IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපටය ගාල්ලේදී හා බෙන්තොටදීත් shoot කළා

2016-11-27-ent-102

ට්‍රම්ප් සිනමා නළුවකු ලෙස අවතීර්ණ වන මුල්ම චිත්‍රපටයට ශ්‍රී ලාංකික නෑකමක් පැවතීම සුවිශේෂී වන්නේය.

2016-11-27-ent-103සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සම නිෂ්පාදනය කළ ‘GHOSTS CAN^T DO IT’ චිත්‍රපටයේ ඩොනල්ඩ් ට්‍රම්ප් රංගන ශිල්පියකු ලෙස සිය කුළුදුල් රංගනය ඉදිරිපත් කළේය. ඒ 1990 වසරේදීය.

ඒ පිළිබඳ මතකය අවදි කරමින් චන්ද්‍රන් රත්නම් හදසරට දැක්වූයේ මෙවන් අදහසකි.

“1980 දී මට හැකියාව ලැබුණා හොලිවුඩයේ MGM ස්ටූඩියෝ නිර්මාණය කළ TARZAN THE APE MAN චිත්‍රපටය ලංකාවේ දර්ශන තලවල රූපගත කරන්නට ඔවුන්ව එකඟ කරගන්නට. ඔවුන් කලින් සැලසුම් කර තිබුණේ චිත්‍රපටය අප්‍රිකාවේ රූපගත කරන්නටයි. ටාසන් චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ රිචඩ් හැරිස් සහ බෝ ඩෙරෙක්ය. බෝ ඩෙරෙක්ගේ සැමියා විසින් කැමරාගත කරනු ලැබූ ටාසන් චිත්‍රපටය රූපගත කළේ මහනුවර උඩවත්ත කැලේ ප්‍රදේශයේදීය.

මෙයින් ඇරඹුණු මගේ හෝ ඩෙරෙක් යුවළ අතර තිබුණු බැඳීම හා හිතවත්කම දිනෙන් වැඩිවුණා. 1980 දශකයේ අග භාගයේදී ඩෙරෙක් තවත් අලුත් චිත්‍රපටයක් තනන්නට සුදානම් වූ විට ඒ සඳහාද සම නිෂ්පාදකයෙක් හැටියට සම්බන්ධ වන්නට මට ආරාධනා කළා. මම ඒ ඇරයුම පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ‘GHOSTS CAN^T DO IT’ චිත්‍රපටය බිහිවුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මට මුලින් මුණගැසුණේ මේ චිත්‍රපට ව්‍යාපෘතියේදී. චිත්‍රපටයේ බොහෝ දර්ශන රූගත කළේ ගාල්ල හා බෙන්තොට ප්‍රදේශයේදී. මාලදිවයිනේ හා අමෙරිකාවේද තවත් කොටස් රූගත කෙරැණා. ට්‍රම්ප් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ බෝ ඩෙරෙක්ගේ මිත්‍රයකුගේ යෝජනාවක් මත. ට්‍රම්ප් ඒ වනවිටත් මහා පරිමාණ, කාර්යබහුල ව්‍යාපාරිකයෙක්. ට්‍රම්ප්ගේ චරිතය කතාවට බද්ධ කරගැනීම සඳහා තිර පිටපතේ යම් යම් වෙනස් කිරීම් සිදුකළා මට මතකයි. ට්‍රම්ප්ගේ කාර්යබහුලත්වය නිසා ඔහුගේ චරිතයට අදාළ දර්ශන සියල්ල රූපගත කළේ ඔහුගේම TRUMP TOWER ගොඩනැගිල්ලේදීමයි. දවසක් මුළුල්ලේම රූපගත කිරීම් සිදුවුණා.

