IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන

(ගයාන් සූරියආරච්චි)

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට මන්නා පහරක් එල්ල තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර් ශවයේ කිසිවකු විසින් පොලිසියට පැමිණිලිකර නොතිබුණු බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්  ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පැති කඩ තුනකින් විමර්ශන ආරම්භ කර ඇති අතර අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන බව ද එම උසස් නිලධාරියා කීය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පවුලේ සාමාජිකයන් ඇතුළු 10 දෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට එරෙහිව සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී බැණවැදීම් සහ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

මීට අමතරව ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහහෝදරයකු මීට වසර කීපයකට පෙර කපා කොටා ඝාතනය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද පවතින අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පිය-පුතු දෙපළකට චෝදනා එල්ලවී තිබූණි. මෙම ඝාතන සිද්ධියත් සමග පොලිසිය විසින් එම පිය-පුතු දෙපළට විදේශ ගතවීම තහනම් කරමින් සහ ඔවුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශනය කිරීමට අවසර ඉල්ලා අධිකරණයෙන් කළ එල්ලීමකට අද (23) අවසර ලැබී ඇති බවද පොලිසිය පවසයි.

ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඔහුගේ පුංචි අම්මා පදිංචිව සිටි කොළොන්නාව ලක්සද සෙවණ නිවාසට සංකීර්ණයට පෙරේදා (22) රාත්‍රී පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් හෙල්මටයක් පැළැද ආ එක් අයකු එම නිවාස සංකීර්ණයේ තෙවන මහලට පැමිණ ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

එම එහිදී පපු ප්‍ර දේශයට වෙඩි උණ්ඩ 2 ක්ද උරහිස ප්‍ර දේශයට උණ්ඩ 2 ක් සහ කකුල ප්‍ර දේශයට එක් උණ්ඩයක් ද වැදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

එහිදී  තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

සැකකරුවන් වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී උණ්ඩ කොපු 5 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් නුගේගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයම්පත්, වැල්ලම්පිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් 6 ක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (4)

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන

බණ්ඩා Wednesday, 23 April 2025 05:26 PM

ඔච්චර අපරාධ කරන්න කන්ජිපානි කොහොමද ඇප ලබාගෙන එළියට ආවේ...?

:       0       39

ජිල්බු Wednesday, 23 April 2025 06:36 PM

ගොනාකෝවිලේ රොහා 2.0 වගේ තමයි.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 April 2025 06:09 PM

මේ එළඹෙන්නේ සාක්ෂි මකන යක්ෂයාගේ හෝරාවයි. ඔබ පණ වුණත් දෙන්න ලෑස්ති වූ ඔබේ ආදරණීය දේශපාලකයාම ඔබට එරෙහිව අවි අමෝරන ස්වභාව ධර්මයා විනිශ්ච ආසනය මත වැඩ සිට නඩු අසන වේලාවයි.

:       0       0

බකල ජයා Thursday, 24 April 2025 09:56 AM

මේසපන්දු ටේබල් එකක් සල්ලිවලට ගත්ත. තවත් දුඹුරු පාට බොරු කොණ්ඩයක් වගේ උපකරණත් ගත්ත. එහෙම තමයි එලියට ආවේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site