කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගමන් කළ වාහනයක් මතට මාර ගහක් කඩා වැටීම නිසා මාර්ගය ඇහිරී දැඩි වාහන තදබදයක් හටගත් බව පොලිසිය කියයි.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.
ගාල්ල දික්කුඹුර මාකුඹුර පාරේ අඹ ගසක් පාර හරහා කඩා වැටී විදුලි හා දුරකතන රැහැන්වලට ද විදුලි කණුවලට ද හානි විය. වාහන ගමනාගමනය ද පැය කිහිපයකට නතර විය.
ඉමදූව ප්‍රාදේශීය සභාවට අනතුරු දායක ගස් කිහිපයක් ද ඉවත් කළේය.
කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක ද ගස් කිහිපයක් කඩා වැටී තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙවණ හා පරිසරය සුරැකීම අවශ්‍යම දෙයක්.විශේෂයෙන්ම කොළඹ නගරයේ රුක් රෝපනයේදී ,කඳ මහතට හා උසට නොවැඩෙන ගස් තෝරාගැනීම ඉතා යෝග්‍යයි. (නි)
කාටවත් අනතුරක් නැහැ වගෙයි. හැමෝටම බුදු සරණයි! (නි)
වාහනයේ ගිය උදවියට අනතුරක් නැහැ කියා සිතනවා. (නදී)
මේ වාර්තාවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ රථයේ හිටපු අයට මොකද උනේ කියලා. (නදී)
කොළඹ නගරයේ අවුරුදු 100 ට 150 ට පමණ හා ඊටත් වඩා වයස ගස් තිබෙනවා. නමුත් ඒවා නිසි ලෙස කප්පාදු කිරීමක් නම් කවදාවත් කෙරෙන්නේ නැහැ. (නි)
පාරවල් දෙපස ඇති පැරණි ගස් සියල්ල ඉවත් කළ යුතුයි.(දිල්)
කොහොමද මෙවැනි අනතුරු මේ දවස්වල බරපොරොත්තු විය හැකියි. ප්‍රවේසම් වෙන තරමට ගුණයි (නදී)
ඉන්දුලට ඇස හරියට පෙන්නේ නැද්ද ? කාර් එකද්ද ත්‍රි විල් එකක් ද කියල අඳුර ගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නවා කිවහමත් පුදුම හිතෙනවා !!!(අ)
මම හිතන්නේ ඉන්දුල මහතා මෙතන මතුකරන තර්කය වන්නේ මෙම මෝටර් රථ වර්ගය ත්‍රිරෝද රථ වගේම සවි ශක්තියෙන් අඩු ඒවා කියා විය හැකියි.(අ)
ඉන්දුල කේ්.වී 765 උඩ රූපය කාර් එකක්. ඒ ඒ ජී 6260 පහල රූපය ත්‍රීවීල් එකක් (නදී)
මේ දවස්වල කොළඹ හැම තැනම ප්මෙන්ට් කඩලා පාරවල් කඩලා. ඉතින් බිම් මට්ටමින් යට බුරුල් වෙලා තියෙන්නේ (නදී)
මේවා හොඳ පාඩම් ඔය ලොකු පුටුවල අයට (නි)
ත්‍රීවීල් එකේ ගිය කෙනෙක් මැරුණ බව ආරංචියි.කාර් එකේ ගිය අයට අනතුරක් නැතිලු.(දී)
මේ චන්දිමාලා ජනකලා මොනවා කතා කරනවද මන්දා පොඩි කිරි සප්පයෝ වගේ (නදී)
මේ වගේ බාල වාහන විනාශ වෙනවා දැකීමත් සතුටක් (අ)
වාහන මොනවා වුණත් එහි වගකීම පවතින පාලන අධිකාරිය වගබලා ගනිත්වා! (නි)
වාහනයේ කවුරුවත් ඉදල නැතිද..?ඇයි ඒ ගැන සදහනක් නැත්තේ...? කිසි වෙකුටත් අනතුරක් නැතිව ඇති කියා සිතනවා...!! (නදී)
අනිත් ගසුත් වැටෙයි වගේ (නදී)
ජූඩ් කිව්වා වගේ, මේ දවස් වල ගස් වලට අසනීප හැදෙනවා,ගස් කඩා වැටෙනවා,හරි ජරමර ! (නදී)
මේ ගහ කඩන් වැටෙන්න තිබුනේ රක්ෂිත වනාන්තර වල ගස් කපා පරිසර විනාශය සිදුකරන ගස් පාලුවෙකුගේ ඔලුව උඩට. (නදී)
බලන් කඩතුරා හැර දෑසේ. ඉන්දුල හරිද? නොම්මර 2 ක වාහන දෙකක්. (නදී)
පුවතට / ඡායාරූප අනුව කාර් r එකක් සහ ත්‍රී රෝද රියක් අනතුරට ලක්ව තිබෙනවා. (නදී)
"ත්‍රීරෝද රථයක් ද මේ" නැහැ ජම්බෝ ජෙට් එකක්. (නදී)
ත්‍රීරෝද රථයක් ද මේ (නදී)
ඉන්දුල, මෙය කාර් එකක්. ත්‍රීරෝද රථයක් නොවේ. (නි)
අපොයි ජීවිත හානි නැත්තම් හොඳ කාරෙකක් නම් ගන්න පුළුවන්(දිල්)
ජීවිත බේරුනු එක නම් වාසනාවක්. (නි)
වාහනයේ ගිය අයට මොකද වුණේ ? (නි)
වාහනේ ගිය අයට මොකද? (නදී)