(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 14 ක ප්‍රශ්න කිරීම් වලින් පසු අද (27) කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.
අද පෙරවරු 8.00ට පමණ මෙරටට පැමිණි මෙම බන්ධනාගාර නියාමකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ අංශය විසින් සිය භාරයට ගනු ලැබූ අතර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව රාත්‍රී 8.30 පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති අතර ඉකුත් 2017 පෙබරවාරි 8 වැනිදා කළුතර එතලමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඔත්තුව ලබාදුන්නැයි මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපරාධකරුවන් තනන තිඹිරිගෙය සහ ඔවුන්ගේ බුට් කෑම්ප්එක බන්ධනාගාරයයි