මෙම වසර අවසානයේ දී මෙරට පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළියට සහභාගි විය හැක්කේ එක්සත් ශ්‍රි ලංකාවකට ප්‍රිය කරන්නන්ට මිස බෙදුම්වාදීන් කිසිවෙකුටත් මීට සහභාගි වීමට ඉඩ නොදෙන බව ද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා රජයේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවක දී පැවසීය.
ඩයස්පෝරාව සමඟ සාකච්ජා ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බව කී අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමෙන් ආරම්භ වු එම සාකච්ඡාවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වු බව ද සඳහන් කළේය.
දේශිය හා විදේශිය ශ්‍රී ලාංකිකයින් අතර සමගිය ඇතිකර ඔවුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීම රජයේ අරමුණ බව කි අමාත්‍යවරයා ඩයස්පෝරා සැණකෙලියේ අරමුණ ද එය බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාධා, මෙම "ඩයස්පෝරාව" නම, සිය රටතුළ සිටින අකමැත්තෙන් හිටිය, භූමිය නැති වූ එම රටේම වැසියන් වෙනුවෙන්ද භාවිතා කරනවා. උදාහරණයක් ඇමරිකාව. (නි)
කතාව ලස්සනට ලිස්සලා යනවා. "ඩයස්පෝරාව" වචනයේ තේරුම නෙමෙයි ප්‍රශ්නය. "එක්සත් " කියන එකයි. මගේ කැමැත්ත තියෙන්නේ "ඒකීය" රටකට. එච්චරයි... (නි)
ඡන්දය ඉල්ලන කොට හොඳට හිතන්න. (ර)
මෙතන වුණේ වෙන මොනවත් නොවෙයි. පසුගිය මාස 5 තුළ මෙරට ද්විත්ව පුරවැසිකම ලබාගත් කී දෙනෙක් ඉන්නවාද? ඔවුන්ගේ නම් ගම් හෙළිකළ හැකිද? එවිට තේරේවි මෙතන ලංකාවේ කොඩිය ගිනිතියපු අය කී දෙනෙක් ඉන්නවද කියලා. (නි)
මේ මේ ඔවට විතරක් එන්න එපා. මම ජාතිවාදයට විරුද්ධයි ඒ වගේම ත්‍රස්තවාදයටත් විරුද්ධයි. ඩයස්පෝරාව කියන්නේ ත්‍රස්තවාදීන්ව නියෝජනය කරන කට්ටිය. ඒ අය අපේ රටට ආයි එන්න ඕන නෑ. (ර)
මේකත් එක්ක ෂුවර් එකටම එක්කෙනෙක් නම් නැවතත් විපක්ෂයට යන එක ෂුවර් (නි)
‘‘ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ...සැපයක් යැයි කකුළුව දිය කෙළියේ‘‘ (නදී)
රනුක හරි, ඩයස්පෝරාව කියන තේරුම් නොවේ වැදගත් වෙන්නේ. එ්ක ඇතුලේ ඉන්න කට්ටිය හා එහි ක්‍රියා කාරිත්වයයි. අනෙක් ප්‍රදාන කරුණ නම් ඩයස්පෝරාව යනුවෙන් අදහස් කරන්නේ තම උපන් රටෙන් නෙරපා ඇති ජන සමුහයක් වෙනත් රටක සිටක ක්‍රියාත්මක වෙන කොට දෙන අර්ථයයි. රාධා කරුණාකර විකි පීඩියා බලන්න, ඔක්ස්ෆෝර්ඩ් , වෙබ්ස්ටෙර් ඔය කොහේ බැලුවත් තියෙනවා නිවැරදි තේරුම සුළු වශයනේ වෙනස් උනත්. මේක එක රටක සිට තවත් රටකට රස්සාවල් වල ගිහින් එකතු වුන උදවියට කට වහරට කිව්වත්, එහි නියම තේරුම් එහෙම නොවේ, තමා උපන් මෙන් වෙන්වී වෙනම උපන් බිමක් නැති කියා ජීවත්වන ජන සමුහයක්. කරුණාකර විකි පීඩියා බලා නිවැරදි තේරුම බලා දැනුවත් වුනා නම් හොඳයි (නදී)
