IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඩුබායි මැරියට් මගේ නොවේ හිමිකරුගෙයි‘ - මහින්ද කියයි

ඩුබායි මැරියට් හෝටලයේ අයිතියක් තමාට නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඇමෙරිකා ඩොලර් කෝටි 4.8ක් (රුපියල් කෝටි 634.03) හා ඇමෙරිකා ඩොලර් කෝටි 19ක් (රුපියල් කෝටි 2509.71) වානේ සංස්ථාවේ ද, ඩුබායි මැරයන් හෝටලයේ ද ආයෝජනය කළ සැබෑ අයිතිකරු තමා බවට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කියතියි ද, එය තමාට එරෙහි බොරු ප්‍රචාරයේ සූක්ෂ්ම බොරු ප්‍රචාරයකියි ද රාජපක්ෂ මහතා පවසයි.

නන්දන ලොකු විතාන නම් පුද්ගලයකු ඒ නමින් එම හෝටලයේ කොටස් ගෙන ඇත්තේ තමා බව හැඟෙන ආකාරයෙන් මහ ඡන්දයක් ආසන්නයේ ගෙන යන මේ ප්‍රචාරය විරුද්ධවාදීන්ට උඩගෙඩිදීමකියි ද හිටපු ජනපති කියයි.



අදහස් (0)

‘ඩුබායි මැරියට් මගේ නොවේ හිමිකරුගෙයි‘ - මහින්ද කියයි

ඇසිලින් Thursday, 14 May 2015 08:26 PM

කාගේද මේ චුටි ඇස දෙක...ඒක ඔයාගේ....කාගේද මේ චුටි කට ඒකත් ඔයාගේ ... අලුත් ජෝඩුවගේ කතාව ඉවසා ගන්න බැරි වුණු මහල්ලා .....කාගේද මේ හැරමිටිය ...ඒක මගේ කියලා හැරමිටියත් අරන් දොරෙන් එලියට පැන්නලු....(බ)

:       0       0

බණ්ඩා Thursday, 14 May 2015 08:36 PM

හරියටම පරීක්ෂණ කරනවා නම් සැබෑ හිමිකරු කවුද කියල ජනතාවට දැනගන්න පුළුවන් (බ)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Thursday, 14 May 2015 11:10 PM

පුහුල් හොරා කරෙන් දැනේ කියල ඉස්සර මිනිස්සු කිවුවේ මොකද කියල මට දැන් තමයි තේරෙන්නේ (බ)

:       0       0

වෙදගේ Friday, 15 May 2015 10:20 AM

මට මගේ නොවන මගේම හෝටලයක් තිබුණා (ම)

:       0       0

කමල් Friday, 15 May 2015 12:45 AM

අනේ මන්දා ආණ්ඩුවේ පඩියෙන් ජීවත් වෙන කිසිම පරම්පරාගත දේපලක් නොතිබුන කවුද එක්කෙනෙක් තමන්ගේ නැන්දම්මා ගේ නමට ඇඹුල් දෙනියේ සුඛෝපභෝගී නිවසක් ගත්ත කියල නම් ආරංචියි. මෙතුමා ඒවගේ වැඩ කරන්නේ නැති බව විශ්වාසයි. (නදී)

:       0       0

සත්‍යයා Friday, 15 May 2015 02:04 AM

ඉදිරියේදී තීරණය කරන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ අසාර්ථක හිටපු ජනාධිපති කෙනෙක්ද නැතිනම් සාර්ථක හොරෙක්ද කියලා. මඩ නාගත්ත කෙනෙකුට කිසි කෙනෙක් මඩ විසි කරන්නේ නැහැ,(හේ)

:       0       0

නන්දලාල් Saturday, 16 May 2015 04:49 PM

අවුරුදු ගණනක් තිස්සේ සිටි ජනපති හැටියට ශ්‍රී ලංකා පොලිසිය ගැන ඔබ අපට වඩා හොඳින් දන්නවා නේද?මොකද අපේ පොලිසියට නිගරු කරන්නේ?මේ ගැන තවදුර පරීක්ෂණ අවසන් වුණාම, ඔබගේ තත්වය සමහරවිට වෙනස් වෙන්නත් පුළුවන්! එතෙක් අපිට ඉවසීමෙන් බලා ඉන්න පුළුවන්.... (නි)

:       0       0

අනූෂා Friday, 15 May 2015 02:54 PM

අපිට ඔබතුමා විශ්වස්ය්.චන්දෙට කලින් ගහපු මඩ ඔප්පුකරගන්න නොහැකි උන නිසා දැන් අලුත් චෝදනා දානවා.අපට දැන් ඇතිවෙලා තියෙන්නේ.චන්දයක් එනකන් අපි බලාගෙන ඉන්නවා මේවට පිළිතුරු දෙන්න. (කේ)

:       0       0

සෑම් Thursday, 14 May 2015 11:31 AM

නිකම්ම ඉඳල නෑ වගේ. (බ)

