නුදුරේදීම නිකුත් කිරීමට සැළසුම්කර ඇති ඩිජිටල් ජාතික හැඳුනුම්පත් සදහා වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 160 ක් දෙනා සුදුසුකම් ලබා ඇතැයි ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ජානක අමරසිංහ මහතා පවසයි.
2011 වසරේ සංගණන වාර්තා වලට අනුව මෙම පුද්ගලයින් පිරිස තෝරාගෙන තිබෙන අතර 2016 වසර වන විට ඔවුන් අතට ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ලබාදීමට නියමිතය.
හඳුන්වාදීමට යන නව ජාතික හැඳුනුම්පතේ අයිතිකරුගේ ඡායාරූපයක්, භාෂා 3 න්ම ලියැවී ඇති ඔහුගේ තොරතුරු,හැඳුනුම්පත කල් ඉකුත්වීමේ දිනය හා අයිතිකරුගේ ඇගිලි සළකුණ අන්තර්ගත වේ.
පැරණි ජාතික හැඳුනුම්පත් වල තිබෙන දුර්වලතාවයන් වන එකම අංකයෙන් හැදුනුම්පත් 2 ක් සකස් කිරීමට ඇති හැකියාව,පහසුවෙන්ම ව්‍යාජ ලෙස සකස් කිරීමට ඇති හැකියාව,ඇතැම් අවස්ථාවල හැඳුනුම්පතේ ඇති ඡායාරූපය ඇසුරෙන් හිමිකරු හදුනාගැනීමට අපහසුවීම යනාදියට විසදුම් මේ නව හැඳුනුම්පතෙන් ලැබෙන බව ජානක අමරසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඩිජිටල් ජාතික හැඳුනුම් පත" කියනවට වඩා ජාතික "ඩිජිටල් හැඳුනුම් පත" වශයෙන් ලිවීම වඩාත් යෝග්‍ය වේ.(දිල්)
මගෙ බිරිඳගේ පරණ හැඳුනුම්පතේ එයාගේ වාසගමේ එක අකුරක් වරද්දලා තිබුනා. මේ අකුර වෙනස් කරගන්න ඔය ආයතනය මාස 4ක් ගත්තා. මාස 4ක් තිස්සේ දුරකතනයෙන් කතා කරාම හැමදාම බොරු කිවුවා දැන් ඉවරයි, අද ලැබෙයි, හෙට ලැබෙයි, දැන් තැපැල් කරලා තියෙන්නේ කියලා....අන්තිමට අපි ගියාම මෙගොල්ලො කිසිම දෙයක් කරලා නැ මාස 4කට පස්සෙත්. අන්තිමට ඉඳලා ඉඳලා දීපු අලුත් හැඳුනුම්පතෙත් එම අකුරම වරද්දලා දීල තිබ්බ. ඒක පෙන්නපුවම හෙට අයෙත් එන්න කිවුවා. ඊළඟ දවසේ ගියාම ඒ අකුර හරියට හදලා හැබයි වෙන අකුරක් වරද්දල තිබ්බ. ඒ පාර එදා හවසට ආයෙත් එන්න කිවුවා. ඔන්න 3 වෙනි පාර නම් හරියට නම ලියලා තිබ්බ. 2016 වෙනකොට අලුත් හැඳුනුම්පත් ගන්න බලන් ඉන්න අයට දැනගන්නයි කිවුවෙ. වැඩිය බලපොරොත්තු තියන් ඉන්න එපා (බ)
මේ අලුත් හැඳුනුම්පත ගැන තවත් පැහැදිලි කලොත් හොඳයි නේද?(දිල්)
චන්දන මහත්තයෝ ඕකට කියන්නේ චන්දන ඇල්ලෙන් නාල කියල .(අ)