උතුරු නැගෙනහිර පුළුවන් තරම් කර්මාන්තශාලා, ගොවිපලවල්, විශ්වවිද්‍යාල, පාසල් හදල දියුණු කරනවට කිසිම සිංහලයෙක් විරුද්ධ නෑ. විදුලිය ජලය දෙනවට විරුද්ධ නෑ. කනගාටුවට කරුණ තමයි නොකරන්නේත් ඒවා. හිතාමතාම ගැටුමට තුඩුදෙන හමුදා කදවුරු, ඉවත්කිරීම්, ඩයස්පෝරා සැණකෙළි තියමින් සිංහලයා අවුළුවන දේවල් කරමින් ඉන්පසු සිංහලයා ද්‍රවිඩ උදවියට හිරිහැර කරන බව ලෝකයට කියන්නට පුවත් හදන මේ කාබාසිනියා දේශපාලුවෝ හදන්නේ නැවත කොටින්ට නැගිටින්නට අවශ්‍ය වටපිටාව හැදීමයි. මේ උදවිය තවලම් යමින් මිට පෙර කලෙත් මේ දෙයමයි. (නදී)
රමේෂන්ගේ ප්‍රකාශය අපට නියම ඇත්ත පෙන්වා දෙනවා. (නදී)
පියල්, නොදන්නා දේවල් නොකියා ඉන්නවද? ඔය කියන වචනේ තේරුම ඕක වුණාට රටට ආදරයක් තිබෙන පිටරට ඉන්න ලාංකිකයන් ඔය සැණකෙළි තියනකම් ඉන්නේ නැහැ තමන්ගේ රටට එන්න. පිටරටදී ලංකාවේ නිදහස් දින සමරමින් අවුරුදු උත්සව පවත්වමින්, නිවාඩුවට රටට පැමිණෙමින්, නෑදෑ හිතමිතුරන්ට උදවු උපකාර කරමින් තම මව හා සමාන උපන් රටට යමක් කරන්නට බලනවා. (නි)
මේ කමල් කියන කෙනාට මානසික ලෙඩක් තියනවා වාගෙයි පෙනෙන්නේ. කොටි හිතවාදී නොවන පිරිස් බොහෝ දෙනෙක් එක්කයි අපි මෙම රටවල ජීවත්වෙන්නේ.ඩයස්පෝරාව කියන්නේ ත්‍රස්තවාදීන්ව නියෝජනය කරන කට්ටිය කියලා කියන්නේ මෙයාගේ මොළේ කුරුවල් වෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
මංගල සමරවීර මහතාණනි, කරුණාකර සැණකෙළියට ප්‍රථම සියලුම ඩයස්පෝරා සංගම් වලට කියන්න එම ඩයස්පෝරා සංගම් ඒකීය රටකට එකඟ බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්න කියලා. එවිට සියලු දෙනාගේ සැකය දුරුවේවි (නදී)
ජයනාත් හරියට හරි (නි)
ස්වාධීන පරිපාලනය එක්සත් කළ හැකිවන්නේ, ෆෙඩරල් ජනපද එක්සත්කර එක්සත් රට යන සංකල්පයට වලංගුවය (නි)
රාධා, පියල්, සාලිය, රෙජි, පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි. දැන් තේරුණා හරියටම. ගිය අවුරුද්දේ මුල් හරියේ මම සඟරාවක දැක්කා "ඉන්දියානු දෙමළ ඩයස්පෝරාව යළි හිස ඔසවයි" කියලා ලිපියක්. ඒකෙන් මගේ ඔලුවට ගියේ වෙනම අදහසක්.ඒකයි පැටලුනේ. වැරදි අදහසක් මුලින්ම පළකළාට සමාවෙන්න. (නි)
පුලාරා හරියටම හරි. මොන පක්ෂයක වුණත් ඔබතුමි රට වෙනුවෙන් කෙළින් හා නිර්භීතව අදහස් දක්වා තිබෙනවා. ආඩම්බරයි ඔබතුමිය ගැන. ඩයස්පෝරා යනු පිටරට සිටින එක රටක හෝ එක ජාතියක ජන සමුහයක් නොවේ. තම මවුබිමෙන් පිටුවල් කරනු ලැබූ ජාතියක හෝ ජන සමුහය වෙනත් රටක ජීවත්වෙනකොට කියන නමයි. (නි)
අපේ වගේ රටක් සංවර්ධනය කරන්න ගොඩක් අමාරු නැහැ. මන්ද සම්පත් වලින් ස්වයංපෝෂිතයි. නමුත් මෙතෙක් පහළවුණ කිසිම ආණ්ඩුවක් එය තේරුම් ගැනීමට අපොහොසත් වුණා. එයට යුද්ධයත් ඍජුවම බලපෑවා. ලංකාවේ සෑම ආණ්ඩුවක්ම ත්‍රස්වාදයට අවංක මිතුදමේ දෑත දිගුකළත් ඔවුන් දිගුකළ දෑත යටින් බයිනෙත්තුව තිබුණා. අවුරුදු ගණනක් යුද්ධයට නිසි පිළිතුරු දීමට අප අපොහොසත් වුණේ ත්‍රස්තවාදියා අඩපණ වන සෑම අවස්ථාවකදීම දෙමළ ඩයස්පෝරාව වැනි කණ්ඩායම් සේලයින් දීමට කටයුතු කළ නිසයි. සැමවිටම අප රටට කෙරුවේ සතුරුකම්. අද වුණත් ඔවුන් බලන්නේ ඔවුන්ගේ අරමුණ දිනා ගන්නයි. යුද්ධයෙන් නොහැකිවුණ දෙය වෙන වෙන මාර්ග වලින් දිනාගැනිමටයි. එයට පසුගිය ආණ්ඩුව කිසිම ඉඩක් නොතැබූ නිසා ඔවුන් දැන් පළමුව ඇඟිල්ල දාගැනීමේ පිළිවෙත හරහා මුළු ඇඟම දාගන්නයි මේ උත්සාහය (නි)
හැමදාම සැකෙන් බැලුවොත් හැමදා අවුල් .පිට රට වල ඉන්න උගත් බුද්දිමත් අයට ජාති බේදයෙන් තොරව රට එන්න කියන එක නරකයි කියන්නේ දුපත් මානසිකත්වෙන් පෙලෙන අය පමණි. (නදී)
ප්‍රශීන්, ඔයාට ගොඩක් වැරදිලා. ඩයස්පෝර යන්නෙහි තේරුම් ඔබට අවංකව අවශ්‍ය නම් විකිපීඩියා වල බලන්න. නැවතත් ලියන්නේ, ඩයස්පෝරාව යනු උපන් රටෙන් නෙරපපු ( වඩා නිවැරදිව , තම අකමැත්තෙන් රටින් පිටුවහල් කරපු ) ජන සමුහයක එකතුවක්. එහෙම නැතුව පිටරට ගිහින් රස්සාවල් කරන ජන සමුහයක එකතුවක් නොවේ. ඇයි මේ වැරදි වැටහීම්? මෙහි ඉන්නේ බුද්ධිමත් උදවිය.නමුත් වඩා වැදගත් ඩයස්පෝර අර්ථදැක්වීම නොවේ. මෙතන ඉඳගෙන මෙයාලා මොනවාද කළේ, කරන්නේ හා කරන්න බලාපොරොත්තු වන්නේ කියලා. මම දන්නවා ද්‍රවිඩ උදවිය මා සමඟ උරණවන්න පුළුවන්. මම කියන්නේ ඒ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව නොවේ. ත්‍රස්තවාදයට , බෙදුම්වාදයට උඩගෙඩි දෙන උදවිය ගැනයි (නි)
ඒකීය ශ්‍රී ලංකාවේ නාමය දිගටම ගෙනයාම අනාගත නායකයින්ගේ වගකීමයි. රට රැක ගැනීමට දිවි දුන් විරුවන් වෙනුවෙන් එය කල යුතුයි (නදී)
මහානාම, ඔබතුමාගේ කතාව මම පිලිගන්නවා. මෙතන අපේ අදහස් ගොඩාක් ජනතාව දකින නිසා අපේ හෙලිදක්වන කරුණු 100%ක් නිරවද්‍ය වෙන්න ඕනා. නැත්නම් තව කෙනෙක්ට වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. මම හොයලා බලන්නම් ඩයස්පෝරාවේ අර්ථකථනය මොකක්ද කියලා. ස්තුතියි. (ර)
