(හර්ෂණ තුෂාර සිල්වා)
ඩෙංගු රෝගයෙන් කින්නියා ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි පළාත් සහා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද වනවිට රට පුරා ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වී ඇති බවත් ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු ක්‍රියාත්මක කර ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
කින්නියා ප්‍රදේශයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කළ බවත් ත්‍රිවිධ හමුදාව හා ප්‍රදේශයේ දේශපාලනඥයින් ද ඊට සම්බන්ධ වී සිටින බවත් ඒ මහතා කියයි.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(23) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා එම කරුණු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති කාර්ය සාධක බලකාය, දැන් පළාත් පාලන මාත්‍යාංශය. මේ සේරම එකතුවෙලත් ඩෙංගු මර්දනය බැරි ඇයි? හේතු ගොඩක් ඇති. ඒ හේතු හරියට තේරුම් අරගෙන ජාතික සැලැස්මක් හදල මේක ඉවරයක් කරන්න කාටවත් දැඩි උවමනාවක් නැහැ වගෙයි පේන්නෙ.
එතකොට කින්නියාවත් ලංකාවේ කෑල්ලක්ද?