කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ලෙස පෙනී සිටිමින් සැකකරුවකු කුරුඳුවත්ත පොලිසියෙන් නිදහස් කරගැනීමට තැත් කළැයි කියන අයෙක් අත්අඩංගුවට ගැනීමට සොයයි.
පොලිසියට දුරකථන ඇමතුමක් දුන් එම පුද්ගලයා ඉල්ලා ඇත්තේ සැකකරු තම පියාගේ හොඳ හිතවතකු නිසා මුදාහරින ලෙසයි. පොලිස් පරීක්ෂක පිළිතුරු දී ඇත්තේ එසේ කළ නොහැකි බවයි. එහෙනම් උසාවියේදී ඇප ඉල්ලූ විට විරුද්ධ නොවන්නැයි එම පුද්ගලයා පොලිසියෙන් ඉල්ලා ඇත.
මේ ගැන සැක සිතූ පොලිසිය ඇමැතිගෙන් විමසා ඇත. ඇමතුම දුන් දුරකථන සමාගමෙන් තොරතුරු ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඇමති කෙනෙක් වෙලා හිටපු කෙනෙක්ද දන්නේ නෑ. පරණ පුරුදු ලේසියෙන් අමතක කරන්න බැහැනේ, . පේන්නෙ නැද්ද කී දෙනෙක් ඉන්නවද තමන් පරණ කෙනාමයි කියල හිතාගෙන. (ර)
මම හිතන්නේ පොලිසියත් කලේ වැරද්දක්. මොකටද ඇමතිගෙන් විමසල බලන්නේ. (ර)
ඔරිගීනල් කෙනා කිවානම්... (ර)