ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව විවෘත කිරීමේ හා ඩඩ්ලි සේනානායක වටරවුම නම් කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවැසීය.
පිළිරූ හදනවා වගේම මේ චරිත නව පරපුරට , පාසල් දරුවන්ට, රාජ්‍ය දේශපාලනයට උගන්විය යුතුයි.
අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, රුක්මන් සේනානායක, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජී එල් පීරිස්, උදය ගම්මන්පිල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු එහි වුහ.
ජායාරූප - ශාන්ත රත්නායක
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියමින් අහිංසක ජනතාවගේ ඡන්දය මංකොල්ලකාගෙන බලයට පත්වී රටේ සාරය උරාගෙන බීලා ඉතුරු සාරය මතු පරම්පරා වලටත් විවිධ තැන් වල සඟවා තැන්පත් කරන්නේ කවුදැයි අපි දැන් දන්නවා (නි)
එතුමා පිදියයුත්තන් පුදන්න දන්නා කෙනෙක් (නි)
ඔබල දන්නවද සර් ජෝන් කොතලාවල ට බලය ලැබෙන්න හෙතු වුනේ මොකක්ද කියල. (ර)
ශ්‍රේෂ්ඨ නායකයෙකුට ගෞරව කිරීම අනික් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ගතියක්. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මමත් ඔතනින් යන සෑමවිටම ඔය පිළිරුවට හිස නවනවා. (නි)
මේ අයගේ සොඳුරු සිනහව ගැන ජනවාරි 8 පෙරළිය කළ මිනිසුන් මොනවා සිතාවිද? (නි)
හිටපු ආරක්ෂක ලේකම් මෙතනට එන්නේ මොකටද? (නි)
'හිටපු ආරක්ෂක ලේකම් මෙතනට එන්නේ මොකටද' අහනවා. ඔය කිවුවේ දවසේ කියමන. එයා හිටපු ආරක්ෂක ලේකම්. මේ හිටපු අගමැති. ලුම්බිණි, ඉතිහාසය දන්නවද? (නි)
මේ අයගේ සොඳුරු සිනහව ගැන ජනවාරි 8 පෙරළිය කළ මිනිසුන් මොනවා සිතාවිද කියලා අහනවා. සිතාවි නොවෙයි ඒගොල්ලෝ සිතනවා ඇති අපි කරගත් ලොකුම ගොන්කම කියලා. (නි)
හිටපු ආරක්ෂක ලේකම් ආවෙ ඇයි අහනවා. ආව එක අගයකරන්නයි ඕනෑ. ආනන්ද සංගරී මහතත් ඉන්නවා. ඒව අගය කළයුතු දේවල් (නි)
හිරේ යකඩ කුරු ගණන් කර කර ඉන්න ඕනේ කි දෙනෙක් මෙතන ඉන්නවද?හරිම දුකයි.(ම)
අඩි 6 ක් පොළොව යට වැලලෙන්න ඉඩ නුදුන්න පාප කර්මයට අත ගහපු අපිට ඒ පව ගෙවලා නිම කරන්න මේ ආත්මයේදී බැරි වේවි.. (ම)
අපේ අනාගත නායක ගෝඨාභය සර්ට ජය වේවා! (නි)
රටට අාදරය කළ, රටම අාදරය කළ අවංක නායකයෙක්. (නි)
අර සමහරුන්ට නම් මොකට අාරාධනා කළාද මන්දා? (නි)
චානක ලොස් ඇන්ජලිස්වල ඉඳන් දන්නා දේවල් අපි ලංකාවේ ඉඳලත් දන්නේ නැහැනේ. එකක් නම් ෂුවර් එකටම දන්නවා. ඔය හැම කතාවක්ම අපිව රවටන්න කරන ඒවා බව. කිසිම කෙනෙක් හිරේ වැටෙන්නේ නැත. (නි)
මට සමාවෙන්න කියලා සමහරු හිත යටින් කියනවා ඇති. (නි)
මීළඟට පත්වන රජයෙන් නැවතත් නෙලුම් පොකුණ මාවත වගේ වෙනස් කරමු (නි)
මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ට අනුකම්පාකර බත් දුන් පියා ඔහුයි. ඔහු අහිංසක මිනිසෙක්. දන්නා තරමින් ඔහු පවක් නම් කළේ නැත. මෙතුමා අපි කෙසේ අමතක කරම්ද. (නි)
සිංහල අලුත් අවුරුද්ද තියන තාක් කල් සිංහල ජාතිය තියන එය තාක් කල් මෙතුමා අමතක නොවේ.එතුමා මිය ගියේ සිංහල අලුත් අවුරුද්ද ලබත්දී. (ම)
බැසිල් ඇමරිකාවට ගියේ නැතිනම් බැසිලුත් එනවා.රට ගැන නම් පුදුම දුකක් තියෙන්නේ.සත්තකින්ම.(ම)
කට්ටිය යාළුවො වගේ. අපරාදේ අපි මෙහේ ඡන්දෙ වෙනුවෙන් මරාගන්නවා (නි)
අපගේ උපහාරයයි මේ.(හේ)
නායකයන් එකට කකා බිබී සිනාසෙනවා. නමුත් අවාසනාවකට ගමේ මිනිසුන් ‘ඕකා ශ්‍රී ලංකා කාරයා, ඕකා යු එන් පී කාරයා‘ කියලා අල්ලපු ගෙදර මනුස්සයටත් වෛර කරනවා (නි)
එතනදි අහවලා කී කතාවෙන් සමහරුන්ගේ හිත රිදුනද මන්දා. (නි)
මෛත්‍රී මහත්තයාගේ හිනාවත්, ගෝඨා මහත්තයාගේ හිනාවත් මට නම් ඇල්ලුවේ නැහැ (නි)
මෙතුමන්ලා ගැන දැන්වත් හිතපු එක ඉතාමත් හොඳ සද්ක්‍රියාවක්! (නි)
පිදියයුත්තාට පිදීමත් හොඳ මහත්මා ගුණයක් (නි)