IMG-LOGO

ඩුබායි දුම්වැටියට ලක්ෂ දෙකක් දඩ

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිගරට් කාටුන් හයසීයක්  නීති විරෝධී ලෙස තම ගමන් මළුවල සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන්  දෙදෙනෙක් සහ  පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ කොළඹ ප්‍රදේශයේ පදිංචි අසැල්වැසියන් බව රේගුව කියයි.

මොවුහු ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන්යානායෙන් මෙරටට පැමිණ ඇත

රේගු නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස  ප්‍රශ්ණ කිරීමේදී ඔවුන්  පවසා ඇත්තේ තමන් හතර දෙනා ඩුබායි වල සේවය කරන බවත් එම ස්ථාන වලින් නිමාඩු ලබා සිටියදී තැරැව්කරුවෙකු ශ්‍රී ලංකාවට ගොස් ආපසු ඒමට  නොමිලේ ගුවන්ටිකට් පත් ලබා  දී මෙම සිගරට් කාටුන් තොගයද ලබා දුන් බවයි.

මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතා විසින්  සැකකරුවන්ට රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කොට එම සිගරට් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධක මහතාගේ උපදෙස්  මත  නියොජ්්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන්  සහකාර රේගු අධිකාරීවරුන් වන  එම්.ඒ.ඩී ප්‍රනාන්දු, ඒ.ඒ නානායක්කාර, එච්.එම්.සී.ආර් කරුණාරත්න, එම්.සිරිවර්ධන යන  රේගු නිලධාරිහු සිදු කරති.
 

 



අදහස් (0)

ඩුබායි දුම්වැටියට ලක්ෂ දෙකක් දඩ

සෑම් Wednesday, 11 June 2014 12:49 PM

කාටන් හයසීයක්? මේවා ගමන් මලුද එහෙම නැත්නම් අඩි හතළිහේ කන්ටේනර්ද? (ස)

:       0       0

අරෝෂ් Wednesday, 11 June 2014 05:47 AM

පේනවනේ ඉතින්, මේ මිනිසුන් කොච්චර කිවුවත් හැදෙන්නෙ නැහැනේ.... (නි)

:       0       0

කෝසල Wednesday, 11 June 2014 04:05 PM

අරක්කු සිගරට් තහනම් කරන එක පටන් ගන්න ඕනෑ නීතිය රකින තැන් වලින්. ඒ තැන් වල මතට තිත පටන් ගත්තා නම් ඒ කාර්යයත් ඉක්මනට කරන්න පුලුවන් වේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 484 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site