එදා වගේම තමයි අදත් වැඩ කරන්නේ (නි)
විදේශීය රටවල ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් රටේ සංවර්ධනයට සහභාගී කරගන්න එක හොදයි. (ම)
බුද්ධිමත් ජනතාව ඇත්ත දන්නවා. (නි)
හාහා මේවා කියන්න හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට . අපි දන්නවා මෙයා මොකටද මේ එන්න හදන්නේ කියලා. (හේ)
''අපි කිසි විටකත් රටේ ඒකීය භාවය නැති වෙන්න ඉඩ තියන්නේ නෑ''(ම)
මාස හයෙන් ඒකීය එක්සත් වෙයි..., ඔන්න වෙනස...(ම)
ආ ....ආ .....ඔයාලත් මෙයාලට කැමතිද?(හේ)
අන්න කතාව.(හේ)
මේ මොකක්ද මේ කුණුහරපේ? ඩයස්පෝරාව කියන්නේ කොටි හිතවාදී සංගමයක්නේ. මෙයා මොකටද සැණකෙළියක් පවත්වන්න හදන්නේ?(හේ)
මංගල මහත්තයා මොකක්දෝ වැඩකට ලැහැස්ති වෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ. මේ ඡන්දෙ අස්සේ ඩයස්පෝරාවක් ඇදගෙන අනාගන්න හදයි කියලා හිතන්න බැහැ නැත්නම්.මොනවා වුණත් මංගල මහත්තයට අපි ස්තුතිවන්ත වෙනවා සිංහල මිනිසුන්ව අවදි කරවීම ගැන. මිනිස්සු මහින්ද මහත්තයා වටේ තව තවත් රොක්වේවි (නි)
මෙයාට මෙයාගේ පරපුරෙන් ඉස්සරහට කවුරුවත් නැහැ මේ සිංහල රට රැක ගන්න. අපිට එහෙම නොවේ, අපේ මතු පරපුරට සිංහල රට රැකදිය යුතුය. (හේ)
හා පුලුවන්න ඉමල්ක කියන්න මෙයා එන්නේ මොකටද කියලා ? කොන්ඩේ බැඳපු චීන්නුන් දැන් ලංකාවේ නැහැ.(හේ)
යමක් වෙනතුරු බලා ඉන්න හොඳ නැහැ. (නි)
සමහරු බලය අතේ. තියෙනකොට කියපු කරපු දේවල් ඒ අය පිළිගන්නේ නැහැ , දැන් කියන්නේ නැවත ඡදය පටන් ගන්නකන්. බලන් ඉන්නේ (හේ)
මේ රට කාගේවත් බුදලයක් නෙමෙයි. අන්න ඒක මතක තියාගත්තොත් හොඳයි. (නි)
තහනම්කළ සංවිධානයක් වෙනුවන් පෙනීසිටින අයත් එක්ක මොන සැණකෙලිද? (නි)
දැක් කවුද මේවට කැමති? (නි)
ප්‍රශීන්, ඩයස්පෝරාව දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහන්න. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
ලංකාවට සම්බන්ධ මිනිසුන්ව දෙකට බෙදලා- ප්‍රියකරන්නන් හා බෙදුම්වාදීන් ලෙස. එයින් එක කොටසකට සම්බන්ධ වෙන්න දෙන්නේ නැතිලු. මේක අවුල්නේ. පටන් ගන්නකොටම බෙදුම්වාදියෙක් වෙලානේ! (නි)
ඔයා හරි ඉන්දික. (නි)
ටිකින් ටික උතුරට ස්වපාලනය ලබාදීම නියත බව දැන් වැටහේ.එය ඇමරිකන් වුවමනාව බව අපි දනිමු (නි)
ජාතිබේදයෙන් තොර සියලු විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙයට ඉතා කැමතියි (නි)
ඉන්දික හරියටම හරි. (නි)
මම නම් හිතන්නේ ඒකීය ලංකාවකට කැමති අය නම් යන්නේ නැතිවෙයි (නි)
