හිටපු ප්‍රභූවරයකුගේ පුත්‍රයකු ඩුබායි බැංකුවක තැන්පත් කළ බව කියන සල්ලි ගැන විස්තර ලබාගැනීමට රජය ගත් උත්සාහය ගඟට ඉනි කැපීමක් විය.
රජයේ ඉල්ලීම්වලට ඉඩදිය නොහැකි බව බැංකුව රජයට කියා ඇත.
එය බැංකු නීති හා ක්‍රියාවලියට පටහැනි බව එමිරේට්ස් බැංකුව පවසා ඇත. ලංකාවෙන් ලැබුණු කරුණු ප්‍රමාණවත් නොවන බවත් එම සල්ලි අපරාධ හෝ නීති විරෝධී ආකාරයෙන් හොයාගත් බවට තොරතුරු ලැබී නැති බවත් බැංකුව සඳහන් කර තිබේ.
තම බැංකුවේ රහස් හෙළිකිරීමෙන් තැන්පතු සෝදා පාළුවී බැංකුව බංකොළොත් විය හැකි බවද එමිරේට්ස් බැංකුව පවසා ඇත.
ශ්‍රී ලංකාවෙන් සොරකම් කළැයි කියන වත්කම් යළි සොයාගැනීමේ කාර්ය සාධක බළකායේ නීතිවේදී ජේ.සී.වැලිඅමුණ මේ උත්සාහය මුලින්ම දැරුවේය.
පොලිසිය, අල්ලස් කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුවද එම කාර්ය සාධක බළකායට අයත් විය. වැලිඅමුණගේ උත්සාහයෙන් ප්‍රතිඵල නොලැබුණු පසු එම කාර්යය එෆ්සීඅයිඩියට පැවරිණි. අල්ලස් හෝ දූෂණ කොමිසමත්, එෆ්සීඅයිඩියත් ඩුබායි හි අභ්‍යන්තර අමාත්‍යංශය සමග මේ සම්බන්ධ සාකච්ඡාවක් කළේය. එහෙත් ඩුබායි ගිණුමේ හොර සුරක්ෂිතාගාර දොර ඇරෙන ලකුණක සේයාවක්වත් නැතිලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වාට ජය වේවා! (නි)
ඉස්සරනම් පළාත ඇහැව්වත් බියක් සැකයක් දැනෙනවා. දැන්නම් යහපාලනයට පින් සිද්ද වෙන්න එහෙම බියක් සැකයක් නැතිව දෙවියනේ කියල ඉන්න පුළුවනි. (ස)
මම කියන දේ තේරුම් ගන්නත් මොලයක් කියල දෙයක් තියෙන්න ඕනේ. අඩුම ගානේ වැස්සකටවත් පාසලකට ගොඩ වෙලා තියෙන්න ඕනේ. (ස)
අම්මල තාත්තල දුවල පුතාල ඔක්කොම එකතුවෙලා මහජනයාගේ ලාච්චුවෙන් මුදල් ඇදපු හැටි පෙන්වන පින්තුරයක් දකිනකල් තමයි අපි බලන් ඉන්නේ.... (කෞ)
ලංකාවේ අයගේ පටු වැසි ගන්න කරන කෝලම් නාටක වලට, ජාත්‍යන්තර බැංකු අහුවෙන්නේ නැහැ. (හේ)
ඔන්න ඔහේ ඕක අපි අල්ලලා දාමු (නි)
තිලක් ඩුබායි, ඔයා ලංකාවේ කොයි පළාතේද? (ස)
බැංකුව පිළිඅරගෙන තියෙනවා එහෙනම් එහෙම මුදලක් තියන බව. කියන්නේ විස්තර දෙන්න බැහැ කියලානේ (නි)
ඩුබායි බැංකුව ගත් තීරණයට ස්තුතියි. (නි)
අපි බලමුකෝ ඉතින්... (නි)
මේ ගත්ත ක්‍රියාමාර්ගය හොඳයි.(හේ)
තිලක් ඩුබායි., මොනවා කියනවද කියල එයාවත් දන්නේ නැහැ., පුදුම වෛරයකින් අදහස් ලියන්නේ (අ)
මැද පෙරදිග රටවලට මොළය තියනවා නීතිය හරියට කරනවා . උඩ බලාගන කෙල ගහන්න හොද නැහැ. (කෞ)
අනේ චාමර ගුටිකාලත් තවම හැදිල නෑ නේද? (බ)
තිලක් ඩුබායි, කඩේ යන එක දැන් වත් නවත්ත ගන්න. (අ)
ඔයාගෙත් හොර සල්ලි ඔය බැංකුවේද ? (කෞ)
එහෙනම් ඉතින් මොනවා කරන්නද? (නි)
බැංකුව කල දේ හරියටම හරි. එක එක පාලකයන් ට ඕන ඕන වෙලාවට ගනු දෙනු කරුවන් ගේ විස්තර දෙන්න ලෝකේ බැංකු සුදානම් නැහැ. එසේ අවශ්‍ය නම අපරාධයකට සමබන්ධ බව ඔප්පු කරලා නීති මගින් යන්න ඕන. (කෞ)
සිල්වා හොර කම විතරක් නෙමෙයි බොරු කීමත්, අනුන් රැවටීමත් ඒ වගේම පාපයක්. බොරුවට අනුබල දෙන අයටත් සොබා දහමෙන් දඩුවම් ලැබේවි ! (ර)
තවත් බොරු නාඩගමක් අවසාන වෙන්නයි එහෙනම් යන්නේ. (ර)
නටන්න බැරි පොළොව ඇදයිලු. හරි හරි ඔන්න අපි පිළිගත්තා, ඒ චෝදනාව ඔප්පු කරන්න බැරි බොරු කතාවක් නිසා නෙමෙයි, බැංකු තොරතුරු ගන්න බැරි නිසා කියලා. දැන් හරිනේ? ආයෙත් අපි ගොනාට ඇන්දුවා කියලා සතුටු වෙන්නකෝ. (නි)
ඩොලර් මිලියන 650 ක් ඒ කියන්නේ රුපියල් කොටි 7200 කට වෙන්න සධාරනව මුදල් හම්බ කළේ බුලත් විට කජු ඇට විකුනලද ?? ජනතා මුදල් හොරා කෑවට සොබා දහමෙන් දඩුවම් ලැබේවි !!! (බ)
අපේ අයගේ බොරු අපේ උන්ට තේරුනේ නැතුවට පිටරට ඉන්න අයට හොදට තේරෙනවා. මෝඩ පාලකයෝ කොච්චර කතා කිව්වත් (බ)
අපේ රටේ හැමදාම අපි වැඩියෙන් දකින්නේ ගොඩක් අයගේ රගපෑම් විතරය් .පිටතින් ඔක්කොම හොද වැඩ .ඇතුලතින් තමන්ගේ වාසියට (කෞ)
අපේ බෝදිසත්වයෝ වගේ පෙනී සිටින අයගේ රුපියල් කොටි ප්‍රකෝටි ගණනක මුදල් ඩුබායි බැංකු වල තියෙනවා කියන එකම හොදටෝම ඇති.ජෙනේරල් වගේ කෙනෙකුට ඔය පරීක්ෂණ බාර දුන්න නම් බඩේ තියෙන ඒවත් එලියට අරගෙන දේවි.අපේ කරුමේ. (කෞ)
තවත් අවුදු 2 කක හිටියනම් අපිටත් හිග කන්නයි සිද්ද වෙන්නේ.ලංකාව ඉතියෝපියාවක්,සොමලියාවක්,උගන්දාවක්,කෙන්නියාවක්,බන්ගලිදේශයක් කරලම තමයි පස්ස බලන්නේ.(කෞ)
රාජපක්ෂලා ගහපු "හතර වරම් ගැහිලි" ගැන හොයන්න දැන්වත් ජෙනේරල් සරත් ෆොන්සේකාට බාර දෙන්න.අවරුදු 35 ක යුද්දය ඉවර කල හමුදා නායකයට එක ලොකු දෙයක් නෙමෙයි. (කෞ)
දැන් තේරෙනවා නේද ලිබියාවේ ගඩාෆිට පැය 24 යෙන් උත්තර දුන්නු ජනතාව හරි කියල.(කෞ)
මහජන දේපළ සොරාකන එක ලොකු පාපයක් (නි)
ඔය කියන කම්බා හොරු මේ වෙනකොටත් පන්සලක මල් වට්ටියක් උස්සගෙන ඉන්නවා ඇති.....(කෞ)
කෝටි ප්‍රකෝටි ගණනක් රටින් පිට කරපු වගේ මහා පරිමාන අපරාධ වලදී,මුලින්ම හිරේ දාල පසුව නඩු අහන ක්‍රමයක් හදුන්වල දෙන්න බැරිද? (කෞ)