:       0       0

ජයා Thursday, 14 May 2015 11:38 AM

අපි දන්නවා ඔබතුමා වැරදි කරලා නෑ කියල. එත් පහුගිය කලේ වගේ නිස්සබ්දව ඉන්නේ නැතිව චෝදනාවලට උත්තර දෙන්න. නිස්සබ්දව හිටියොත් චෝදනා ඇත්ත කියලා චෝදනා කරන අයට කියන්න අවස්ථාවක් සැලසෙනවා.(කේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 14 May 2015 12:12 PM

දෙය්යෝ දනී , අපි නොදනී , (කේ)

:       0       0

ප‍්‍රසන්න Thursday, 14 May 2015 12:21 PM

ජනපති තුමනි ඔබතුම නන්දන ලොකු විතාන නම් පුද්ගලයකු කියන්නේ එතුමාව දන්නේ නැද්ද??? හැබැයි කලකට පෙර එතුමා කියල තිබුන එතුමාගේ දියුණුව පිටිපස්සේ උදව් වෙමින් ඔබතුම හිටිය කියල..... (කේ)

:       0       0

බන්දුල Thursday, 14 May 2015 12:23 PM

තනි පුද්ගලයෙකුට එතරම් ධනයක් තිබීම හිතන්න අමාරුයි .මෙය සමාගමක් විය යුතුයි (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 15 May 2015 04:41 AM

මාරයිනේ .. හෙට කියාවි බකිංහැම් මාලිගේත් මහින්ද මහත්තයගේ කියලා. ඔහොම නෙමෙයි මුළු ඩුබායි නුවරම මහින්දගේ කිව්වත් මහින්ද මහත්තය ඊළගට මේ රටේ අගමැතිවිම වලක්වන්න බැහැ. (ර)

:       0       0

රන්දික Thursday, 14 May 2015 12:28 PM

අවරුදු 9ක් හම්බ කල මුදල් කෝ ......??? (කේ)

:       0       0

චතුරි Thursday, 14 May 2015 12:31 PM

කිසිම දෙකට මෙයා සම්බන්ද නැහැ තව ඉස්සරහට කියයි මම නෙමේ මුදල් ඇමති කම දැරුවේ මේ මුදල් ඇමතිකම ඔබ නැතිව වෙන ඇමතිකෙනෙක් දැරුවානම් අද අපේ රටේ මේවගේ දුෂණයක් නැහැ,රට ගොඩක් දියුණු වෙලා ශක්තිමත් වෙලා, සාමාන්‍යයෙන් මුදල් ඇමැතිකෙනෙක් මෙතරම් දරුණු. විදියට හොරකම් කරන්නේ නැහැ ,මෙතන වැරැද්ද ජනපතිත් ඒ. කෙනාම වීම බලයත්. අතේ මුදලුත්. අතේ මේ දෙක. එකට එකතු වුණා කියන්නේ ගින්දරයි පුළුනුයි එක්වුණා වගේ කොපම න නිදහසට කරුණු කිවත් වැඩක් නෑ (බ)

:       0       0

රෝහිනී Thursday, 14 May 2015 12:33 PM

ඔබ හරි හිමි කරු ඔබ වේ ...! (කේ)

:       0       0

චන්න Thursday, 14 May 2015 01:18 PM

මහත්තය මොකද මේ කලබල වෙලා. (කේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 02:44 PM

මේවා ලස්සනට සෙලසුම් කරලා අහුනොවෙන්න (කේ)

:       0       0

සමන්ති Thursday, 14 May 2015 03:53 PM

කවුරු කිව්වත් නැතත් අයිතිය ඇත්තේ හිමිකරුටයි. සමහර ආයතනවල හිමිකරු අදිසියි (බ)

:       0       0

සී රතත්නසිරි Thursday, 14 May 2015 04:19 PM

පසුගිය මැතිවරණය වගේම ඉදිරි එකත් බොරුවෙන්ම දිනන්න වගේ ආණ්ඩුව හදන්නේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 14 May 2015 04:25 PM

මාරයිනේ යහ පාලනේ හොයා ගැනීම්. හෙට කියාවි බකිංහම් මාලිගේත් මහින්ද මහත්තයගේ කියලා.මඩ සහ පච වලින්ම ඊලග එකත් ගොඩ දා ගන්න පුළුවන් වේවි කියල වෙන්න ඇති ටොයියෝ ටික හිතන් ඉන්නේ. ඔහොම නෙමෙයි මුළු ඩුබායි නුවරම මහින්දගේ කිව්වත් මහින්ද මහත්තය ඊළගට මේ රටේ අගමැතිවිම වලක්වන්න බැහැ (නදී)

:       0       0

ලක්සිරි Thursday, 14 May 2015 07:16 PM

දෙයියෝ කිසිවක් නොදන්නවා වගේ හිටියට අපි නම් සියල්ල දන්නවා.(හේ)

:       0       0

සුනිල් Thursday, 14 May 2015 07:46 PM

තමන්ට අයිති නැත්නම් මොකටද කලබල වෙන්නේ .(හේ)

:       0       0

චන්දන Thursday, 14 May 2015 08:01 PM

පුහුල් හොරා කරෙන් දැනේ කියල ඉස්සර මිනිස්සු කිවුවේ කට කහනවට නෙමේ කියල තේරෙන්නේ දැනුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site