දරුවෝ නැති උදවියට මනාප දෙනවිට දෙවරක් හිතන්න වෙනවා.මොකද සමහරු අනුන්ගේ දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. (නි)
රාධා, මම ඇත්තටම අහලා තිබුනේ කොටි හිතවාදී සංගමයක් කියලා. එහෙම නෙවෙයි නම් මට පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද?(හේ)
'එක්සත්' නම පෙන්නලා 'ඒකීය ලංකාවකට' එකතු කරගන්නවද දන්නේ නැහැනේ? (නි)
අවුරුදු ගණනක් අපි බලාගෙන සිටියා මහින්ද පරදිනතුරු. දැන් යහපාලන "රජය" හොඳයි, අපිට උදවු කරනවා.අපි එනවා මේක බලන්න (නි)
ජනරාල් ෆොන්සේකා ගැලවීමේ හමුදාවේ නායකත්වයටවත් සුදුසු නෑ කිව්වා කෙනා පස්සේ එතුමාව ජනපති කරන්නත් හදපු එකේ අනික් දේවල් ගැන මොන කතාද?(ම)
මතකද අර කවුද කෙනෙක් ඒ දවස්වල අපේ රටට ලොරෙන්සෝ දී අල්මේදා ආපු දවසත් ඔහොම සමරන්න ගිය හැටි. තව ඉස්සරහට හොඳ හොඳ නාඩගම් බලන්න පුළුවන්.(ම)
ඒකීය,එක්සත් කියන්නේ තේරුම් දෙකක් දෙන වචන දෙකක්.මේ ගොල්ලෝ මේ හදන්නේ කඩලා එකතු කරන්නයි.බෙදුම් වාදය කියන්නේ මේකට තමයි.(ම)
ඕවා පැත්තකට දාලා මේ ටිකට විදෙස්ගතව තියපු ලෝක වාර්තාව අහලකටවත් තව කෙනෙකුට එන්න ඉඩක් නොතියා යන්න බැරිවුණ ඉතුරු රටවල් ටිකටත් ගිහිල්ලා ඉවරයක් කරන්න බලන්න.අපි අවුරුද්ද අන්තිමට කොහොමත් පාටියක් දානවා යහපාලනයේ සොහොන උඩ.. (නි)
අපි බලමු කොච්චර යයිද කියලා (නි)
අපි මෙච්චර අවාසනාවන්ත කතා අහන්න මොනවගේ පව් කරන්න ඇද්ද කියලා හිතෙන්නේ නැද්ද කාටවත්? (නි)
එකක් මතක තියාගන්න. අපි බලාපොරොත්තු වුණේ ඒකීය රටක් මිස එක්සත් රටක් වෙන්න නෙමෙයි. (නි)
රාධා , රෂින් හරි. කියන්නකෝ ඇත්තටම ඩයස්පෝරාව කියන්නේ මොකක්ද්ද කියලා. ඒ වගේම කියන්නකෝ ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් කියන්නේ මොකක්ද , කොහෙද ඒක තියෙන්නේ, මොනවද ඒකේ කරන්නේ කියලා. (නි)
මම මේවට මොකුත් කියන්නෙ නැහැ (නි)
අපි බලුමකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
"එක්සත් රටක්"? (නි)
ඔය සැණකෙළි අන්තිමට මළකෙලි වෙන්න තිබෙන ඉඩකඩ හුඟක් වැඩිබව කොයි කාටත් තේරෙනවා ..... (නි)
ඇමතිතුමාගෙ අවංකබව පෙන්වන්න පුළුවන් සහභාගිවීමට දැනට කැමැත්ත පළකර ඇති අයගේ නම් ලිස්ට් එක ගැසට් කළහම. එවිට සැකසහිත කෙනෙක් ඉන්නවා නම් විරුද්ධ විය හැකිනේ. පාරදෘෂ්‍යබාවය එහෙම පෙන්නුවහම තමා වටින්නේ. (නි)
මෙම නම ඇතිවුණේ ඊශ්‍රායල් රටෙන් පිට පිටරටක සිටින යුදෙව් ජාතිකයන් සඳහා ඊශ්‍රායල් ඩයස්පෝරාව නමින්. දැන් සිය රටෙන් පිට සිටින එම රටේ වැසියන් වෙනුවෙන් නම් කරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවෙන් පිට වෙනත් රටක සිටිනා අය එම රටේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව යනුවෙන් සඳහන් වෙනවා. (නි)
