“අපේ සිනමාව වැටිල නැහැ. හොඳ නිර්මාණ බිහිවෙනවා නම්, ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් සිටිනවා. අලුත් අවුරුද්දේ රජය මැදිහත් වී ක්‍රියාත්මක කළයුතු බව චිත්‍රපට අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත මහතා පැවැසුවා.
-
හැම නගරයක්ම ආවරණය වන පරිදි රට පුරාම සිනමාහල් 100ක් බිහිකිරීමට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි.
-
චිත්‍රපට නිෂ්පාදනයට පැමිණෙන අලුත් නිෂ්පාදකවරුන් රැකගැනීමට ණය සහනත්, ඔහු විසින් වියදම් කළ මුදලට ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රතිලාභ නිෂ්පාදකට හිමිවන ලෙසත් නීති සංශෝධනය කළ යුතුයි.
-
චිත්‍රපට නිෂ්පාදකට චිත්‍රපටයෙන් ලැබෙන ආදායමෙන් 50%ක් ලබාදීමත්, බෙදාහැරීමේ ආයතනවලට ලැබිය යුතු ආදායමේ කොටස 2.5% දක්වාත් අඩු කළ යුතුයි.
-
අතින් ටිකට් කඩන බොහෝ සිනමා ශාලාවල ආදායම සොරකම් කිරීම් වැඩියි. මෙවැනි වරදක් සිනමාහලක සිදුවී හෙළිදරව් වූ විට, එම සිනමාහල ගෙවිය යුතු දඩය "හවුස් ෆුල්" දර්ශනයක ආදායමට සමාන වන ලෙස ගණනය කොට, එම මුදල නිෂ්පාදකට ලබාදිය යුතුයි. යාවත්කාලීන වූ මධ්‍යගත ඊ ටිකට් ක්‍රමවේදයක් වහාම ස්ථාපිත කළ යුතුයි.
-
දැනට අසරණ කලාකරුවන්ට චිත්‍රපට සංස්ථාවෙන් මාසෙකට රු.2000 ක් ලබාදෙනවා. මාසෙකට ටෙලිවිෂන් නාළිකාවල චිත්‍රපට 40ක් පෙන්වනවා. මාසෙකට ටෙලිවිෂන් නාළිකාවල පෙන්වන චිත්‍රපට ප්‍රදර්ශන වාරයකට එම නාළිකාවෙන් රුපියල් 10,000ක බද්දක් අය කරලා එම මුදල අර අසරණ කලාකරුවන්ගේ අරමුදලට බැර කරලා එක් කලාකරුවෙක්ට මාසෙකට දෙන මුදල රුපියල් 10,000ක් කළ යුතුයි.
- අසරණ වුණ රණවිරුවන්ට රණවිරු නිවාස තියෙනවා. රජයෙන් පාලනය වන වැඩිහිටි නිවාස, ළමා නිවාස තියෙනවා. ඒත් සැදෑසමය ගතකරන කලාකරුවන් වෙනුවෙන් කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් නැහැ. ඒ නිසා කලාකරුවන් වෙනුවෙන් රජය මැදිහත්වී නිකේතනයක් බිහිකළ යුතුයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd