ඩෙංගු මර්දනය සහ ඩෙංගු රෝගි සත්කාරය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 40 ක් පමණ වෙතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහිපාල මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා පිහිටි රෝහල් වල රසායනාගාර පහසුකම් ක්‍රමවත් කිරිමටත් ඩෙංගු රෝගින් නිවැරදිව හඳුනා ගැනිමටත් ප්‍රතිකාර කිරිමටත් සහ ගුණාත්මක බව වැඩි කිරිමටත් මෙන්ම වාට්ටුවේම අධිසත්කාර ඒකක පිහිටු විමටත්, ඖෂධ සඳහාත් මෙම මුදල් භාවිතා කරන බව ඔහු කියයි.
තද උණ , හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්දි වේදනාව , ඔක්කාරය හා වමනය සමෙහි රතු පැහැ ලප හට ගැනිම ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ විය හැකි බැවින් පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ දිමෙන් වළකින ලෙස ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත වීරමන් මහතා පවසයි.
මාර්තු 26 -අප්‍රේල් 01 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය සැරසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd