිහාගෙන කන්න ඉඩ දීලා කටවල් වහ ගන්නවා හැර කුමක් කරන්නද. සග වෙද ගුරු නීති කම් කරුත්.. නිහඩ නිසා. (ර)
ශබ්දකෝෂයේ ඕවා නැහැ නාමල් මහත්තයෝ. ඒක තමා මමත් ඇහුවේ සමන් මහතාගෙන්, ඔබතුමා මොන පක්ෂය වෙනුවෙන් අදහස් දැම්මත් රටට ආදරේ ඇතිනේ! ඒක නිසා හොයා බලා මගේ නමින්ම මා අමතන්න. මා දැනුවත් කරන්න. (නි)
නාමල් මහතා , මම හිතනවා ඔබතුමා වැදගත් ලෙස අදහස් දාන කෙනෙක් කියලා. අඳ බාලයා කවුද නැති කෙනා කවුද කියලා තීරණය කරන්නේ කියවන කෙනා හෝ පාඨකයා මිස ඔබතුමා හෝ මම නොවේ. (නි)
නිශා, රට වෙනුවන් අදහස් දාන ඔබතුමිය රටට එරෙහිව ජාත්‍යන්තරයේ වෙන දේවල් දැනගත යුතුයි නේද? මෙතන ෆේස් බුක් හා ගොසිප් මඩ ගොහොරු නොබලා, නියම ප්‍රවෘත්ති ඔබතුමීම බලා තේරුම් ගත්තා නම් නේද හොඳ මම කියනවාට වඩා? (නි)
ජාතික හෙළ උරුමය ඉතිහාස ගතවී හමාරය (නදී)
මම අහන්නේ යුද්ද කාලේ මේ කියන සිංහල ඩයස් පෝරාව මොනවද කළේ. (නදී)
අර එක මහතෙක් ලවක් දෙවක් නැතිව, රැයක් දවාලක් නැතිව ඕනෙම ප්‍රවෘතියකට මහින්ද මහතාට මඩ ගහනවා වගේ මම කැමති නැහැ ඩයස්පෝරාවට මඩ ගහන්න. ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් එකක් කොච්චර වැදගත් ද කොච්චර බලපෑමක් කරනවාද එහි අදාළ රට ට කියා ඔබතුමිම හොයා බලා තේරුම් ගන්න. නැතිනම් මට කියන්න , මම හිතනවා නිව්යෝක් තිලක් හෝ ලොසඇන්ජලිස් මහත්වරු මේ ගැන හොදට විග්‍රහ කරාවි. මේ සංවාදයේ ඉන්නේ බොහොම උගත් බුද්දිමත් උදවිය මොන දේශපාලන මත දැරුවත් අපි එයාලට අපහාස හා උපහාස කල යුතු නැහැ. එයා ලට ම වැදගත් දේවල් සොයා බලා අදහස් දාන මෙන් ඉල්ලමු නේද නිශා මැඩම්.
අඩුම ගානේ රටේ නායකයට කියලා නේ ඕව පටන් ගන්න ඕනේ. එක එක අයට ඕනි විදිහට වැඩ දැන්. ඔයා කාටවත් රටක් ගැන ජාතියක් ගැන සිතක් නැහැ. කුට්ටිය කඩා ගන්න ඔය දඩයම. අපේ උන්ගේ පෙරේත කම උන් දන්නා නිසා එවායෙන් උන් ප්‍රොයෝජන ගන්නවා. අපේ සිංහලයා මෝඩයන්ට අන්දවන්න ඉතාමත් ලෙහෙසියි.(නදී)
යහපාල කියන දේශපාලන අන්තේවාසිකයට කියනන් තිබෙන්නේ මම කුස්සියේ ශිල්ප පමණක් නොව දේශපාලකයන්ට කොන්ද නොනමා ජීවිකාව කරගන්න ට සුදුසු පිළිගත් වෘත්තියක් කරන බවය. දවස ගානේ මෙතන ඔබ මෙන් නරි වාදන් දොඩවමින් දවසේ කුලියට ලියන කටයුත්තක් නිරත වන්න ට මට අවශ්‍ය නැත්තෙත් ඔබට දිවා රාත්‍රී නැතිව ඒ ටික කරන්න සිදු වෙලා ඇත්තෙත් ඔය දන්නා ශිල්පයේ වෙනස නිසා තමයි. එක අතකට වෘත්තියක් ශිල්පයක් දැනගෙන උගත් කමක් ඇතිව මෙතන ලියන සිය ගණනක් පාඨකයන් සිටිද්දී මේ අන්දරේ කෙනෙකු සමග මොන සංවාදද ? (බ)
මට පේන්නේ පිවිතුරු යහපාල කාගේද කුස්සියකට රිංගන්න ගිහින් අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන. ලජ්ජා නැද්ද යහපාලයෝ මේ බවලතුන්ගේ දැනුම ගැන අහන්න. ? ඔබේ කතාවෙන් නම් මැදමුලන මාධ්‍ය මහා විද්‍යාලයේ අට වෙනි පන්තිය පාස් ද කියලා හිතෙන්නේ නැහැ. ඒ තරම් අප්‍රසන්නයි (බ).
රොහාන දුනුවිල මහතා කර ඇත්තේ බුද්ධිමත් විග්‍රහයක් (නි)
දැන් දැන් බොහොම හොඳ හොඳ ආරංචි එන්නේ.ඇමෙරිකාව බොහොම පැහැදිලි ලෙස තහවුරු කරලා තිබෙනවා 2009 දී කොටි සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් යුධමය වශයෙන් පරාජය කළත්, කොටි අරමුදල් ජයටම ඔවුන් තරකරගෙන බව. මේවා ගොසිප් මඩ ගොහොරු හෝ ෆේස්බුක් කුණු කන්දල් නොවේ. මෙහිදී ඇමෙරිකාව විසින් කෙලින්ම කොටි යන්න පැහැදිලිව සඳහන් කර ඇත. අඩුමගානේ ඩයස්පෝරාව යන්නෙන්වත් කියා නැත.හැබැයි අපේ අය හෙට අනිද්දා කියාවි මේ ඇමෙරිකාවට වැරදිලා කියලා. (නි)
ඩයස්පෝරාව විදේශ රටක ජීවත්වෙන සිංහල,දෙමළ හෝ වෙනත් ජාතීන්ගෙන් සැදුම්ලත් ඒ ඒ ජාතීන්ගේ සංවිධානයක් වෙන්න පුළුවන්. නමුත් දෙමළ ඩයස්පෝරාව පසුගිය වසර 50 තුළ කළ කී දේවල් දෙස බැලුවොත් සිංහල ජාතිය සමග සංහිඳියාවටද මරා කොටා දමා රට බෙදා වෙන්කිරීමටද වැඩකළේ කියලා බලාගන්න පුළුවන්.කෙක්කෙන් බැරිනම් කොක්කෙන් කියන්නා සේ මොවුන් දැන් සැරසෙන්නේ ලේ වැගිරීමකින් තොරව ඔවුන්ගේ අරමුණු කරා යාමටයි.ඒ නිසා ජාතිය අවදියෙන් සිටිය යුතු කාලයයි මේ. (නි)
තිලක් ඩුබායි ඇමෙරිකාවේ පදිංචියට ගිහින් වගේ. කොහේ ගියත් මම එයා ගැන තොරතුරු කියන්නම් හෙට අනිද්දම හරියට හොයාගෙනම (නි)
මහානාම - කඳානට, මම පදිංවි අැමරිකාවේ, මගේ වාසගම සේනානායක,මම සිංහලයෙක් නමුත් ජාතිවාදියෙක් නෙමෙයි. මම මනුෂ්‍යයෙක් (නදී)
අපේ රටේ අනන්‍ය තාවය ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ විශාල අවමානයකට පත් කරණ මේ අසාදාරන සංවිදාන අපේ රටට විනයක්. (නදී);
තමන්ගේ අදහස් එවන්න. වාධ කරන්න යන්න එපා . ප්‍රතිපලයක් නැහැ. (ර)
අනෝමා නෝනා, මෙතන ප්‍රශ්නය මහානාම හෝ යහපාල ගැන නොවේ. ජාතික ප්‍රශ්නයක් ගැනයි. ඔබතුමිය ට හෝ අන් යට අපි අපහාස කරලා නැහැ. ඇයි මේ මගේ ව්‍යාපාර ගැන අහන්නේ ? සිංහල හෝ ද්‍රවිඩ මුස්ලිම් කවුරු උනත් රට ට එරෙහිව කතා කරන්නේ ද්‍රෝහියෝ ඔබතුමියට නොතේරුනාට. අද මාතෘකාව රට හා ඩයස්පෝරාව ගැන මිසක් එජාපෙ හා ශ්‍රී ලනිපේ ගැන නොවේ. කරුණාකර තේරුම් අරන් අදහදහස් දාන්න. (ර)
සිංහල බෞද්ධයා කවදාවත් ජාතිවාදිවත්, ආගම්වාදිවත්, අන්තවාදිවත් නැහැ.අපට අවශ්‍ය සියල්ලන් සමඟ සහෝදරත්වයෙන් ජීවත්වෙන්න.නමුත් සහෝදරත්වයේ දෑතට දෑත නොදී අපේ බෙල්ල ගන්න හදනවා නම් බෙල්ල නිකන් දන් දෙන්නත් අපි සුදානම් නැහැ.අපි චක්‍රයේ අග ඉන්නවා කියලා හිතුවට යන්නේ ආයේ මුලට.ඒක අමතක කළොත් නොදැන හිටියොත් ආයේ අපිට ඉක්මනින් ඔවුන් අවුලන ගින්නෙන් පිච්චෙන්න වේවි. (නි)
මහානාම කඳාන කියන පුද්ගලයා අන්තර්ජාතික ව්යාපාරිකයෙක්ලු. නමුත් මෙතැන ලියන මිනිස්සුන්ගෙන් අහනවා සිංහලද කියලා. මම එතුමාගෙන් අහන්නේ ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ පාරිභෝගික භවතුන්, සේවකයන් ගනුදෙනු කාරයන් සේවා දායකයන් යනාදී සියල්ලන්ම සිංහලද ? ඔබතුමා ව්‍යාපාරික කටයුතු කරන්නේ ජාතිය විමසලාද ? මේ ප්‍රශ්නය අහන්නේ මීට පෙරත් ඔබ මේ පාඨක සභාවේ අනෙකුත් පාඨක භවතුන්ගෙන් ජාති ජන්ම විමසමින් පාඨකයෙකු ලෙස තමන්ගේ සීමාව ඉක්මවා ගිය නිසා. මම ලංකාවේ වෙසෙන සාමය කැමති සිංහලයෙක්. මේ ටික කිව්වේ මගේ ඇඟටත් ජාතිය විමසමින් ගොඩ වන්නට ඉඩ කඩ තිබෙන නිසාය . (නදී)
මහානාම තමන්ගේ ව්‍යාපාරයට පසුගිය රජයෙන් අනුග්‍රහයක් ලැබුනාද ? තමන් සෙසු උදවිය වගේ ස්වාධින අදහස් ප්‍රකාශ කරන කෙනෙක් වෙනුවට මෙතන කුලියට ලියන කෙනෙක් බව අපිට පෙනුන නිසා ඇහුවේ ? තරහ වෙන්න එපා. මොකද අපි මෙතන අදහස් හුවමාරු කරගන්න කැමති විවිධ දේශපාලන අදහස් දරන ස්වාධින පුද්ගලයන් සමග මිස දේශපාලන කොන්ත්‍රාත් කරුවන් එක්ක නෙමෙයි. (නදී)
මහානාම කඳානට, මෙතරම් පහර දෙන්නේ ඔහු ඇත්ත කතා කරන නිසයි. තමන්ගේ රටට ආදරය කරන්න. (ර)
මට පේන්නේ මේ මහානාම කඳාන කියන කෙනාට උන් හිටි තැන අමතක වෙලා වගේ. ඔහු කොහොමද මෙතන අනෙකුත් පාඨකයන්ගේ ජාති ජන්ම කුලගොත් ප්‍රශ්න කරන්නේ. මහානාම කැමති නම් ඔබතුමා ඔබේ භූමිපුත්‍ර කමට ගැලපෙන වෙනම පාඨක තීරයක් හදා ගන්න. නමුත් මෙතන නිකරුනේ ජාතිය අදාල අරන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියල මම ඉතා කරුණාවෙන් ඔබෙන් ඉල්ලන්නේ. අපි විවිධ අදහස් දරන පුද්ගලයන් මේ පාඨක තීරයේ අවුරුදු ගානක් සිට ලියනවා කියවනවා. ඒ සංහිඳියාව නැති කරන්න එපා. (නදී)
සමන් මොකටද මේ මහානාම කියන දේශපාලන අන්තේවාසිකයට උත්තර දුන්නේ ? ඔහු කවුද මෙතන කියන අයගේ ජාතිය ආගම විමසන්න ?(නදී)
අනේ රොහාන් දුනුවිල ,කලින් රජයේ විදේශ ප්‍රතිපත්තිය හොඳයි කියන්නේ කටින්ද ? කවුද ඇමතිතුමාගේ උඩින් ඉඳන් අමාත්‍යාංශය පාලනය කලේ . උගත් තානාපතියන්ට ගුස්ති දීල ජාත්‍යන්තරයේ රට විහිළුවක් කල එකෙන්ම විදේශ ප්‍රතිපත්තියේ හොඳකම පේනවා. තානාපති කාර්යාලවලට කවුද පත් කලේ ? අදාළ විභාග තියා උසස් පෙළ සුදුසුකම නැති කට්ටිය . හිතවතුන්ගේ දරුවෝ. අන්න ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල වල වැඩ කරන සමහරුන්ගේ වැඩ ගැන එහෙ ඉන්න මිනිස්සු දෙකොනින් හිනා වෙනවා. බුද්ධිමත්ව විදේශ ප්‍රතිපත්තියේ කටයුතු කලේ හිනෙන්ද කියල මම ඔබතුමාගෙන් අහන්න කැමතියි (නදී)
මහානාම මම හිතන්නේ දැන් ඔබගේ සීමාව ඔබ හොඳටම ඉක්මවා ගිහින්. ඔබ කියන්නේ මෙතැන ලියන්න ඕන ලංකාවේ ජීවත් වෙන සිංහල පුරවැසියන්ට විතරයි කියලාද ? යන්න ගිහින් ඔබේ අදහස් වලට වෙනම පාඨක තීරයක් ඉල්ලා ගෙන ඔබේ එහෙයියන් ලවා එතන ලියවා ගන්න. (නදී)
මහානාම ඕනෑම අදහසක් ලිව්වට අපිට කමක් නැහැ. නමුත් වියත් සභාවේ අනුන්ගේ ජාතිය ජන්මය ගැන අභියෝග කරන එක නම් ඉතාම කැතයි. මට පේන්නේ මහානාමට මොකක්හරි රටකින් වීසා ප්‍රතික්ෂේප වෙලා දැන් අර පිටරට ඉන්න ලාංකිකයන්ට අනම් මනම් කියන පහත් තත්ත්වයට ඔහුත් වැටිලා . දැන් මගේ නමටත් බනිවි සිංහලද අහලා. හැබැයි මේක මගේ අන්වර්ථ නාමය මහානාම. ඇත්ත නම පුළුවන් නම් සොයාගන්න. ඔබතුමා ආයෙත් කාටවත් නම ජාතිය ගැන ප්‍රශ්න කරන එකක් නැහැ. (නි)
මේ කතාවට නම් මට එකඟවෙන්න බැහැ (නි)
මමත් එකඟයි. මහානාමට ඕනෑ ඕනෑ විදියට අපි මෙතන ලියන්නෙත් නැහැ. අපේ නම් ගම් හෙළිකරන්න අපි මෙතන බැඳිලාත් නැහැ. මේක මාර වැඩක්නේ. (නි)
මහානාම කඳාන හිතාගෙන ඉන්නේ එයා කපිලවස්තුපුර මහානාම ශාක්‍යයා කියලා. ඒ නිසා යන යන තැන මිනිසුන්ගේ ජාති කුලගොත් විමසනවා. අපේ පාඨකයන් එමනිසා ඒ හැටි ඒක ගණන් ගන්න එපා. (නි)
ඒකනම් ඇත්ත. මහානාමගේ ව්‍යාපාර කාර්යාලයේ වැසිකිළිය හදපු මේසන් බාස්ගෙනුත් ප්‍රශ්න කරන්න ඇති සිංහලද කියලා. (නි)
හරි ඉතින් මහානාම කියන්නේ තමන්ගේ නමේ හැටියටම, අනෙක් අයගේ නාම වල අලගිය මුලගිය තැන විමසනවා. (නි)
මහානාම තවම තේරුම් අරන් නැහැ මෙතැන් ලියවෙන අදහස මිසක් නමෙන් ඇති වැඩක් නැහැ කියලා. ලජ්ජා නැතුව ගැහැණු නම් වලින් ලියන පිරිමිත් ඉන්න මේ සභාවේ අනෙක් මිනිසුන්ගේ මෙතන ලියන අනවර්ථ හෝ ඇත්ත නම,හරියටම සිංහලද කියලා අහන බක පණ්ඩිතයෙකුත් මෙතනට පහළ වුණානේ! (නි)
මෙතන බවලතෙක් මොනවාහරි ලියපු ගමන් බයවෙලා දඟලන කුලප්පුකාරයන් දෙන්නෙක් මුළු සංවාදයම කෑවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. (නි)
ඕගොල්ලන්ම නේද ඔය වැඩේට පාර කපලා දුන්නේ? දැන් නින්දෙන් ඇහැරිලා වගේ වැදී බන කියන ව ... අයෙ අපි වදුරන් ගෙන් බන අහල අභයාරමෙට ගල් ගහන්නේ නෑ.... (ස)
ඔයගොල්ලොන්ගෙෙ රනිල් රවි මංගල ගෙ යුන්පි එක ගෙනවෙ යහපාලනයට මුවාවෙල ජනතාවට බෙගල් කියල, දන්නැති වෙන්ඩ බෑනෙ, 2001-2004 මෙගොල්ලො මේවගේම රට පාවල දුන්නනෙ. දැන් කෝ කුඩු මාෂියාව රන් කරපු අය, කෝ ලැම්බොගිනි, කොළඹ කොහොමද ලෝකෙ වේගවත්ම සංවර්ධන වෙන නගරය වුනේ බිලියන් ගනන් ගැහුවනම්, දැන් යූඑන්පී විරෝධී වෙනව එන ඡන්දෙදි. මහින්දගෙ ඡන්ද කඩන්න. මේ පාරනම් ජනතාව අහුවෙන එකක් නෑ. (ස)
මමත් 2001 විතර NGO නඩ කොළඹ වටරවුම් වල "යාපනයේ සිරවී සිටින 40000 හමුදා සෙබළු බේරාගනිමු" කියා ලියා බැනර් එල්ලා තිබෙනු දැක කම්පාවී සිහල උරුමයට ගොඩ උනා, කෝ එයාල එකාට එකා නැහැ. සමහරු දැන් සිරිකොතේ... (ස)
වැඩි මහජන ඡන්දෙන් බලයට එන්න දක්ෂ වුණ නඩයට රටට ඕනෑදෙයක් කරන්න ඉඩදීලා කටවල් වහගත්තා නම් හොඳයි (නි)
කාගේ කාගේත් ළඟ තිබෙන සල්ලි වලින් මේ රට සංවර්ධනය කරන්න ඕනෑ නැහැ. කලින් ආණ්ඩු සංවර්ධනය ගෙනගිය විදිහට කරන්න. මොනවා කළත් ණය ගැනීම තමයි අන්තිමට වෙන්නේ. අපිට විශ්වාස කරන්න අමාරුයි සිංහල ජනතාවට මෙම සල්ලි වලින් අඩුම තරමේ රැකියා ලැබෙයි කියලා. සිංහල මිනිස්සු අනෙක් ජාතීන් ගැන හිතුවට සිංහල මිනිස්සු ගැන බලන්න ඉන්න අය අඩුයි. (නි)
.ඉස්සරහට ආපු රට පස්සට හරවා අවසානයි.අපි මේ බව දැන ගත්තේ ජනවාරි 8 ට කලින්. මෙයාල මහජනතාව රැවට්ටුවා (බ)
මෙවැනි දේවල් ගැන කලින්ම අපිට හදුනා ගැනීමට හැකි වුන නිසා අපි කිවේ ,රට විනාශ වෙන වැඩ පිළිවෙලට ඉඩ දෙන්න එපා කියල.හෙළ උරුමය කළේ රටට විනයක් මිස සෙතක් නොවේ. මම ජිවත්වන රටේ එල්ටිටිඊ කොටි ත්‍රස්තයෝ ගොඩක් ඉන්නවා.ඔවුන් තාමත් එම අදහස ඉවත් කරලා නැහැ. මහින්ද පැරදුන දවස සැණකෙලි තිබුනේ මෙහෙයි උජාරුවට (බ)
තවමත් ද්‍රවිඩ ඊලාම් කොටි සංවිධානය රටවල් 32 මගින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට ඇත. මිට, එක්සත් ජනපදය, ඉන්දියාව, එක්සත් රාජධානිය, යුරෝපා හවුල සහ කැනඩාවද ඇතුලත් වේ. එම නිසා වසර 30ක් යුද්ධ කොට ත්‍රස්තවාදී සංවිධානයට කිරීමට බැරි වූ දෙය ඇමෙරිකානු පුරවැසි බව ලබා ගත් ශ්‍රී ලාංකිකයකු නොවන පුද්ගලයකුට කොහෙත්ම සිදු කළ නොහැක. කොටින්ම කියතොත් මෙතෙක් ලොව පහළ වුනු බිහිසුණුම ත්‍රස්තවාදියා ලෙස පිළිගැනෙන ප්‍රභාකරන්ට කරන්න බැරි වුනු දේ රුද්‍රකුමාරන්ට කළ නොහැක. ශ්‍රී ලංකාව ස්වෛරී රටකි. එහි ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට අභියෝග කිරීමට වෙන කිසිදු රටකට හෝ එම රටවල වෙසෙන ශ්‍රී ලංකික සම්භවයක් ඇති පුද්ගලයින් විසින් සාදාගත් සමහර මනකල්පිත සංවිධාන වලට කොහෙත්ම ඉඩක් නැත. (බ)
"කතාව දෝලාවෙන් ගමන පයින්" ඔයගොල්ලෝ බොරු කාරයෝ.. අපි රැවටෙන්නේ නැහැ ඕවට. (බ)
පණ්ඩුක මහතා රට වෙනුවෙන් කතා කිරීමට සීමාවක් නැත , මගේ අදහස් ඔබතුමාට නොගැලපේ නම් ම ඒ ගැන කනගාටු වෙන්වවා ඇරෙන්න මට කියන්න හෝ කරන්න දෙයක් නැහැ (ම).
මැඩම් ජෙනි මෙතන මගේ පෞද්ගලික දේවල් ලිවිය යුතු නැති නිසා මා ඔබතුමිය ගේ රට වල් වලින් වීසා ප්‍රතික්ෂේප වීම ගැන ලියන්නේ නැහැ , මේ රට ගමන් කරන දිශානතිය තේරුම ගන්න බලන්න එතකොට මහානාම කියන ඒවා තේරේවි , මොකද මෙතන එජාප - ශ්‍රී ලනිප ප්‍රශ්නයක් නැත , මහින්ද - මෛත්‍රී ප්‍රශ්නයක් වත් නැහැ , මෙතන ඇත්තේ රට හා බෙදුම්වාදී ඩයස්පෝරාව පිළිබද ප්‍රශ්නයකි , ඉතින් ඔබලා එජාප නම් ජවිපෙ නම් රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි නේද මෙතැන පක්ෂ බේදයක් නැහැනේ (බ)
කනිෂ්ක මහතා මට මෙතන අදහස් දාන අයගේ වතගොත අවශ්‍ය නැහැ , මොකද මමත් මේ ඔබ වගේ සාමාන්‍ය අදහස් දාන්නෙක් , මම ලියා තියෙන්නේ ඩයස්පෝරාව හා රට ගැන මිස එජාප ශ්‍රී ලනිපේ ගැන නොවේ , කරුණාකර ලියලා තියෙන දේ කියා තේරුම් ගෙන විවේචනය කරන්න , රට වෙනුවෙන් කතා කරන උදවිය මොන නම වලින් පෙනී සිටියත් ශ්‍රී ලාංකිකයෝ වෙන්න බැහැ ඔබ තුමා ට නො තේරුනාට (බ)
ඕගොල්ලන්ම නේද ඔය වැඩේට පාර කපලා දුන්නේ? දැන් ඕගොල්ලන්ගේ හත්පොලේ ගෑවුන දේවල් අපෙත් ගාලා ඉවරවෙන තැනට වැඩේ කරලා බොරුවට කෑගහනවා.(නදී)
බවලතෙක් වුනත් වැරදි දෙයක් නම් කියන්නේ ඒ වරද තම මහානාම මහතා පෙන්වල තියෙන්නේ. ඒ පෙන්වා තිබීම වැරදිනම් කරුණු ඉදිරිපත් කරන්න.(හේ)
හෙල උරුමේ මෝඩ විදිහට ආයෙත් ජාතිවාදය අවුස්සන්න යනවා. තියෙන ඇති ඩයස්පෝරා සැනකෙලියක් නෑ, කරන්න හදන්නේ රටින් පිටවෙලා ඉන්න උගත්, බුද්ධිමත්, ධනවත් දමිල වැසියන් ගෙනල්ලා රටට දියුනු කරන්න ඒ අයගෙත් උදවු ගන්න කරන උත්සහායක් මේක. අවුරුදු 9 ජාතිවාදය අවුස්සපු අයට දැන් සටන් පාඨ නැතිවෙලා. (නදී)
මිස්ටර් ලලිත් බවලතෙක් හෝ බවලත්තු නමින් කතා කරන කවුරු උනත් රට ට ද්‍රෝහී ලෙස කතා කරනවා නම් වැරදියි කියලා කියන්න කොන්දක් අපිට තියෙනවා , රට වෙනුවෙන් කතා කරීම වරදක්ද? මට කවුරු හරි ප්‍රතිචාර දැම්මොත් , එයාට කරන ගරු කිරීමක් වශයෙන් මම අනිවාර්යෙන්ම පිළිතුරු දෙනවා මේ මාතෘකාවේ බරින් නම් එලඟ එකේදී හරි, දැන් ඔබතුමාත් එන්නේ ඩයස්පෝරාව හරියි කියලා අපි වැරදියි කියන්න ද ? (ර)
අනෝමා නෝනා මගේ අදහසට ඔබතුමි අකමැති නම් නොබලා ඉන්න , නෝනා කියන්නේ මටත් මේ වගේ රට පාවලා දෙන වැඩ වෙනුවෙන් ලියන්න කියන්න කියලාද ? සමාවෙන්න නෝනා , කවදාවත් මේ මම එහෙම ලියන්නේ නැහැ කොයි ආණ්ඩුව ආවත් , මොකද අපි භීෂණය කාලේ ඉදන් හිටපු මිනිස්සු සහ කතා කරපු උදවිය . (ස)
මහත්තයෝ ඩයස්පෝරාව කියන්නේ වැරදි වචනයක් නෙමේ... ශ්‍රී ලංකාවෙන් පිටවෙලා ඉන්න සිංහල, දෙමල සියලු ශ්‍රීලාංකිකයො 'ඩයස්පෝරාවක්' තමා.. ඇමරිකාවේ ඉන්න සිංහල අපිත් ඩයස්පෝරාවට අයත්.. ඔබලා 'ඩයස්පෝරාව කියන්නේ කොටිය' කියලා බොරු මතයක් ප්‍රචාරය කරන්න එපා... ඩයස්පෝරා ශ්‍රී ලාංකිකයොත් අපී රටේ මිනිස්සු.. ඒ අය ගෙනල්ලා සංහිදියාව ඇතිවෙන විදිහට ප්‍රසංගයක් කිරීම වැරදිද... අපි හැමදාම ඩයස්පෝරාවේ ඉන්න දමිලයින්ට කොටි විදිහට හංවඩු ගහල තියාගන්න ඔනෑද? අවුරුදු 9 රාජපක්ෂලා එක්ක හෙල උරුමය ජාතිවාදය ඇවිස්සූ හැටි අපි දැක්කා..(නදී)
අපි ගිනිපොල්ලෙන් බැට කාලා නිසා කනාමැදිරියටත් බයයි (නදී)
මහානාම මම මෙතන ඔබතුමා ට විරුද්ධ දේශපාලන අදහසක් දරන හැමෝටම ඔබ ඔය රට පාවා දෙන ලේබලය අලවනවා. නිකම් නෙවෙයි කොටියන්ට ඇමති කම දුන්න අයටත් හෝයියා කියන ගමන්. එම නිසා හරියට කරුණු නොදැන මෙතන මුළු ලංකාවටම ඉන්න එකම භුමි පුත්‍රයා ඔබ විතරයි වගේ කතා කරන්න එපා. (ම)
යුරෝපයේ අවුරුදු ගනනක් හිටපු කෙනෙක් විදිහට මම දන්නවා යුරෝපයේ ඉන්න බහුතර ශ්‍රී ලාංකික දමිලයින් බෙදුම්වාදීන් නොවන විත්තිය.. නමුත් ඒ අයටත් තමුන්ගේ ගම්බිම් අතෑරල එන්න වුනේ යුද්ධය නිසා.. ඩයස්පෝරාවේ උගතුන්, වියතුන්, ධනවත් ව්‍යාපාරිකයින්, දියුනු රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇත්තන් ඇති තරම් ඉන්නවා...ඔවුන්ව ලංකාවට ගෙන්වා, උත්සවයක් පැවැත්වීමේ වරදක් නෑ....එතකොට තමා ඔවුන් ලංකාවේ රජය විෂ්වාස කරන්න පටන් ගන්නේ.. ලංකාවේ අයෝජනය කරන්නේ..එහෙම නොකර හැමදාම 'ඩයස්පෝරා බිල්ලෙක්' මවා පෙන්වීම මෝඩ වැඩක්...(බ)
ඇයි ඒ මිනිස්සු ලංකාවට ගෙන්වීමේ වරද මොකක්ද? ඔවුන් බෙදුම්වාදය අවුස්සනවානම් ඒක නවත්වන්න නීති තියෙනවා... අනෙක ඩයස්පෝරාවේ බහුතරය කොටි නෙමේ... සාමාන්‍ය දෙමල මිනිස්සු...(බ)
මහානාම කියන කෙනා සිතන්නේ මේ රට වෙනුවෙන් කතා කරන්නේ ඔයා විතරද? (ම)
මේ ඔක්කොම එජාපෙ හරි මහින්ද වැරදියි කියලා ඩයස්පොරවත් නිදොස් කොට නිදහස් කළා නම් මොන බවලත් කෙනාටත් ප්‍රශ්නයක් නැහැ .අපෝ මෙහෙමත් ජාතියක් .(හේ)
මේ උත්සවය කියන එකට මොනවගේ උදවිය එනවද කියල කව්ද දන්නේ. රට බෙදන්න බලාගෙන ඉන්න අයට මේවට සහබාගි වෙලා රටට ලොකු විනාසයක් කරන්න පුළුවන්. (නදී)
රට, පැත්තක තියමු.අපි හැම කෙනාම ඉපදුන ලක් මෑණියන්ට ආදරයි.ප්‍රශ්නය වේලා තියෙන්නේ "ඩයස්පෝරාව"කියන ගෝනි බිල්ලෙක් අල්ලාගෙන දෙන්නෙක් මෙතන තප්පුලන එකයි.(හේ)
මෝඩ කතා කියන්නේ නැතුව ශබ්දකෝෂයක් බලන්න. (බ)
නියමයි. බෙදුම්වාදී ඊලාම් දෙමළ සංසදය අපේ රටේ තහනම් කරපු සංවිධානයක්. ඒ බව කාටත් අමතක වෙන්න විදිහක් නැහැ. ඒ පිළිවෙතම ලෝකයේ අනෙක් බොහෝ රටවල්ද අනුගමනය කළා. විශේෂයෙන්ම අපේ අසල්වැසි රට ඉන්දියාව දෙමළ ඊලාම් සංසදය සමග කොටි සංවිධානය තහනම් කළා. කොටි නායකයාගේ පිළිරුවක් හදා හිටවන්නට උත්සාහ කළ පිරිස අත්අඩංගුවට ගත්තා. අපි දන්නවා අද උතුරේ කොටි හිතවාදී පළාත් සභාවේ මහා ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ඒ වගේම ටි එන ඒ එකේ අය දෙමළ ඩයස්පෝරාව සමග ඇති කරගෙන ඇති සම්බන්ධය. ඒ වගේම දෙමළ සංසදය විසින් අපේ රටින් බාහිරව එල් ටි ටි ඊ පාර්ලිමේන්තුවක් හදාගෙන එමගින් උතුරට නියෝග දෙමින් ඊලාමයක් පිහිටුවීමේ වැඩ සටහනක යෙදෙනවා. මාද්‍ය ආණ්ඩුව මෙන්ම අධිකරණය දෙන නියෝග තඹේකට ගණන් ගන්නේ නැහැ. ඒ සම්බන්ධව රජය කිසිම පියවරක් ගන්නේ නැහැ. ආන්දුකාරයාත් දොයි. හංසයා මැතිවරණයට එද්දී ගහපු ගිවිසුම්වල රහස් මේ සැනකෙලියත් එක්කම රටට එළිදරව් වෙනවා. මෙවැනි දේ සිදුවන බව හිටපු ජනාධිපතිගේ වේදිකාවේදී නිතර කියඋනා. එත් කවුරුත් ඒවා ගණන් ගත්තේ නැහැ. රටින් බාගයක් හෙවුවේ වෙනසකුයි. මොකද්ද වෙච්ච වෙනස.? ඇත්කරපු කොටි වෙස් නැටුමකට අන්දවා මේ රටට ගෙන ඒමද.? එයින් අපේ රටේ ඒකීයභාවයට තර්ජනයක් ඇති කිරීමද.? (බ)
කනිෂ්ක කියු දේට මට හිනාව නවත්වා ගන්න බැහැ. " ඔබ ශාක්‍ය වන්ශිකයෙක්ද " කතාව නියමෙටම ගැලපෙනවා. (ස)
සැබැවින්ම මේ ඩයස්‌පෝරාව කියන්නේ කුමක්‌ද? ඇතැම් අය මේ සඳහා දෙන අර්ථකථනය තමයි කිසියම් රටක ජනතාවක් වෙනත් රටකට සංක්‍රමණය වී පදිංචිවී ඇති නම් එය ඩයස්‌පෝරාව යන්න. එහෙත් එය මිථ්‍යාවකි. ඩයස්‌පෝරාව පිළිබඳ ඉතිහාසය මීට වසර 2000 ක් පමණ ඈතට දිව යන්නකි. මීට වසර 2000 කට පමණ කලින් යුදෙව්වන් ලොව පුරා විසිරී සිටියේය. මේ යුදෙව්වන් ඊශ්‍රායලය දෙවියන්ගේ දේශය ලෙස ස්‌වෛරී රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු යෑයි ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම සඳහා ඔවුන් දියත් කළ ජාත්‍යන්තර ව්‍යාපාරයට යොදා ගත් නම ඩයස්‌පෝරාව යන්නය. දකුණු ඉන්දියාවේ අන්ද්‍රා, තමිල්නාඩු, කේරල හා කර්ණාටක යන ප්‍රදේශ හා ශ්‍රී ලංකාවෙන් අඩක්‌ද ද්‍රවිඩ දේශ නමින් රාජ්‍යයක් පිහිටුවිය යුතු බව පෙරියාස් රාමසාමී නමැති අන්තවාදියා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඉන්දියාවට නිදහස ලැබෙන්නට පෙර ඉදිරිපත් වූ මෙම යෝජනාවට යම් තරමක හෝ සහයක් ලැබුණේ තමිල්නාඩුවෙන් පමණි. මේ අතර 50 දශකයේ ආරම්භයේදී පමණ නාන් තමිල්ආල් (අපි දෙමළ) නමින් තමිල්නාඩුවේ ජනතා ව්‍යාපාරයක් ඇරඹුණි. එම ව්‍යාපාරයේ අරමුණ වූයේ ලෝකයේ කොතැනක හෝ දෙමළ රාජ්‍යයක් බිහි කළ යුතු බවය. එදා ඔවුන්ගේ සටන් පාඨය වූයේ "දෙමළ අපි රටක් නැති ජාතියක්" කියාය. මේ ව්‍යාපාරයද ව්‍යංගයෙන් නොකියා කීවේ ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙනම රාජ්‍යයක් විය යුතු බවය. යුදෙව් ඩයස්‌පෝරාවට පසු ලෝකයේ බිහිවූ එකම ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා දමිළ ඩයස්‌පෝරාව පමණි. එහි වත්මන් ක්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ අරමුණු අවතක්‌සේරු කරමින් ජාත්‍යන්තරයට අපේ හොඳ හිත පෙන්නන්නට ඔවුන් විශ්වාස කරමින් කටයුතු කිරීම රටේ අනාගතයට නම් එතරම් සතුටුදායක නොවනු ඇත.(ම)
ඔය ඩයස්පෝරාව කියන ඊළම් වාදීන්ගේ සමුළුව තමයි දකුණු ඉන්දියාවේ අවුරුද්දක් පාසා තියන්නේ.ඕකට එන්නේ කොටි බුරුතු පිටින්.දැන් අලුත් නමක් දාල ලංකාවට ගෙන්න ගන්න හදන්නේ. (බ)
අපොයි මේකටත් රිංගල වගේ මංගල සමරවීරගේ දවසට රුපියල් 1200 ට කඩේ යන කට්ටිය (බ)
මහානාම මහත්තයෝ ..පිවිතුරු යහපාලට කුස්සියට එන්න කියපු අනෝමා නංගිට කුස්සියේ ශිල්ප මිසක් යුධ ශිල්ප ගැන කිව්වට තේරෙන්නේ නැහැ.. ඒ හින්ද යුද්ධයකදී සතුරන් කොටවල සතුරන් මිතුරන් කරගෙන ඔවුන්ගෙන් ප්‍රයෝජන අරගෙන කොටින්ව විනාශ කරලා පරසක්වල ගහපු පුද්ගලයා එයාට ගැටළුවක්. කොටි එක්ක ගිවිසුම් ගහල ජාතියේ ආත්ම ගරුත්වයත් එක්ක රටම පාවල දුන්න එවුන්ට වඩා...අපි රට බේර ගත්ත මනුස්සයට හෝයිය කියන්නේ නැතුව අර තොප්පිගල කැලෑවක් කියපු ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පාමංකඩ අලිමංකඩ පටල ගත්ත අයට හෝයිය කියන්න වෙන්න ඇති අනෝමා නංගි කියන්නේ..අනේ එයයි අපියි දන්නා යුද්දෙයි...දේශපාලනෙයි.. කුස්සියේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව මෙතන ඇවිත් සවුත්තු වෙනවා. (ස)
ප්‍රශ්නය තියෙන්නේ ඔතන නෙමේ. ඇමෙරිකානු ආරක්ෂක විල්ශ්ලේෂක වාර්තාවකින් පවසා තිබෙනවා LTTE සංවිධානයට 2015 වර්ෂයේ විශාල මුදල් ප්‍රමාණයක් එකතුවී ඇතිබව. ඔවුන් යුදමය අතින් පරාජය වුවද දැන් මුදල් ,ආයුධ අතින් සන්නද්ධ වෙලා තියෙන්නේ. දැන් අවශ්‍ය වී ඇත්තේ පිරිස් බලය වැඩි කිරීම හා ආයුධ පුහුණුව ලබාදීම පමණි. මේ දිනවල ආණ්ඩුවට බලපෑම් කරමින් ප්‍රබල LTTE ක්‍රියාකාරීන් 300 දෙනෙකු පමණ නිදහස් කරගැනීමට දමිල ඇමතිනියක් උත්සහ දරමින් සිටි.දැන් අවශ්‍යව ඇත්තේ උතුරේ සාමාජිකයන් අතර සම්බන්දිකරණය ඇති කිරීම පමණි. උතුරේ හමුදා කදවුරු මේ වනවිට විශාල වශයෙන් ඉවත් කර ඇති නිසා ඔවුන්ට එය පහසු වී ඇත. දෙමල ඩයස්පෝරාවේ සිටින LTTE ක්‍රියාකාරීන් මෙරටට ගෙන්වා ආණ්ඩුව සිදුකරනු ලබන්නේ LTTE එකට මෙරටේ නැවතත් නැගී සිටීමට ඔක්සිජන් ලබාදීමද? ආණ්ඩුවේ පැත්තෙන් බලන කල මානව හිමිකම් පිලිබදව අන්තර්ජාතිකව විශාල පීඩනයක් එල්ලවෙමින් පවතී. ජාත්‍යන්තරය සැනසීමට ආණ්ඩුව විසින් ඩයස්පෝරාවට මිත්‍රත්වයේ අත දිගුකොට ඇත. කිසියම් කෙනෙකු පවසනවානම් මහින්ද ආණ්ඩුව LTTE එක පරාජය කලා කියා , එක මිථ්‍යාවකි . එහිදී සිදුවුවේ පිළිකා ආසාධිත පුද්ගලයෙකුගේ සිරුරින් පිටතට පැමිණි පිළිකා ආසාධිත කොටස් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමක් වැනි දෙයකි. පිළිකාව හොඳවී නොමැත. කිසියම් මොහොතක නැවත පිළිකා ආසාධිත කොටස් මතුවීම පුළුවන. (ස)
මේවා මෙහෙම වෙන්නම ඕන. වෙනසක්නේ ඉල්ලුවේ. කන්න නේ ඉල්ලුවේ. දුෂනේ නැති කරන්න නේ ඉල්ලුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ.? දින 100 යන්නත් කලින්ම රටේ සල්ලි වලට කෙලියා. ඒවා දන්නවනේ නේද.? වෙනස දැන් පෙනෙනවා නේද.? රටේ ඡන්දදායකයින්ගෙන් බාගයයි හංසයාට කතිරේ ගැහුවේ. හරි අඩකගේ හඬ නොතකා අත්තනෝමතික විදිහට ක්‍රියා කිරීම "මේ වගේ වෙනසක්" නො ඉල්ලු ජනතාවට කරන අසාධාරණයක්. (බ)
අනේ අපොයි.(ම)
ගෞරවාර්ය අතුරලියේ රතන ස්ථවිරයන් වහන්සේ කෝ? ඒ දෙන්නා මේවාට එන්නේ නැත්තේ ඇයි? දෙවැනි සහ තුන්වැනි පෙළේ භටයෝ එවලා තියෙන්නේ මොකද.? (බ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබදව කවුසිලය මිලියන 432 ක් ( ඩොලර් මිලයන 3.2 ක් ) බෙදුම්වාදීන් ට උත්සවය ගන්න දීල , මේවා 2001 - 2004 කාලේ තිබිලා බොහොම අමාරුවෙන් නවත්වා ගත්තා අපේ වීර හමුදාවන් , දැන් ආයේ ඒවා පටන් ගත්තාම කොයි ආණ්ඩුව ආවත් නවතා ගන්න බෑ ජාත්‍යන්තරයෙන් දොස් එනවා . මේවට පක්ෂ ව අදහස් දාන උදවිය නම් බෙදුම් වාදී ඩයස්පෝරාවේ උදවියම තමා කොයි රටේ ඉදන් මොන තරම් ලස්සන සිංහල නම් වලින් අදහස් දැම්මත් , මොකද මෙතැන එජාප - ශ්‍රී ලනිප කතාවක් හෝ මහින්ද මෛත්‍රී කතාවක් නැති නිසා . වැදගත් තව කරුණක් වන්නේ දැනට ආරංචි වෙන විදිහට සරත් පොන්සේකා මහතා පළමු යුද අපරාදකාරයන් පස් දෙනා අතර ඉන්නේ ? එතකොට මේ උදවිය කියාවිද කමක් ඔව් ඔවේ සරත් පොන්සේකා ත් යුද අපරාද කාරයෙක් කියලා , බලමු බලමු ජන 8 පටන් ගත්තා විතරයි , (බ)
මුලින්ම බයිබලය "ඩයස්පෝරාව" යන වචනය යොදල තියෙන්නේ, "තමන්ගේ අකමැත්තෙන් තමන් ඉපදිලා ජීවත් වූ භූමියෙන් ඉවත් කර පිටස්තර භූමියක රැඳී ඉන්න එහෙත් අවන්කවම යලි තමන්ගේ භූමියට එන්න ආසාවෙන් සිටින යම් ජන කණ්ඩායමක්" හැඳින්වීමටයි. පසු කාලීනව විවිධ සමාජ බලවේග වෙනත් වවිධ අරුත් වලින් ඩයස්පෝරා සංවිධාන ඇතිකරගෙන තියෙනවා. තම කැමැත්තෙන් විදේශගත වූ බොහෝ අවස්ථා වාදීන්ද මේ අතර ඉන්නවා. මේ නිසා "ශුද්ධ වූ ඩයස්පෝරා සැණකෙළියක්" කරනවිට එය කල යුත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින්. ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියන්නේ " බෙදුම්වාදී දෙමළ සංවිධානයක්ම" නොවනබව සහතික කරවන්න විදෙස්ගත සියලු ලාංකිකයන් උත්සහා දරන්න ඕනි. විදේශ කටයුතු අමාත්‍යංශහි ගැටලුවට අදාල මුලික වගකීම වන්නේත් එය. (ර)
රුවන් පෙරේරා. ඔබේ දීර්ඝ පැහැදිලි කිරීම තුළින් මා ගත්තේ අවසාන වැකිය පමණි. විදේශ ඇමතිගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති කිසිම හා හුවක් නැතිවීමත් ඒකීය භාවය රැකගන්නවායයි කීමත් දෙබිඩි කතාවක් බව ජනතා අදහසයි. (ර)