නෙලුම් කුළුණෙන් පමණක් රුපියල් ලක්ෂ 66,500 ක් ගසා කෑවා කියල ඒ කොන්ත්‍රාත් බාරව හිටපු චීන සභාපතිම කියලත් තිබුණා (බ)
ලංකාවේ දේශපාලකයන්ගේළමයිනුත් පටන් ගන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලයි.. (කෞ)
නැවත නැවතත් ඉල්ලන්නේ කරුණා කරලා දැන්වත් දුෂණ සොයන්න ජෙනේරල් සරත් ෆොන්සේකාට බාර දෙන්න කියලයි.එතුමා රට වෙනුවෙන් ඒ කාර්යය ලස්සනට කරයි. (කෞ)
අපි කාටත් සහයෝගය දුන්න .නමුත් කතාවක් තියෙනවනේ මීයක් කඩනකොට අත ලේවකනවනේ කියල .නමුත් මීය කාලා ජනතාවට අතලෙවකන්න දෙන එක හොද නැහැනේද (කෞ)
මට පුදුමේ තවමත් කඹ හොරුන්ට සහයෝගය දෙන රටේ "බත් කන නියම හරක්" ඉන්නවනේ කියලයි. (කෞ)
ලංකානාථ, මෝඩ කතා කිය කියා ඉන්නෙ නැතුව ප්‍රවෘත්තිය හරියට කියවන්න. ලංකාවෙන් ලැබුණු කරුණු ප්‍රමාණවත් නොවන බවත් එම සල්ලි අපරාධ හෝ නීතිවිරෝධී ආකාරයෙන් හොයාගත් බවට තොරතුරු ලැබී නැති බවත් බැංකුව සඳහන් කර තිබෙනවාලු (නි)
අයවැය හරියට හදාගන්න බැරුව කොහොමද ඕවා හොයන්නේ කියලා හිතුණා (නි)
මෙවැනි අපරාධ කාරයන්ට විරුද්දව රටේම සංගයා වහන්සේලා ඉදිරියට එන්න ඕනේ කාලයක් මේක.අපේ සෝභිත හාමුදුරුවන් ගේ අපවත් වීම විසාල පාඩුවක්. (කෞ)
රටේ ලක්ෂ සංඛ්‍යාත අසරණ මිනිසුන්ගේ දැන ගැනීම පිණිස,කරුණ කරලා මේ ලිපිය ඉදිරියෙන්ම තියන්න. (කෞ)
මේ බැංකුව කරන්නේ බරපතල වැරැද්දක් නේද? මුදල් තියෙනවද කියලා බලලා තමයි හොයන්න ඕනෑ ඒ මුදල් ආවේ සාධාරණ මාර්ගයකින්ද කියලා. මේ වෙලාවේදී තැන්පත්කරු සාක්ෂි ඉදිරිපත් කළයුතුයි එම මුදල් ඉපැයුවේ සාධාරණව කියලා. (නි)
ලංකාවෙන් හොරකම් කල බවට සාක්කි අවශ්‍යයි. (ර)
තම රටේ බැංකුවල මුදල් තැන්පත් කිරීමට සමහර රටවල් විදේශිකයින්ට අවසර දී තියෙනවා.ඒ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරලා.ඒ රටවල් තමයි අද පොහොසත් රටවල්.ඒ අය තමයි අනිත් රටවල් වලට නීතිය සාමය සාධාරණය අවංක කම ගැන කියාදෙන්නේ.. (ස)
ලංකාවේ මිනිස්සු අනිත් අය වැරදි කරනවට කැමති නැහැ. නමුත් තමන්ට අවස්තාවක් ලැබුනොත් අනුන්ට ඇඟිලි දික්කරන අපි කරන්නෙත් ඒකම තමයි. නිදහස ලැබිලා අඩ සියවසක් පැනලත් තාමත් අපි ඉන්නේ වළේ. අනුන්ගේ දේවල් කතා කර කර අනුන්ගේ වැරදි පෙන්වන්න අපි සමත්. නමුත් රටට අවංකව වැඩකළ කී දෙනාද ඉන්නේ? (නි)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
අබ ඇටයක් තරම් වූ මේ සිරි ලංකාවේ පළාත ගැන අහන්නේ මක්කටෙයි? (ස)
අපොයි .. අපොයි .... ! ඕක කියන්නද මෙච්චරකල් තෙපරබෑවේ... (කෞ)