ට්‍රම්ප්ගෙන් චිත්‍රපටයට විශාල දායකත්වයක් ලැබුණා. ඒත් ඊට දින දෙකකට පසුව අපට අසන්නට ලැබුණේ ඉතාම අවාසනාවන්ත ආරංචියක්. ට්‍රම්ප්ගේ දර්ශන රුගත් දළ සේයාපට සියල්ලම යම්කිසි හේතුවක් නිසා හානි වී තිබෙන නිසා ඒවා යථා තත්ත්වයට පත්කළ නොහැකි බව රසායනාගාරයෙන් අපට දැනුම් දුන්නා. අපි ඒ බව ට්‍රම්ප්ට පැවසූ විට ඔහු කිසිදු ගැටලුවක් නැතිව අපේ තත්ත්වය තේරැම් ගත්තා. දින දෙක තුනකින් ඔහු අපට ඔහුගේ කාර්යබහුල කාර්ය සටහනෙන් අපට තවත් දවසක් ලබාදුන්නා. ඒ අනුව චිත්‍රපටය සඳහා ඔහු දෙවරක් දායකත්වය ලබාදුන්නා. ඔහු හා වැඩකිරීමේදී ඒ සුහදශීලී අත්දැකීම මට අද වගේ මතකයි.”

ඒත් බලාපොරොත්තු වූවාට වඩා චිත්‍රපටයට එරෙහිව ලැබුණු විවේචන බොහොමයක් තිබුණා. ආර්ථික අතින් චිත්‍රපටය සාර්ථක වූවාට, ඒ සඳහා ලැබුණු අසුබවාදී ප්‍රතිචාර බොහෝයි.

 

2016-11-27-ent-105

 

1991 මාර්තු මස පැවැති 11 වන ගෝල්ඩන් රාස්ප්බෙරි සම්මාන උළෙලේදී GHOSTS CAN’T DO IT චිත්‍රපටයේ රංගනය සඳහා සම්මාන දෙකකට ට්‍රම්ප්ගේ නම යෝජනා වී තිබුණා. ඒ නරකම (චාටර්ම) සහාය නළුවා සහ නරකම (චාටර්ම) නවක නළුවා සඳහාය. ට්‍රම්ප්ට ඒ දෙකෙන් හිමිවූයේ WORST SUPPORTINBG ACTOR නරකම සහාය නළුවා සම්මානයයි. එයින් නොසැලුණු ට්‍රම්ප් ඉන්පසු චිත්‍රපට 12කට හා ටෙලි නිර්මාණ 14කට සිය දායකත්වය ලබාදුන්නා.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි දැවැන්ත චරිත හා කරට කර වැඩ කිරීමේ භාග්‍ය ලැබූ චන්ද්‍රන් රත්නම් ඔහුගේ සිනමා දිවිය තුළ ලෝක සිනමාවේ දැවැන්තයින් සමඟ කලා නිර්මාණවලට දායකත්වය ලබාදී තිබෙනවා.

ස්ටීවන් ස්පීල්බර්ග්, ජෝර්ජ් ලූකස්, ජෝන් මිලියස්, ජෝන් බූමන්, රේගිස් වෝනියර්, කැතරීන් ඩෙනවෝ, නික් නෝල්ට්, හැරිසන් ෆෝර්ඩ්, රුෂෙල් වෝඩ්, නිකොල් විලියම්සන්, ජෙරල්ඩින් චැප්ලින් වැනි ලෝ පතල චරිත සමඟ චන්ද්‍රන් රත්නම් නිර්මාණකරණයේ යෙදී තිබේ. ඒ වාගේම ඒ නිර්මාණ සඳහා ජාත්‍යන්තර සම්මාන පවා ලබා තිබීම විශේෂයකි.

ඇල්ස්ටන් හා ජැකලීන් ප්‍රධාන චරිත නිරූපණය කරන චන්ද්‍රන්ගේ ‘එකෝඩිං ටු මැතිව්’ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම ප්‍රදර්ශනය වීමට නියමිතය. ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය වන TOOMAI OF THE ELEPHANTS හි රූගත කිරීම් ළඟදීම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තයේ දී ආරම්භ වනු ඇත.

සමන් වීරමන් සමඟ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ අතර එය මේ වනවිට සාර්ථක ලෙස ඉන්දියානු සිනමාහල් රුසක තිරගත වේ.

 

රමේෂ් උවයිස්

 

2016-11-27-ent-104
2016-11-27-ent-101
2016-11-27-ent-100



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපටය ගාල්ලේදී හා බෙන්තොටදීත් shoot කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 639 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site