රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිගරට් කාටුන් හයසීයක් නීති විරෝධී ලෙස තම ගමන් මළුවල සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ කොළඹ ප්‍රදේශයේ පදිංචි අසැල්වැසියන් බව රේගුව කියයි.
මොවුහු ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන්යානායෙන් මෙරටට පැමිණ ඇත
රේගු නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන් හතර දෙනා ඩුබායි වල සේවය කරන බවත් එම ස්ථාන වලින් නිමාඩු ලබා සිටියදී තැරැව්කරුවෙකු ශ්‍රී ලංකාවට ගොස් ආපසු ඒමට නොමිලේ ගුවන්ටිකට් පත් ලබා දී මෙම සිගරට් කාටුන් තොගයද ලබා දුන් බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතා විසින් සැකකරුවන්ට රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කොට එම සිගරට් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධක මහතාගේ උපදෙස් මත නියොජ්්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ.ඩී ප්‍රනාන්දු, ඒ.ඒ නානායක්කාර, එච්.එම්.සී.ආර් කරුණාරත්න, එම්.සිරිවර්ධන යන රේගු නිලධාරිහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටන් හයසීයක්? මේවා ගමන් මලුද එහෙම නැත්නම් අඩි හතළිහේ කන්ටේනර්ද? (ස)
පේනවනේ ඉතින්, මේ මිනිසුන් කොච්චර කිවුවත් හැදෙන්නෙ නැහැනේ.... (නි)
අරක්කු සිගරට් තහනම් කරන එක පටන් ගන්න ඕනෑ නීතිය රකින තැන් වලින්. ඒ තැන් වල මතට තිත පටන් ගත්තා නම් ඒ කාර්යයත් ඉක්මනට කරන්න පුලුවන් වේවි (නි)