(විනීතා එම් ගමගේ)

වසංගත තත්ත්වයෙන් ඩෙංගු රෝගය රට පුරා පැතිර යන මේ මොහොතේ වර්ජනයකට යාම සාදාරණ දැයි යළි සිතා බලන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයේ වෛද්‍ය නීලධාරින් ගේ සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 

රට පුරා ඇත රෝහල් සියල්ලෙහිම ඇඳක් සොයා ගත නොහැකි තරමට රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෞද්ගලික රෝහල් පවා ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය පවතින වාතාවරණය ගැන සිතා වර්ජනය තාවකාලිකව හෝ කල් දමන්නැයි ඉල්ලයි.