ඩුබායි මැරියට් හෝටලයේ අයිතියක් තමාට නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ඇමෙරිකා ඩොලර් කෝටි 4.8ක් (රුපියල් කෝටි 634.03) හා ඇමෙරිකා ඩොලර් කෝටි 19ක් (රුපියල් කෝටි 2509.71) වානේ සංස්ථාවේ ද, ඩුබායි මැරයන් හෝටලයේ ද ආයෝජනය කළ සැබෑ අයිතිකරු තමා බවට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කියතියි ද, එය තමාට එරෙහි බොරු ප්‍රචාරයේ සූක්ෂ්ම බොරු ප්‍රචාරයකියි ද රාජපක්ෂ මහතා පවසයි.
නන්දන ලොකු විතාන නම් පුද්ගලයකු ඒ නමින් එම හෝටලයේ කොටස් ගෙන ඇත්තේ තමා බව හැඟෙන ආකාරයෙන් මහ ඡන්දයක් ආසන්නයේ ගෙන යන මේ ප්‍රචාරය විරුද්ධවාදීන්ට උඩගෙඩිදීමකියි ද හිටපු ජනපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේද මේ චුටි ඇස දෙක...ඒක ඔයාගේ....කාගේද මේ චුටි කට ඒකත් ඔයාගේ ... අලුත් ජෝඩුවගේ කතාව ඉවසා ගන්න බැරි වුණු මහල්ලා .....කාගේද මේ හැරමිටිය ...ඒක මගේ කියලා හැරමිටියත් අරන් දොරෙන් එලියට පැන්නලු....(බ)
හරියටම පරීක්ෂණ කරනවා නම් සැබෑ හිමිකරු කවුද කියල ජනතාවට දැනගන්න පුළුවන් (බ)
පුහුල් හොරා කරෙන් දැනේ කියල ඉස්සර මිනිස්සු කිවුවේ මොකද කියල මට දැන් තමයි තේරෙන්නේ (බ)
මට මගේ නොවන මගේම හෝටලයක් තිබුණා (ම)
අනේ මන්දා ආණ්ඩුවේ පඩියෙන් ජීවත් වෙන කිසිම පරම්පරාගත දේපලක් නොතිබුන කවුද එක්කෙනෙක් තමන්ගේ නැන්දම්මා ගේ නමට ඇඹුල් දෙනියේ සුඛෝපභෝගී නිවසක් ගත්ත කියල නම් ආරංචියි. මෙතුමා ඒවගේ වැඩ කරන්නේ නැති බව විශ්වාසයි. (නදී)
ඉදිරියේදී තීරණය කරන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ අසාර්ථක හිටපු ජනාධිපති කෙනෙක්ද නැතිනම් සාර්ථක හොරෙක්ද කියලා. මඩ නාගත්ත කෙනෙකුට කිසි කෙනෙක් මඩ විසි කරන්නේ නැහැ,(හේ)
අවුරුදු ගණනක් තිස්සේ සිටි ජනපති හැටියට ශ්‍රී ලංකා පොලිසිය ගැන ඔබ අපට වඩා හොඳින් දන්නවා නේද?මොකද අපේ පොලිසියට නිගරු කරන්නේ?මේ ගැන තවදුර පරීක්ෂණ අවසන් වුණාම, ඔබගේ තත්වය සමහරවිට වෙනස් වෙන්නත් පුළුවන්! එතෙක් අපිට ඉවසීමෙන් බලා ඉන්න පුළුවන්.... (නි)
අපිට ඔබතුමා විශ්වස්ය්.චන්දෙට කලින් ගහපු මඩ ඔප්පුකරගන්න නොහැකි උන නිසා දැන් අලුත් චෝදනා දානවා.අපට දැන් ඇතිවෙලා තියෙන්නේ.චන්දයක් එනකන් අපි බලාගෙන ඉන්නවා මේවට පිළිතුරු දෙන්න. (කේ)
