(ආරියරත්න රණබාහු)
නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සම්පත් රජය සපයන බවත් අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.
මහජන නියෝජිතයින් දහස් ගණනකගේ සහාය ලබාගෙන ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීමට තිබුණ ද පළාත් සභා විසුරුවා හැර තිබීම නිසා රජයට ඒ සහය ලබා ගැනීමට නොහැකි වී ඇතැයි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21 000ක් පමණ සිටින බවත් ඉන් 8800ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සෞඛ්‍ය ඇමති?
අපරාදේ පඩි ගෙවල මහජන සෞඛ්‍ය නිලධාරීන් තියාගෙන ඉන්නේ. එයාලව විසුරුවා ඇරලා මහජන නියෝජිතයෝ තියාගන්නයි තිබුනේ? මේ දවස්වල කජ්ජ ගහේ තියෙද්දී පුහුලම බිම වැටෙන කාලේ නිසා.
ඩෙංගු මර්කෙට් කරලා එම ආයතන හොඳට හම්බ කරනවා මේ විදියට කෘමිනාශක ගැහුවොත් පරිසරය ඉවරයි ඩෙංගු ගැන වගකියන එක ආයතනයක් ඩෙංගු අඩු වුනොත් නම් වගකීම බර ගන්න කට්ටිය ඉන්නවා එන්න එන්නම්මේ විදියට ඩෙංගු වැඩිවෙන කොට මොනා හරි වැරැද්දක් තියෙන බව තේරුම් ගන්න ඕනෑ
ඩෙංගු මර්දනය කරගන්න බැරි, ආණ්ඩුව ඩෙංගු මදුරුවන්ගෙන් ගානක් අරගෙන හින්ද කියලයි මං හිතාගෙන හිටියේ. දැන් දිනේෂ් මැතිතුමා ඔන්න හේතුව පහදලා දීල තියෙනවා. පළාත් සභා ඡන්දෙ නොතිබ්බ හින්ද නේ මේක වෙලා තියෙන්නේ. ඇත්ත වෙන්න ඕන. ඒ ඡන්දෙ තිබ්බ නම් ඩෙංගු මදුරුවෝ උන්නැහේල වෙනුවෙන් ඡන්ද වැඩට බහින හින්ද උන්ට මිනිස්සුන්ට විදින්න වෙලාවක් නැතුව. ඩෙංගු නිකම්ම මර්දනය වෙනවා.
වැඩක් කරලා පෙන්නනවල. බයිලා ගගහ දේශනා තිය තිය රටේ වටේ ගියාට වැඩක් වෙන්නේ නෑ. නිකන් කාලේ කන රැලක් තමයි 2015 පස්සේ රට පාලනය කරන්නේ. තව එකෙකෙනෙක් මෙගා පොලිස් කියා කියා පාරවල් වල අලුතින් ඉරි අඳිනවා. එක තමයි ලොකුම සංවර්නධය.