තිලක් නිව්යෝක් , සමන් මහත්වරු ඔබතුමන් ලා මොන රටේ ඉදන් මොන නමින් අදහස් නම් දැම්මත් , ශ්‍රී ලාංකික සිංහල නම් වෙන්න බැහැ , කමක් නැහැ ශ්‍රී ලංකාව කියන්නේ අපි ඔක්කොමගේ රට , ඒ වගේම ඕනෙම කෙනෙකුට ඕනෙම අදහසක දාන්න මෙතැන් අවසර තියෙනවා . ඩයස්පෝරාව කියන වචනයේ තේරුම ගැන නොවේ ප්‍රශ්නය , ඒ සංවිධානය මොනවද කළේ , මොනවද කරන්නේ , මොකක්ද එයාලගේ බලාපොරොත්තුව කියලා , ඔයාලා එජාපෙ වෙන්නත් බැහැ ජවිපෙ වෙන්නත් බැහැ, කමක් නෑ රටට විරුද්ධව නම් අදහස් දාන්න එපා මේ විද්වත් සංවාදයේ මහින්ද ට හෝ පසුගිය ආණ්ඩුවට විරුද්දව කතා කළාට කමක් නැහැ .(බ)
තිලක් නිව්යෝක් , සමන් මහතාණනි , මම ඇමෙරිකාවේ චතුරි නෝනා ගෙන් හා , ඩුබායි තිලක් හා ලොස් ඇන්ජලිස් චානක යන මහත්වරුන් ගෙන් බොහොම වැදගත් ලෙස ඇහුවා ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් කියන එකේ තේරුම මොකද්ද , කොහෙද එ්ක තියෙන්නේ , කවුද එ්කේ ඉන්නේ , මොනවද එයා ලා දැනට කරන්නේ ? මොනවාද කරන්න බලාපොරෝත්තුව කියලා . කරුණාකර ඩික්ෂනරි එකෙන් බලලා කියන්න සමන් මහත්තයෝ . (බ)
කැලේ ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන කැගහන්න එපා මහත්තයෝ . අපි කලින්ම ඔය තත්වය දැනගෙන හිටියා. (බ)
පළමුවෙන්ම, කියන්න ඕනේ මා ගැහැණු නමින් ලියන පිරිමියෙක් නොව නියම රටට ආදරය කරන කාන්තාවක් බව. මහානාම මහත්මයා හැම කෙනාටම එලව එලවා පිළිතුරු දෙනවිට හිතෙනවා මොහු ඇත්තටම ව්‍යාපාරිකයෙක්ද කියලා. මගේ මහත්මයාත් රටට ආදරය කරන වියාපාරිකයෙක් (ර)
ඔච්චර වැල් වටාරම් හොයන්න කොහේ තියන කාලයක්ද?ඔයාම ඩික්ෂනරි එකෙන් බලාලා කියන්න,මහානාම-කඳන මහත්තයෝ. (බ)
අපිට ඕනෑ මෙතන හරවත් සංවාදයක් මිසක් මහානාමගේ සහ යහපාලගේ බක පණ්ඩිතකම් බලාගන්න නෙමෙයි. අපි මෙතන ලියන්නෙත් ඉඳහිට. එදාටත් මෙතන මේගොල්ලන්ගේ ලොකුකතා. (නි)
කාටද සුබා නෝනා මම එලව එළවා පහර දුන්නේ. මට ප්‍රතිචාර දැක්වූ අයට පිළිතුරු දුන්න පමණි. මට ලියන හැම කෙනාටම මම ගරු කරන අතර ප්‍රතිචාර දක්වමි. එපමණයි පහර ගහන්නේ නැහැ. (ර)
ඩයස්පෝරාවෙන් අති බහුතරය ඊලාම් දෙමලුන් කියා හිතාන ඉන්නා අදබාලයන් එක්ක මොන කථාද... දැන් ඔය 'ට්‍රාස්නැෂනල් ගවන්මන්ට්' එක ලංකාවට ගෙන්නනවා කියල කිව්වෙ කවුද ? (බ)
පක්ෂව විපක්ෂව විවේචනය කළ සියලු දෙනාට තුති! අදහස් පළකළ ලංකාදීපේ කතෘතුමාටත් බොහොම තුති! නැවත ඊළඟ මාතෘකාවේදී හමුවෙමු. (නි)
පින්සිරි මහත්තයා අපට සහ අපේ රටට හොඳ සංහිඳියාවක් ගෙනෙන්න හදනවා. ලෝකයේ කිසිම තැනක ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධයකින් ජයගත් රටකට බාහිර බලපෑම් කරන්නට ඇමෙරිකාව හැර අන් කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. පරාද වෙච්ච රටවලට නොයෙකුත් රටවල් උදවු කරනවා. එත් ඇමෙරිකාව කරන්නේ ඒ පරාජය දඩමීමා කරගෙන තමන්හේ යටත් රටක් බවට පත්කර ගැනීමයි. අපේ රට ජයගත් රටක්. අපේ රට ලෝකයේ පළමු වරට ත්‍රස්තවාදීන් පරාජය කරපු රටයි. අපේ රටට කිසිම රටකට බලපෑම් ඇති කරන්නට බැහැ. කලින් හිටපු අපේ රජය ඒවාට ඉඩ දුන්නෙත් නැහැ. ඇමෙරිකාව එංගලන්තය වැනි රටවල් කොතරම් වලිකෑවත් ඒවාට ඉඩ සැලස්වුවේ නැහැ. රජය පාරවල් වැහුවා. අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබුණා. අපේ විදේශ අමාත්‍යාංශය හොඳ අවබෝධයකින් බුද්ධිමත්ව කටයුතු කළා. ජනවාරි 9 වැනිදා සිට පිණට ඇමතිකම ගත් පින්සිරි මහතා අපේ විදේශ ප්‍රතිපත්තිය ඇමෙරිකාවට සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට ඕන ලෙසට සකස් කරගෙන යන බව පෙනෙන්නේ මේ කරන්නට යන වැඩ දිහා බලනකොටයි. (බ)
සුබා, කෙනෙකු ක්‍රියාශීලි ව්‍යාපාරිකයෙක් මෙන්ම ක්‍රියාශීලි දර්ශන වාදියෙක් වෙන්නත් තවත් කෙනෙක් සල්ලිම හොයන්න්න දඟලන මෙලෝ රහක් නැති ඔතැනි ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. කොකිස් බැදලා විකුණුවත් රැකියාව ව්‍යාපාරිකනේ. (ර)
මහානාමට මුලග්ගාය හැදිලාද? මෙතන මිනිස්සු කතාකරන්නේ ඩයස්පෝරාවක් ගැන නෙමෙයි. මේක තමන්ගේ පාඨක පිටුව කියලා හිතලා අනෙක් මිනිසුන් හැමෝගෙම කට වහන්න හදන මෝඩයෝ දෙන්නෙක් ගැන. (නි)