නිකම්ම ඉඳල නෑ වගේ. (බ)
අපි දන්නවා ඔබතුමා වැරදි කරලා නෑ කියල. එත් පහුගිය කලේ වගේ නිස්සබ්දව ඉන්නේ නැතිව චෝදනාවලට උත්තර දෙන්න. නිස්සබ්දව හිටියොත් චෝදනා ඇත්ත කියලා චෝදනා කරන අයට කියන්න අවස්ථාවක් සැලසෙනවා.(කේ)
දෙය්යෝ දනී , අපි නොදනී , (කේ)
ජනපති තුමනි ඔබතුම නන්දන ලොකු විතාන නම් පුද්ගලයකු කියන්නේ එතුමාව දන්නේ නැද්ද??? හැබැයි කලකට පෙර එතුමා කියල තිබුන එතුමාගේ දියුණුව පිටිපස්සේ උදව් වෙමින් ඔබතුම හිටිය කියල..... (කේ)
තනි පුද්ගලයෙකුට එතරම් ධනයක් තිබීම හිතන්න අමාරුයි .මෙය සමාගමක් විය යුතුයි (බ)
මාරයිනේ .. හෙට කියාවි බකිංහැම් මාලිගේත් මහින්ද මහත්තයගේ කියලා. ඔහොම නෙමෙයි මුළු ඩුබායි නුවරම මහින්දගේ කිව්වත් මහින්ද මහත්තය ඊළගට මේ රටේ අගමැතිවිම වලක්වන්න බැහැ. (ර)
අවරුදු 9ක් හම්බ කල මුදල් කෝ ......??? (කේ)
කිසිම දෙකට මෙයා සම්බන්ද නැහැ තව ඉස්සරහට කියයි මම නෙමේ මුදල් ඇමති කම දැරුවේ මේ මුදල් ඇමතිකම ඔබ නැතිව වෙන ඇමතිකෙනෙක් දැරුවානම් අද අපේ රටේ මේවගේ දුෂණයක් නැහැ,රට ගොඩක් දියුණු වෙලා ශක්තිමත් වෙලා, සාමාන්‍යයෙන් මුදල් ඇමැතිකෙනෙක් මෙතරම් දරුණු. විදියට හොරකම් කරන්නේ නැහැ ,මෙතන වැරැද්ද ජනපතිත් ඒ. කෙනාම වීම බලයත්. අතේ මුදලුත්. අතේ මේ දෙක. එකට එකතු වුණා කියන්නේ ගින්දරයි පුළුනුයි එක්වුණා වගේ කොපම න නිදහසට කරුණු කිවත් වැඩක් නෑ (බ)
ඔබ හරි හිමි කරු ඔබ වේ ...! (කේ)
මහත්තය මොකද මේ කලබල වෙලා. (කේ)
මේවා ලස්සනට සෙලසුම් කරලා අහුනොවෙන්න (කේ)
කවුරු කිව්වත් නැතත් අයිතිය ඇත්තේ හිමිකරුටයි. සමහර ආයතනවල හිමිකරු අදිසියි (බ)
පසුගිය මැතිවරණය වගේම ඉදිරි එකත් බොරුවෙන්ම දිනන්න වගේ ආණ්ඩුව හදන්නේ (නදී)
මාරයිනේ යහ පාලනේ හොයා ගැනීම්. හෙට කියාවි බකිංහම් මාලිගේත් මහින්ද මහත්තයගේ කියලා.මඩ සහ පච වලින්ම ඊලග එකත් ගොඩ දා ගන්න පුළුවන් වේවි කියල වෙන්න ඇති ටොයියෝ ටික හිතන් ඉන්නේ. ඔහොම නෙමෙයි මුළු ඩුබායි නුවරම මහින්දගේ කිව්වත් මහින්ද මහත්තය ඊළගට මේ රටේ අගමැතිවිම වලක්වන්න බැහැ (නදී)
දෙයියෝ කිසිවක් නොදන්නවා වගේ හිටියට අපි නම් සියල්ල දන්නවා.(හේ)
තමන්ට අයිති නැත්නම් මොකටද කලබල වෙන්නේ .(හේ)
පුහුල් හොරා කරෙන් දැනේ කියල ඉස්සර මිනිස්සු කිවුවේ කට කහනවට නෙමේ කියල තේරෙන්නේ දැනුයි (ම)