තෙන්නකොන්, වයස විතරන් නෙවෙයි උපන් දිනය සම්පූර්ණයෙන් කියන්න පුලුවන්. අවුරුද්ද, මාසය, දවස සහ ගැහැණුද, පිරිමිද කියලත් කියන්න පුලුවන් හැදුරුම්පත් අංකයෙන්.... (ර)
චන්දනගේ කතාව ඇත්ත. ලංකාවේ හුගක්ම රාජ්‍ය ආයතන ඔහොම තමයි වැඩ කරන්නේ. හැබැයි තමන්ගේ අයිතිවාසිකම් වලට නම් කෑගහගෙන වර්ජන කරනවා. තමන්ගේ යුතුකම මොකද්ද කියලා මතක නෑ.ලංකාව කවදාවත් හදන්න බෑ(අ)
චන්දනගේ පැමිණිල්ල වගකිවයුත්තන්ට යොමුකළා නම් හරිනේ! (නි)
හැඳුනුම්පතේ අංකයෙන් කෙනෙක්ගේ උපන් වර්ෂය දැනගන්න පුළුවන්. ඒකට ඉඩතියන්න එපා අලුත් හැඳුනුම්පතින්. (නි)
ඇයි තෙන්නකෝන්ට වයස හංගන්න හිතුනේ? (නි)
බයිලා නොගහ ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. හැදුනුම් පත් කාර්යාලෙ අයත් හොදින් රාජකාරිය කරන්න හිතේ තිය ගන්න. (ස)
අයිතිකරුගේ ඇගිලි සළකුණ අන්තර්ගත වේ. එක විතරයි විශේෂත්වය, පුද්ගලයාගේ ඇගිලි සලකුණ ලබාගැනීමට තියෙන හැකියාව නිසා පොලිසියට ඇගිලි සලකුණු ගන්න ඕනේ නැති එක මහා ලොකු වාසියක්නේ !!! (ස)
මෙම හැඳුනුම් පත නිකුත් කිරීමේදීත් මුස්‌ලිම් කාන්තාවන්ට කොණ්ඩය වසාගෙන ගත් ඡායාරූප ඉදිරිපත් කිරීමට ඉඩ දෙනවාද? ඔවුන්ට පමණක් එසේ ඉඩ දෙනවානම් මෙවැනි හැඳුනුම් පතකින් වැඩක් නැහැ නේද? එමෙන්ම මෙම හැඳුනුම් පත මහජනතාවට කරදරයකින් තොරව ලබා ගැනීමට ඉඩ සලස්වානවාද? නැතිනම් දින ගණන් රස්තියාදු වීමට සලස්වනවාද? ලංකාවේ රැකියාවෙන් බස් රථ රියදුරෙකු නොවූ මාහට, කුවේටයේදී බස් රථ පැදවීමේ බලපත්‍රය ලබා ගැනීමට යාම සිදුවූයේත් එකදිනක්. එය නැවත අලුත් කර ගැනීමට ගියෙත් එක දිනකි.මෙහෙ එසේ කල නොහැකි බව කියන පණ්ඩිතයන් සිටිනවා නම් කුවේටයේ අනුගමනය කල ක්‍රියා පිළිවෙත කියන්නම්. (ස)
මේ සඳහා එක් පුද්ගලයෙක් කීයක් වැය කරන්න ඔිනිද?. රියැදුරු බලපත් වලට නම් මේක යෝග්‍යයයි. (දිල්)
හැඳුනුම්පතට ජී පී එස් එකකුත් සවිකරානම් හොඳයි. (ස)
හොදම හොද වැඩක් දැන් ඉතින් හොර ඡන්දෙ දල ඉවරයි මෙයට මගේ සුබ පැතුම් (බ)
හොඳ වැඩක් (අ)
මේ ක්‍රම මැදපෙරදිග රටවල් එදා ඉදලම භාවිතා කරනවා අපේ රටවල් ප්‍රමාද වුණාට.පුද්ගලයකුගේ සියලුම තොරතුරු මේ හැදුනුම්පතෙන් අන්තර්ගතවෙලා තියෙන්නේ. ඒ නිසා හොර බොරුවක් කරන්න බැහැ ලෙහෙසියෙන්. (අ)