මහත්තයෝ, කොටි හිතවාදීන් එක්ක කිසිම සංහිඳියාවක් අපට එපා. කිසිම කෙනෙක් එක්ක අපට ගනුදෙනු ඕනෑ නැහැ. අපේ රටට ගේන්නත් එපා. ඒවා කරලා අපිට පස්සේ දොස් කියන්න එපා (නි)
ප්‍රශීන්, ඩයස්පෝරාව කියන්නේ විදේශගත (පදිංචියට) ශ්‍රී ලාංකිකයන්ට. ඔවුන් කොටි හිතවාදී හෝ සිංහලහිතවාදී වෙන්න්න පුළුවන්. අදහස් පළකිරීමට කලින් තේරුම් ගන්න (නි)
එක්සත් රටක් නෙමේ ඒකීය රටක් ලංකාව කියන්නේ .....(හේ)
බෙදුම්වාදීන් කියලා පාස්පොට් එකේ ලියල ඇති. මංගල ඇමති ගුවන්තොටුපොළේ ඉදන් ටක්ගාල අල්ල ගනීවි. නැතිනම් නම් ඉමිග්රේෂන් එකට කියල තියෙයිද ප්රෝෆෙෂන් එක බලල හරවා යවන්න කියල බෙදුම්වාදියෙක් නම්.(නදී)
රටට උදවු කරන්න ඔය සැණකෙළි ඕනෑ නැහැ. අනික ඕවට වියදම් කරන සල්ලි වලින් අර යුද්ධයෙන් පීඩාවට පත්වුණ මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න. අනික කාටහරි ලංකාවට එන්න බැරිකමක් තියනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා නීතිවිරෝධී දෙයකට සම්බන්ධ වුණ කෙනෙක් වියයුතුයි (නි)
මේ ජන්දේ මොන ක්‍රමයට කොහොම තිබ්බත් නිමල් මහත්තය අනිවාර්යයෙන්ම අගමැති වෙනවා. එ්ක ස්ථිරයි. අපිට නම් දැන් මේ යහපාලානේ ඇති වෙලා. හැබැයි ප්‍රගීත් කොටි හිතවාදී නොවන සිංහල දමිල ඩයස්පෝරාවකුත් තියෙනවා. (නදී)
එන පොට නම් හොඳ නැහැ. අයියෝ! අමාරුවෙන් බේරාගත් අපේ රට! (නි)
ප්‍රශීන්, ඔබගේ නිහතමානීකම අගයමි. ඩයස්පෝරා යනු තමන්ගේ උපන් රටින් පිටවෙන කිසියම් රටක ජීවත්වන ජනතාවයි(විදේශිය ශ්‍රී ලාංකිකයින්). මෙම ගණයට සිංහල, දෙමළ, මුස්ලිම් සියළුම ජනතාව අයිතියි. පිටරටක ජීවත්වන මමත් ඩයස්පෝරාවට අයත්ය.විදේශිය ශ්‍රී ලාංකිකයින් රටේ සංවර්ධනයට දායක කරගැනීම ඉතාමත් හොඳ දෙයකි. (නි)
ඒ පාර මෙයාලා මොනවා කරන්න යනවද?මෙයාලා ගැන විතරක් නෙමෙයි කියන වචන ගැනත් ප්‍රවේශම් වෙන්න වෙනවා. (නි)
ප්‍රශීන් ,"ඩයස්පෝරාව" යන්නෙහි තේරුම නම් "එක හා සමාන උරුමයක් ඇති හෝ මවුබිමෙන් ඈත්ව සිටින විශාල ජන කොටසක්.මෙය ග්‍රීක වචනයක් (නි)
අපි කොටි හිතවාදී නොවන ඩයස්පෝරාවට අයිති පිරිසක්. බෙදුම් වාදී පිරිස් මේ සමුළුවට එනවා නම් අපිත් විරුද්දයි. ත්‍රස්ත වාදිගෙන් මුදවාගත් අපේ මව්බිම රැක ගැනීම සිහල,දෙමළ ,මුස්ලිම් ඇතුළු අපි සියලු දෙනාගේම යුතුකමයි. (නදී)
මෙයලට ඡන්දය දීපු කීදෙනෙක් හිත යටින් පසුතැවෙනවා ඇතිද කියලා හිතෙන්නේ නැද්ද?(ම)